"ඔම්මා..බොගොෂිප්දා.."
මං හිටියෙ ඔම්මා එක්ක video call එකක..වෙනදට නම් ඔම්මාව මතක් වෙද්දි හියොන්ලා මාව තුරුළු කරගෙන මගේ හිත හදනවා..අද හියොන්ලාත් මං ගාව නෑ..කොන්සර්ට් එකේදී මං අසාර්ථක වෙයි කියලා මං නිතරම ඉන්නෙ බයෙන්..මගෙ එක අතපසුවීමකින් හියොන්ලා..කම්පැනි එක..සේරම අසාර්ථක වෙන්න පුළුවන්..මොකද අපි හැමෝම ඉන්නෙ එකිනෙකා බැඳිලා..හරියට දම්වැලක් වගේ..එක පුරුකක අඩුපාඩුවක්...මුළු දම්වැලම බිඳ හෙලන්න තරම් ප්‍රමාණවත්..
ඒත් කවුරුත් කිසිම වෙලාවක මට ඇඟිල්ල දික් කළේ නෑ..මගෙ නොසැලකිලිමත්කමට බැන වැදුනෙ නෑ..මං ඒ හැමෝගෙම පොඩි එකා..හියොන්ලාගෙ..ස්ටාෆ් එකේ..ඒ හැමෝගෙම...හැමෝම ඒ ආදරේ අඩු කරේ නෑ..වැඩි කළා මිසක්..
"ඕ..උරි ජන්ග්කුකී..මටත් පුතාව ගොඩක් මතක් වෙනවා පැටියෝ.."ඔම්මා කියද්දි මගෙ ඇස්වලට කඳුළු ඉණුවා..
"ඔම්මා..අද මට physiotherapy පටන් ගන්නවා.."මං කිව්වා..
"ඔහ්..චින්චා??දැන් ඉතින් සතියකුත් ගෙවුණා නේද?"ඔම්මා ඇහුවා..
"හ්ම්ම්..මට පාළුයි ඔම්මා.."
"එන්න තිබුණා නම් හොඳයි පුතා..ඒත් අප්පත් ටිකක් අසනීපෙන් ඉන්නෙ.."ඔම්මා කිව්වෙ දුකෙන් වගේ..
"අනියෝ ඔම්මා..හියොන්ලා නිතරම එනවා..ඔයා දුක් වෙන්න එපා.."
"මට සතුටුයි පුතාට ලස්සන පවුලක් ලැබුණ එක ගැන.."
ඔව්..ඒ පවුල ඇතුලෙ තියෙන බැඳීම් හරි ලස්සනයි..බෙදීම් නෑ..තැවීම් නෑ..මගේ ගෙදරටත් වඩා හියොන්ලා නිසා මට ලැබුණ පවුලට මම ආදරෙයි..
ඔම්මාගෙ කෝල් එක කට් කරනවත් එක්කම male nurse කෙනෙක් මාව physiotherapy වලට අරගෙන යන්න ආවා..therapy කරන රූම් එකට යනකනුත් සන්හී මාව මුණ ගැහෙන්න ආවෙ නෑ..ඒක ටිකක් අමුතුයි වගේ..වෙනදට එයා උදේම මගෙ රූම් එකට එනවා..ඒත් අද ආවෙ නෑ..
Physiotherapy අතරෙදි මට යන්තමට අඩිය තියාගන්න පුළුවන් වුණා..නුහුරු වුණත් බැන්ඩේජ් අලුත් කරපු නිසා මට crutches වලට උත්සහ කරන්න කියලා ඩොක්ටර් උපදෙස් දුන්නා..එතකොට මට කකුල බිම තියලා ඇවිදින්න පුළුවන්..වැඩියෙන් උත්සහ කළොත් ඉක්මනට සනීප වෙන්න පුළුවන් වෙයි..එතකොට මට ඉක්මනින්ම ආයෙත් ප්‍රැක්ටිස් යන්න පුළුවන්..ඩාන්ස් කරන්න පුළුවන්..
YOU ARE READING
Autumn Leaves | Jungkook Centric | Completed
Fanfictionතවත් තියෙනවා හිතේ පොතේ ඉඩ.. මෙතෙක් ලියූ කිවිඳියම පතා.. -2021.09.01-