Jimin ᵖᵒᵛ
ඇත්තටම මට ඔයාට වෛර කරන්න ඕන නෑ.ඒත් එදා මගෙ ඇස් දෙකට දැකපු දේවල් මන් විශ්වාස නොකර ඉන්නෙ කොහොමද?....
Flashback________________________________
අවුරුදු පහකට පෙර
ඇඟෙන් හතරෙන් තුනක්ම නිරාවරණය වෙන්න ඇඳගෙන ක්ලබ් එකේ ඩාන්ස් ෆ්ලෝර් එක උඩ වෙරි මතින් ඩාන්ස් කරන කෙල්ලො දිහා මන් බලාගෙන හිටියෙ හරිම පිළිකුලකින්.
" ඒ ඇඳුම් ඇන්දට වඩා හොඳයි නොඇඳ හිටියානම්...ෂිට්....ලැජ්ජ නැති කෙල්ලො...."
මන් මටම මුමුණන ගත්තෙ මාත් එක්ක ආපු එකා හොඳටම බීලා තවත් ඒ වගේ කෙල්ලෙක් එක්ක නට නට හිටපු නිසා.මුගෙ වදේටම අද ක්ලබ් ආවා මිසක් මගෙ කැමැත්තකින් ආපු ගමනක් නෙවෙයි මේක.මට ආවෙ තරහක්.අප්පිරියාවක්.මම ඒ වගේ කෙල්ලන්ට පොඩ්ඩක් වත් කැමති නෑ.ඒත් ක්ලබ් එකේ හතර කොනේ දුවපු මගෙ ඇස් නතර වුණේ වෙන කෙල්ලන්ට වඩා සංවරව ඇඳලා හිටපු අහිංසක රුවක් ලඟ.ඒ මූණෙ තිබ්බෙ හරි තැන්පත් බවක්.
කොලේජ් එකේදි කොච්චර කෙල්ලො මගෙ පස්සෙන් ආවත් ඒ කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නැති මගෙ හිත අද ටිකකට නතර වෙලා...මෙතන ඉන්න අනිත් කෙල්ලන්ට වගේ මෝරපු පාටක් එයාට තිබුණෙ නෑ.එයාත් මගෙ වයසෙ වගේ....අවුරුදු විස්සක් වගේ...
ඒත් ඉතින් මේ වගේ කෙල්ලෙක් මෙතන මොකද කරන්නෙ?....
හරිනෙ ඉතින්.....යා...හ් පාක් ජිමින්....තමුන් වගේ කොල්ලෙක් මෙතන මොකද කරන්නෙ....?ලොකු මනෝ පාරක හිටපු මන් ගැස්සුනේ මාත් එක්ක ආපු අනිත් එකා ගන් ටේ,මගෙ පිටට ගහගෙනම මන් හිටපු තැනට එහා පැත්තෙන් ඉඳගත්ත නිසා.
" පොඩි ෆන් එකක් ගනින් බන්.ඔහොම ඉඳලා බෑ.වරෙන් යමන් මාත් එක්ක...."
ඒකාට නම් මොකද..!කෙල්ලෙක් දැක්කොත් දැලේ දාගන්න හදන ගෑනු පෙරේතයෙක්.මාත් මොකට මේ වගේ එකෙක් යාලුවෙක් කරගත්තාද මන්දා." උඹ පලයන්....."
මන් ඒක ගනන් නොගෙන එහෙම කියනකොට කොහෙන්ද ආපු සක්කරවට්ටමක් ගන් ටේගෙ ඔඩොක්කුවේ ඉඳගෙන උගෙ ඇඟේ වෙලුනා." Ohh...sweety....! "
ගන් ටේ කාරයාත් කට කොනින් හිනාවක් දාගෙන ඒ කෙල්ලගේ ඉනෙන් අල්ලා ළඟට ගත්තෙ බි බී හිටපු විස්කි වීදුරුවත් පැත්තකින් තියලා.
VOUS LISEZ
𝖯𝗋𝗈𝗆𝗂𝗌𝖾 | 𝖯𝖩𝖬 | ✔️
Fanfictionමුරණ්ඩු හදකට පෙම් බැඳි අහිංසකාවිය... ▪ Completed on 2021-11-11 ▪ Best fanfiction (B×G) 2nd place @Ceylon_bloomers award ceremony. [🥈]