Chapter 3

628 216 28
                                    

කිම් සන් හී..

එයා වෙනස් කෙල්ලෙක්..හැමවෙලාවෙම හිනා වෙලා ඉන්නෙ..ඉස්සෙලම එයාව හම්බුණෙත් මෙහෙදී..ඒත්..හිතට දැනෙන්නෙ මෙච්චර කල් කිසිම දවසක නොදැනුන හැඟීමක්..ඒක..මොකක්ද කියලා කියන්න මට තේරෙන්නෙ නෑ..ඒත් මම ඒ හැඟීමට කැමතියි..

එයා කිව්වෙ ඩොක්ටර්ස්ලා එයා එක්ක ගොඩක් යාළුයි කියලා..ඒ කියන්නෙ කොච්චර කාලෙක ඉඳන් සන් හී හොස්පිටල් එනවද දන්නෙ නෑ..මොකක්ද එයාට තියෙන ප්‍රශ්නෙ?මට ඒ මුකුත් අහන්න බැරි වුණා නේ..හෙටත් හම්බෙයිද?ඔව් ඉතිං..හොස්පිටල් එකේනෙ ඉන්නෙ..

හියොන්ලා හවසත් ඇවිල්ලා මාව බලලා ගියා..කොච්චර හිත හදාගන්න හැදුවත් මට පාළුයි..මෙහෙම සනීප කාමරේක තනියම ඉන්නවට වඩා පොඩි කාමරේක එකට වැටිලා ඉන්න එක සැපක්..රෑට නිදාගන්න ගියාම පැය ගානක් හිනා වෙවී කියව කියව ඉන්න එකට මම ආසයි..හොබී හියොන්ගෙ හිනා සද්දෙ නිදිමත නැත්තට නැති කරලා දාන්නෙ ප්‍රැක්ටිස් කරපු මහන්සියත් එක්ක..

කවුරු හරි කෙනෙක් මං හිටපු දොරට තට්ටු කරනවත් එක්කම ඇඳේ දිගාවෙලා හිටිය මම කෙලින් වුණා..මේ වෙලාවෙ කවුද?ඩොක්ටර්ස්ලා දොරට තට්ටු කරන්නෙ නෑනෙ..

"ඇතුළට එන්න.."මං කිව්වෙ මට එතනට ඇවිදගෙන යන්න පුළුවන්කමක් නොතිබුණ නිසා..

ඒ එක්කම ⁣මගේ අවසරයෙන් දොර ඇරගෙන ඇතුළට ආව කෙනා දැකලා මං පුදුම වුණා..

"සන්හී?"මං ඇහුවෙ හරි බරි ගැහිලා වාඩි වෙන ගමන්..එයා පොඩි බොක්ස් එකක් අතේ තියාගෙන මං පැත්තට ආවෙ හිනා වෙවී..එයා මං හිටපු රූම් එකට ඇවිදගෙන ආවෙ හරියට එයාගෙ තැනකට එනවා වගේ..කිසිම ආගන්තුක බවක් නැතුව..සන්හී ඇවිත් මගෙ ඇඳ උඩින් වාඩි වුණා..

"ඔයා මොනවද මෙහෙ කරන්නෙ?"මං ඇහුවා..එයා මුකුත් නොකියා හිනා වුණා..

"වේ?ඔයාට කලිනුයි මම මේ රූම් එකට ආවෙ..මේ රූම් එකේ කලින් හිටියෙ චූටි නංගි කෙනෙක්..එයා මාත් එක්ක ගොඩක් යාළුයි..අපි දෙන්නා රෑ වෙනකම් කතා කර කර ඉන්නවා සමහර ‌දවස්වලට..ඒත් ඉතිං එයා සනීප වෙලා ගියානෙ..දැන් ඔයා තමයි මගේ යාළුවා.."සන්හී කියවගෙන ගියෙ නවත්න්නෙම නැතුව..

Autumn Leaves | Jungkook Centric | CompletedWhere stories live. Discover now