🍂18𝐭𝐡 𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫

1.3K 277 74
                                    

Jimin pov

ඉර එළියක් මූණට වැටෙනවත් එක්කම මට උදේ ඇහැරුණා.මම බලාපොරොත්තු වුණ උණුසුම නම් මන් ගාව තිබුණෙ නෑ.ඒත් එක්කම මගෙ මතකෙට ආවෙ ඊයෙ රෑ.සේරම චිත්‍රපටියක් වගේ මට පේන්න ගත්තා.

ඔයා දැන් මගෙම විතරයි...!

සෝහිගෙ උණ බැහැලද දන්නෑ.ඇහැරෙනකොට එයා මගෙ ලඟ හිටියෙ නැති නිසා මන් හිතුවෙ එයා පහල ඇති කියලා.

මම එහෙමම හිනා වෙවී හැරිලා හිටපු පැත්තෙන් අනිත් පැත්ත හැරෙනකොට ඇඳ ගාව ටේබල් එක උඩ තිබුණෙ ලියුමක්.මට ඒක බලන්න උවමනාවක් තිබුණෙ නෑ.ඔෆිස් එකේ ලියුමක් වෙන්න ඇති කියලා හිතලා මම ගිහින් වොෂ් එකක් දාගෙන ආවා.

මම නාගෙන ඇවිත් ඇඳුමක් ඇඳන් ඇඳ උඩින් ඉඳ ගත්තෙ ඉස්සරහට වැටුණ කොණ්ඩ ගස් දිගේ වතුර බේරෙද්දි.ඔලුව පිහදාපු ටවල් එක පැත්තකින් තියලා මම අර ලියුම අතට ගත්තෙ ඒක බලන්න තිබුණ කුතුහලය නිසා.

මොකද ඒක ලියමක් වගෙත් නෙවෙයි.කොලයක් දෙකට තුනට නවලා වගේ පේන්නෙ.මට එහෙම ලියුම් එවන්න ඉන්නෙ කවුද?එවනවා නම් ගෙදරට නැතුව කම්පැණි එකට යවන්න තිබුණනෙ.

මම ඒක අතට අරගෙන දිග ඇරියා.......

" ජිමිනා,

මට කියන්න නම් ගොඩක් දේවල් තියනවා.ඒත් මේ ඒකට කාලෙ නෙවෙයි.ඒකට කවදාවත් කාලයක් එන්නෙත් නැති වෙයි.මම ආයෙත් ඔයාට කරදරයක් වෙන්නෙ නෑ.මට දැන් තේරෙනවා ඔයා මට වෛර කරපු හේතුව.ඒක ගැන මට කලින් කියන්න තිබුණනෙ.එහෙම වුණා නම් මම ඔයාට කරදර කර කර ඉන්නෙ නෑ.ප්‍රශ්න දුර යන්න කලින් මම අයින් වෙනවා.

මට සමාවෙන්න මේ කිසි දෙයක් දන්නෙ නැතුව ඔයා එක්කම ඉන්න හැදුවට.ඒ වගේම ඊයෙ රෑ ගැන.ඒක මම හිතලා කරපු දෙයක් නෙවෙයි.ඒක සමාව ඉල්ලන්න පුළුවන් වැරැද්දකුත් නෙවෙයි කියලා මම දන්නවා.ඒත් මට සමාවෙන්න.මට ඔයාට මූණ දෙන්න බෑ ඒකයි මෙහෙම ලියන්නෙ.එදා මේක ගැන දැනගත්ත දවසෙම මට යන්නයි තිබුණෙ.මම එහෙම කරා නම් මෙච්චර දෙයක් සිද්ද නොවෙන්න තිබුණා.

අදින් පස්සෙ මගෙ කරදරේ ඉවර වෙයි.හැමදාමත් එයා එක්ක සතුටින් ඉන්න.දැන් ඔයාට ලොකු වගකීමක් තියෙනවා.ඒක ගොඩක් හොඳට ඉෂ්ට කරන්න.මම ආයෙත් එන්නෙ නෑ.

𝖯𝗋𝗈𝗆𝗂𝗌𝖾 | 𝖯𝖩𝖬 | ✔️Donde viven las historias. Descúbrelo ahora