🍃 15𝐭𝐡 𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫

1.4K 290 30
                                    

දවස් ගානක් හරි හමන් නින්දක් නැතුව වැඩ කරපු හින්දා බේත් පෙත්තක් බීලා නිදා ගත්තහම මට හොඳට නින්ද ගියා.උදේ නැගිටිනකොට ඇඟට දැනුනෙ හරි සනීපයක්.

තාම වෙලාවත් හයට විතර නිසා මම හිමීට වොෂ් එකකුත් දාගෙන ගේ අස්පස් කරන්න ගත්තෙ රූම් එකට ගිහින් බැලුවත් ජිමින් තවම ඇහැරලා හිටියෙ නැති නිසා.

ගේ හොඳටම හැඩි වෙලා.හොස්පිට්ල් එකේම හිටියා මිසක් මම ගෙදර ආවෙම නැති තරම්.එක්කො අත්තම්මාලගෙ ගෙදර නැත්නම් හොස්පිට්ල් එකේ.ගේත් සේරම අස් පස් කරලා දාලා,කෑමත් හදලා තියලා මම ජිමින්ගෙ රූම් එකට ගියෙ එයා ඇහැරලද බලන්න.

ඔව් එයා ඇහැරලා.

" දැන්ද නැගිට්ටේ?"

" හ්ම්...."

" මම කෑම හැදුවා.යමුද කෑම කන්න?"

" නෑ..මට වොෂ් කරගන්න ඕන...!"
මට එහෙම කියලා ජිමින් ඇඳෙන් බහින්න දැඟලුවා.කකුලත් එක්ක ඒක එයාට තනියම කරන්න බෑ.

" පොඩ්ඩක් ඉන්න...කකුල බිම තියන්න එපා..මම උදව් කරන්නම්.."
මම එහෙම කියලා එයාට රෝද පුටුවෙන් ඉඳ ගන්න උදව් කරා.පුදුමයි.එයා මොකුත් කිව්වෙ නෑ.

" ඔයාට පුළුවන්ද තනියම වොෂ් කරගන්න..නැත්තම් සර්වන්ට් කෙනෙක්ව ගෙන්න ගමුද?"

" කවුරුත් ඕන නෑ..!මට පුළුවන්.."
රෝද පුටුව වොෂ් රූම් එක පැත්තට තල්ලු කරගෙන ගිය ජිමින් ඇතුලට ගිහින් දොරත් වහගත්තා.

මම කලින් එහෙම කිව්වෙ එයාට වොෂ් කරගන්න උදව් කරන්න තියා මම එයාව අල්ලනවටවත් එයා කැමති නොවුන නිසා.

ටික වෙලාවකට පස්සෙ ජිමින් එලියට ආවෙ නාගෙන.එයා සේරම තනියම කරගෙන.ඔව් ඉතින් කකුලනෙ කැඩිලා තියෙන්නෙ.අත් දෙක තියෙන්නෙ...!
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
_________________________________________

𝗝𝗶𝗺𝗶𝗻 ᵖᵒᵛ

මාස තුනකට පසු

කාලෙ ගොඩක් හොඳින් ගෙවුණා.මාස ගාණක් එයා මාව බලාගත්තෙ හරියට පොඩි ළමයෙක් බලා ගන්න විදිහට.ගෙවෙන හැම තප්පරේම එයා මන් ළඟ හිටියා.ඒත් මන් මොනවද කරේ?ඒ හැමවෙලේම එයාට බැනපු එක.එයාට දුක් දීපු එක...!

𝖯𝗋𝗈𝗆𝗂𝗌𝖾 | 𝖯𝖩𝖬 | ✔️Where stories live. Discover now