CHAPTER - 1

1.3K 188 13
                                    

" මින් යුංගී.....යා...අහ්..."

යුනිවසිටි පාක් එකේ තරමක් විශාල මේපල් ගහ යට තියෙන බංකුවෙ අඩ නින්දක හිටපු යුංගි යන්තම් ඇස් ඇරලා බැලුවේ මෙච්චර වෙලා නිස්කලංකව නිහඩව තිබ්බ වටපිටාව සම්පූර්නෙන්ම කලබලකාරී කරන්න පුලුවන් ඒ කටහඩ අදුරගත්ත නිසා....

ඇස් ඇරියත් යුංගි බලාපොරොත්තු උන රූපෙ තාමත් එයාගේ ඇස් වලට පෙනුනේ නැති නිසා අනිවාරෙන් ඒ කටහඩේ අයිතිකාරි මොකක් හරි කරෙගෙන ඇත්තේ....හිතුවා වගේම එයා වැටිලා ...

එයාට නැගිටින්න උදව් කරපු පිරිමි ලමයටත් ස්තූති කරලා බ්‍රේක් නැතුව තමන්ගෙ දිහාට දුවගෙන එන කෙල්ල දිහා යුංගි බලන් හිටියේ බලන් ඉන්න ඕනෙ නිසා...නැත්තන් ඊලග පාර මොකක් කරගෙන බිම වැටෙයිද කියලා කියන්න බෑ...

" මින් යුංගී....මම කොච්චර හෙව්වද තමුන්ව...තමුන් මෙතන ඉදන් මේ ගහේ වැටෙන කොල ගනන් කරනවද ආ...."

කේන්තියෙන් රතු වෙලා කෑ ගහන් කෙල්ලව තව කේන්ති ගස්සන්නම වගේ යුංගි එයාගේ කන් වල ඇගිලි ගහගගෙන ඇස් දෙකත් වහන් කලින් වගේම එයා හිටපු බංකුවෙ හාන්සි වුනා....

ටිකකින් කෙල්ලගෙ සද්දයක් නැතිඋන නිසා යුංගි ඇස් අරිනවත් එක්කම යුංගිව වැටහෙන්නම රතු,දුඹුරු පාට මේපල් කොල ගොඩක් යුංගිගෙ ඇගට වැටුනා....

යුංගි එහෙමම බංකුවෙන් නැගිටලා ඇගේ තිබුන කොල ටිකත් ගස්සලා කෙලින් උනේ දැන් කෙල්ලව කේන්ති ගැස්සුවා ඇති වගේ නිසා....යුංගි ඇස් දෙකත් හීනි කරලා එයාගේ ගිටාර් එක එක උරහිසක එල්ලගෙන කෙල්ල දිහා බලන් හිටියේ 'යමු' කියන බැල්මකින්

" යා ....මින් යුංගී....ඔන්න ඔයා පුදුම වෙන්න යන්නෙ එහෙනම්....ඇස් දෙක පියාගන්න....ඉතින් තව බස්සෙක් වගේ බලන් ඉන්නේ...පියාගන්නවකෝ වදේ"

කෙල්ලගෙ කටේ සද්දෙටම ඉබේටම වගේ යුංගිගෙ ඇස් පියවුනා....ආයේ කෙල්ල යුංගිට ඇස් අරින්න කියලා තට්ටුවක් දැම්මම තමයි යුංගි ඇස් ඇරියේ....

යුංගි ඇස් ඇරියම යුංගිට සම්පූර්නෙන් පෙනුනේ සුදු පාට කොලයක් එයාගේ මූන ඉස්සරහා එහාට මෙහාට පනිනෝ....

 SILENT LOVERS ♡ || MYG ✅Where stories live. Discover now