🍂 8𝐭𝐡 𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫

1.3K 299 8
                                    

𝗧𝗮𝗲 𝗵𝘆𝘂𝗻𝗴 ᵖᵒᵛ

අවුරුදු ගානකට පස්සෙ ආයෙත් ඒ ඇස් මගෙ ඉස්සරහ.මට කර කියා ගන්න දෙයක් නැතුව මගෙ පැන්චිට ගත්තු අයිස්ක්‍රීම් එක අරගෙන මම එහෙමම බලාගෙන හිටියා.

" මෙයා තමා මගෙ අප්පා..."

" අප්පා...මං ඔයාට කිව්වෙ..! අර එදා හම්බුණා කිව්ව යාළුවා...ඒ මේ අජුම්මා තමයි.."
මම දෙන්නා දිහා බලලා හිනා වුණේ පරණ මතකයන් ආයෙත් හිත ඇතුලෙ සෙල්ලම් කරද්දි.

මගෙ පැටියා දවසකට විතර කලින් එයාට යාළුවෙක් හම්බුණා කියලා කියලා තිබුණා.ඒත් ඒ සෝහිම වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ.

" ඉතින් කොහොමද? "
ලියාරා අයිස් ක්‍රීම් කාලා පාර්ක් එකේ සෙල්ලම් කරන්න දුවද්දී මමයි සෝහියි එතනම තිබුණ බෙන්ච් එකෙන් වාඩි වුණා.ඒ ඇස්වල කඳුළු පිරිලා.සතුටු කදුළු ද දුක් කඳුළු ද කියලා මටම හිතාගන්න බෑ.

" කොහෙද මෙච්චර කල් ගිහින් හිටියෙ?මම කොච්චර නම් තමුන්ව හෙව්වද?තමුන්ව හොයන් නොගිය තැනක් නෑ.යන්න පුළුවන් හැමතැනකටම ගියා.තමුන්ගෙ ගෙදරට එහා පැත්තෙ ගෙදර අජුම්මා තමයි කිව්වෙ තමුනුයි තමුන්ගෙ පවුලයි රට ගියා කියලා.ඇයි මට කියලා ගියෙ නැත්තෙ?තමුන්ගෙන් මැසේජ් එකක්,කෝල් එකක් එයි කියලා මං කොච්චර කල් බලන් හිටියාද?තමුන් දන්නවද ඒක?....."

මගෙ පැත්තට හැරිලා දබරැඟිල්ලෙන් මගෙ කෝට් උරහිසට ඇන ඇනම සෝහි කියවගෙන ගියා තොරතෝන්චියක් නැතුව.

එයා නම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ.ඉස්සර හිටපු සෝහිමයි.මගෙ හොඳම යාළුවා සෝහිමයි.ඒවගේම මගෙ පළවෙනි ආදරේ....

ඔව්.මම එයාට ආදරේ කරා.එයා මාව දැක්කෙ එයාගෙ හොඳම යාළුවා විදිහට.ඒත් මට අලුත් ජීවිතයක් දුන්න කෙනා දිහා මට යාළුවෙක් විදිහට බලන්න බැරි වුණා.දැකපු පළවෙනි දවසෙම එයා ගැන මට ඇති වුණේ අමුතුම හැඟීමක්.

කිසි යාළුවෙක් නැතුව ඉස්කෝලෙන් කොන් වෙලා හිටපු මේ කිම් ටේහියුන් කියන කොල්ලාගෙ හිත හදලා මනුස්සයෙක් කරේ එයා.සෝහි....මට යාළුවෙක් වගේම තවත් අම්මා කෙනෙක් වුණේ සෝහි.ඒ වගේම මගෙ පළවෙනි ආදරේ වුණෙත්..!

𝖯𝗋𝗈𝗆𝗂𝗌𝖾 | 𝖯𝖩𝖬 | ✔️Where stories live. Discover now