දිවයුරු වෙර 3

1.7K 299 301
                                    

සුග්‍රීවගේ කුටියෙන් ප්‍රතිචාරයක් නොමැති වීම ථිත තවත් කලබලයට පත් කළේ ය. කලබලයෙන් හැසිරීම ඔහුගේ ස්වභාවය විය. සුග්‍රීව කුටියෙහි ද්වාරය විවර කරන තුරුම එහිම සිටීමට අධිෂ්ඨානයෙන් ථිත ඔහේ සිටගෙන සිටියේ ය.

'' අය්යණ්ඩි සමාවෙන්න.. '' ථිත නැවතත් පැවසුවේ ය. කුටිය තුළ දැඩිව නිහඩ වූ අතර තවමත් ඇතුළත පහන් දල්වා තිබීමෙන් සුග්‍රීව අවධියෙන් වග ද ථිත දැන සිටියේ ය. කුලීන අසපුවෙහි අනෙක් මුනි පුත්‍රයන් වරින් වර තමා සුග්‍රීවගේ කුටිය ඉදියේ දණ ගසා සිටි ආකාරය බිත්ති අතරින් එබෙමින් බලනු ද ථිත දුටුවේ ය.

හෝරා තුනක් යනතුරු ද සුග්‍රීවගේ කුටිය මීයට පිම්බාක් සේ නිහඩ විය . මධ්‍යම රාත්‍රී පසුවුව ද ථීත එලෙසම ශිලා පොළොව මත දණ ගසාගෙන නොසැලී සිටියේ ය.

සුග්‍රීව කුටිය තුළට වී තමා රචනා කරමින් සිටි කාව්‍යය සුරතට ගෙන බැලුවේ ය. ථිත පිටව නොයන වග සුග්‍රීව දැනුවත් විය . ඔහු ද ථිත පවසන කිසිවක් නොඇසුණා සේ හෝරා කිහිපයක්ම දිගින් දිගටම විවිධ දේ තල් පත්වල කුරුටු ගෑවේ ය.

'' අඩ්චන්ද්‍ර , තරු පවර කාල නුබ ගැබකි...
පත්‍රග රැදි තුෂරයක් සේ චංචල බවකි...
හේෂරාවයක් තැවුරුණු ප්‍රහර්ෂ රසකි..
හේ නිසල , චංචල රුවනාරයක් වේ මැයි.. ....

[ අර්ථය - අඩ සද ද , තාරකා පිරිවරාගත් නුඹ කළු පැහැති අහස් කුස සේයි. පත්‍රයක අග රැදි පිනිබිදුවක් සේද චංචල යි. අශ්වයා සතුටින් නගන හේෂරාවයක් සේම සිතට ද සතුටක්. ඔහු එකවිට නිශ්චල , එහෙත් චංචල සාගරයක් ම වේ . ]

නේත්‍ර දාහ්‍යය කළ කරදිය ද විෂක් විය.... ,
අප්‍රමිත පිපාසය කරදියෙන් ගුණනය වුව....
අම පැන් ඉවතලා කරදියම සොයනු කිම ?
හේ නිසල චංචල රුවනාරයක් වේ මැයි..

[ අර්ථය - දෙනෙතට දැවිල්ල ගෙනා කරදිය ද විටෙක විෂකි. දැඩි පිපාසයටය කරදිය පානය සිහිවිකල් විය හැකි තරම් පිපාසය ගෙන්වයි. එහෙත් අමපැන් ඉවතලා කරදියම සොයනු කිම ? ඔහු එකවිට නිශ්චල , එහෙත් සැමවිට චංචල සාගරයක්ම වේ. ]

තමා හේ යනුවෙන් ආමන්ත්‍රණයක් යෙදුවේ කිමදැයි සුග්‍රීව නොදත්තේ ය. ඔහු හුදෙක් සිය සිතිවිලි අක්ෂර බවට පත් කළේ ය.
සුග්‍රීව නොදැනීම කාව්‍යය පත්‍රය අග තමා බිනර මලක් සිතුවම් කර තිබෙනු දැකීමෙන් සුග්‍රීව මදක් කිපුණේ ය. ඔහු තල්පත ඉවතට විසි කර දමා සෞම්‍යව නැගී සිටියේ ය.

🌸 දිවයුරු වෙර 🌸Where stories live. Discover now