🍃 17𝐭𝐡 𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫

1.6K 305 65
                                    

Sohi pov

එදායින් පස්සෙ මේ ගෙවුණ දවස් කිහිපයට මම සතුටින් හිටියෙ නැතිම තරම්.මම හිටියෙ ලොකු ප්‍රශ්නෙක...මට යන්න කාලෙ ගොඩක් ළඟයි...සතුටින් ඉන්න ජිමිනා.....එච්චරයි මට ඕනෙ...!

අද හවස ජිමින්ගෙ බිස්නස් පාටි එකක්.මේ එයා මාව එහෙම එකකට එක්කගෙන යන පළවෙනි පාර.අත්තම්මාටත් පාටි එකට ඉන්වයිට් කරලා තිබුණට එයා එන්න කැමති වුණේ නෑ.ඒත් කුකියා නම් පැනගෙන ආවා.

ඔය එන්නෙ මතක් කරනකොටම,

ජිමින් අද කලින් එනවා කිව්වෙ පාටි එකට යන්න ඇඳුම් ගන්න ඕනෙ කිව්ව නිසා.එයාට කොච්චර ඇඳුම් තිබුණත් මදිනෙ.කුකීත් එනවා කියපු නිසා එයාටත් ඇඳුම් ගන්න යන්න එන්න කියලා ජිමින් කතා කරලා තිබුණා.දැන් ඔය එන්නෙ ඒකට තමා.

මම හිටියෙ ලොකු කල්පනාවක...සාලෙට වෙලා කල්පනා කර කර ඉන්න අතරෙදි තමා කුකී ආවෙ.මම හිටියෙ ගමනට යන්න ලෑස්ති වෙලා.

" කෝ තාම හියුන්ග් ආවෙ නැද්ද?"
ගේ ඇතුලට ඇවිත් මම ඉඳගෙන හිටපු තැනට ඉස්සරහින් ඉඳගන්න ගමන්ම කුකී ඇහුවා.

" තාම නෑ.මම බොන්න මොනවා හරි ගේන්නද?කාලාද ඉන්නෙ?"

" එපා....මට මොකුත් එපා...හුස්ම ගන්න බැරි තරම් කෑවා....ඔම්මා අද රස කෑම ජාති ගොඩක් හදලා තිබ්බා.මම සේරටම වැඩේ දීලා ආවෙ....!"
ඒ මූණෙ තිබුණ ලස්සන හිනාව...අප්පාත් නැතුව පොඩි කාලෙ ඉදන් ඔම්මාගෙ සෙනෙහස විතරක් ලබපු කුකී හොඳ විදිහට හැදිලා තිබුණා.එයාට මින්සු ඔම්මාගෙ ගතිගුණ අඩුවක් නැතුවම පිහිටලා තිබ්බා....

" කමක් නෑ...අපි මිල්ක්ෂේක් එකක් බොමු...ඉන්න මම ටක් ගාලා හදන් එන්නම්..."

මම මිල්ක්ෂේක් එකක් හදලා ගෙනත් දුන්නට පස්සෙ බෑ කියපු අය ඔය බිව්වෙ.අපි සාලෙට වෙලා කතා කර කර ඉන්නකොට ජිමින් ආවා.ඉතින් අපි ආපිටම ගියෙ ෂොපින් මෝල් එකකට.

ජිමින් වෙනස් වෙලා කියලා මට තේරෙනවා.ඇයි දන්නෙ නෑ.ඒත් ඉස්සර වගේ එයා මට දැන් බනින්නෙ නම් නෑ.එදා ළමා නිවාසෙදි වුණත් හරිම හුරතල් විදිහට බබාලා එක්ක සෙල්ලම් කරා.....

__________________________________

පාට පාට විච්චූරණ කරපු ඇඳුම් ඇස් නිලංකාර වෙන තරම් හැම තැනම පිරිලා.මම ඉතින් ඒවාට වැඩි කැමැත්තක් නෑ.ඒ මදිවට අයිස් වෙන තරම් AC එක.මගෙ නහයත් බුරුල් වෙලා වගේ.මට ඒවා හුරු නැතුව නෙවෙයි.ඒත් මේවා ටිකක් වැඩියි.

𝖯𝗋𝗈𝗆𝗂𝗌𝖾 | 𝖯𝖩𝖬 | ✔️Where stories live. Discover now