"ජන්ග්කුක්..ඔයා කොච්චරක් කල් ජීවත් වෙන්න කැමතිද?"පුරුදු විදිහට හවස් වරුවෙ පොන්ඩ් එක ගාව තිබුණ බෙන්ච් එකෙන් වාඩි වෙලා ඉන්නකොට සන්හී මගෙන් ඇහුවා..
"හ්ම්ම්..එච්චර කල් නෑ..අවුරුදු හැටක් විතර වෙද්දි මැරෙනවා නම් මම කැමතියි..ලෙඩ වෙලා දුක් විඳිනවට වඩා ඒක ලේසියි.."මං කිව්වා..එයාගෙ මූණෙ මැවුනෙ පොඩි හිනාවක්..
"ඔයා එහෙම හිතුවට ඉක්මනින්ම මැරෙනවා කියලා දන්න මිනිස්සු කැමතියි අවුරුදු දාහක් විතර ජීවත් වෙන්න.."සන්හී කිව්වා..
"ඇයි එහෙම කිව්වෙ?"
"අනී...නිකන් කිව්වෙ.."සන්හී ආයෙත් ඉස්සරහා බලාගත්තා..
අපි දෙන්නා හිටපු තැනට දුවගෙන ආවෙ පුංචි ගෑනු ළමයෙක්..අතට ගුලි කරගත්ත පොඩි මල් පොකුරක් එක්ක ඒ පොඩි කෙල්ල අපි දෙන්නා ගාවට ආවෙ උඩ පැන පැන..සන්හී ඒ ගෑනු ළමයාව දැක්ක ගමන් ඔඩොක්කුව උඩින් තියාගත්තා..
"හානියා..කාලෙකින් නෙ..ඔන්නිව බලන්නද ආවෙ?"සන්හී ඒ ගෑනු ළමයාගෙන් ඇහුවෙ කම්මුලකට පොඩි හාදුවක් දෙන ගමන්..ඒ පොඩි කෙල්ල..
"යේ..යේ..මං ආවෙ ඔන්නිව බලන්න..ඔම්මා රිපෝට් ගන්න ගිය වෙලාවෙ මං දූලා ආවා ඔන්නි බලන්න.."ඒ කෙල්ල කිව්වෙ හිනාවෙන්මයි..දෙන්නම හිනාවෙනවා..එක වගේම කියුට්..සන්හීත් පොඩි ළමයෙක් වගේ..
"ඔහ්...ජන්ග්කුකා..මේ නංගි බබා තමයි ඔයාගෙ රූම් එකේ කලින් හිටියෙ..මෙයත් ආවෙ ඔයා වගේ අණ්ඩක් කඩාගෙන තමයි.."සන්හී හයියෙන් හිනාවුණේ මට විහිළු කරලා..පුංචි කෙල්ලත් අතින් කට වහගෙන හිනා වුණා..
"හානියා..ආයෙත් එනවද ඔන්නිව බලන්න?"සන්හී ඇහුවා..
"අනියෝ..මට දැන් හොඳයිනෙ..ඔන්නි කිව්වා නෙ බෙහෙත් ඔක්කොම බිව්වොත් ඉක්මනට සනීප වෙන්න පුළුවන් කියලා..එතකොට මට ඔන්නි වගේ හැමදාම හොස්පිටල් එන්න ඕනෙ නැති වෙයි කියලා කිව්වෙ.."පුංචි කෙල්ල කටත් උල් කරගෙන සන්හී එක්ක කියවනවා..සන්හීත් ඊට දෙවෙනි නෑ..එයත් ඒ වගේමයි..
"යේ..යේ..මං කිව්වා තමයි.."
"ඉතිං මට දැන් හොඳයි..මං ආයෙ එන්නෙ නෑ.."පොඩි කෙල්ල කියද්දි මං බැලුවෙ සන්හී දිහා..ඒ ඇස් දුකින් පිරිලා..
YOU ARE READING
Autumn Leaves | Jungkook Centric | Completed
Fanfictionතවත් තියෙනවා හිතේ පොතේ ඉඩ.. මෙතෙක් ලියූ කිවිඳියම පතා.. -2021.09.01-