CHAPTER - 6

398 166 2
                                    

යුංගි කේන්තියෙන් එයාගේ අත අල්ලන් ඉන්න කෙනා දිහා බැලුවේ...

" ටේරා..මාව අතාරින්න..."

" ශ්..ඉන්නවා ඔහොම..බලනවා නහයෙ ලේ තාම...මෙහෙම ගිහින් ඒ කෙල්ලව තව බය කරන්නද හදන්නේ...එනවා පිහදාන්න..."

ටේරා යුංගිගේ නහය හොදට පිහිදාලා යන්න කියලා යුංගිව තල්ලු කලා...යුංගි දුවන් එන දිහා දැක්ක ගමන් ජීයූ එයාගේ ඇගේ තිබ්බ කෝට් එකත් බිම දාලා යුංගි ලගට දුවන් ආවා....

" යු..යුංගී..අපි යමු මෙතනින්..ම්..ම.මට තව ඉන්න ඕනේ නෑ..."

ජීයු ගොත ගහ ගහ යුංගිගේ කෝට් එක අල්ලගෙන අඩද්දි යුංගි ඉක්මනට කෝට් එක ගලවලා ජීයුට දාලා ඉක්මනට ජීයුව බදාගත්තා....

එතකොට තමයි යුංගි දැක්කේ කලින් ජීයු ලග හිටපු කොල්ල එයාගේ කෝට් එකත් අරන් යුංගි ලගට එනවා...ඒ කොල්ලගේ මූනේ නහර පෑදිලා තිබ්බා...යුංගි හොදට බැලුවේ කවුද ඒ කොල්ල කියලා..

යුංගිට ටිකකින් මතක් උනා අද මේ කොල්ලා එක්ක ජීයු ගේට් එක ලග කතා කර කර හිටපු හැටි...

" හායි යුංගී..මාව මතකද..මම හෝසක් .."

යුංගි කිසි උත්තරයක් නොදී තාමත් අඩන ජීයුව බදන් හෝසක් දිහා අමුතු විදියට බැලුවා...

" ඔයා ඔතනින් ගියාම බීපු මනුස්සයෙක් මෙයාව බලෙන්ම ඇදගෙන යන්න හැදුවා...ජීයු හුගක් බය වෙලා හිටියේ..මම ඒ මිනිහට හොදට සැලකුවා..."

" කම්සාම්මිදා ..මම දැන් යන්නම්..."

යුංගි ජීයුවත් එක්කගෙන එලියට යද්දි හෝසක් යුංගිගෙ පස්සෙන් දුවගෙන ඇවිත් යුංගි ඉස්සරහින් හිටගත්තා...

" යුංගී...මගේ කාර් එකේ යමු...බයික් එකේ යන එක අවදානම්....ප්ලීස්...බෑ කියන්න එපා.."

යුංගි හෝසක් දිහා අමුතුවට බලලා ජීයුත් එක්ක හෝසක්ගේ වාහනේ ලගට ගියා..යුංගි ජීයුත් එක්ක පිටිපස්සෙන් නැග්ගම හෝසක් ඉක්මනට කාර් එකට නැගලා කාර් එක ස්ටාට් කලා ..

" මට සමාවෙන්න ජීයූ..අඩන්න එපා දැන්..මගේ වැරැද්ද...මට ඔයා ලග ඉන්න තිබ්බා...ආයෙ මෙහෙම දෙයක් වෙන්න දෙන්නෙ නෑ .ජීයූ...පොඩ්ඩක් මගේ දිහා බලන්න..."

යුංගි ජීයුගේ ඔලුව හිමීට අතගාන ගමන් ජීයුට හිමින් කතා කලා...යුංගි කතා කරන වචනයක් වචනයක් ගානේ ජීයු කලේ යුංගිව තදින් බදාගත්ත එක...

හෝසක් කාර් එක නවත්තපු ගමන් යුංගි ඇස් දෙකත් ලොකු කරලා හෝසක් දිහා බැලුවේ පුදුමෙන්... කලබ් එක ලගින් කාර් එකට නැග්ග වෙලාවෙ ඉදන් යුංගි කලේ ජීයුව සනසන එක නිසා යුංගිට අමතක උනා ජීයුගේ ගෙදරට යන පාර කියන්න...ඒත් හෝසක් කෙලින්ම කාර් එක නවත්තලා තිබ්බේ ජීයුගේ ගෙදර ලග..

" ජීයුව ඇතුලට එක්කගෙන යන්න...ඔයාට කතා කරන්න හුගක් දේවල් ඇති කියලා දන්නවා...හිමීට කතා කරමු..."

හෝසක් , ඇස් ලොකු කරන් ඉන්න යුංගිගේ කනට රහසින් එහෙම කිව්වේ ජීයු දිහා බලාගෙනමයි....යුංගි ජීයුව හිමීට කාර් එකෙන් එලියට ගද්දි ජීයුගේ අම්මා යුංගි ලගට දුවන් ආවා...

යුංගිට තමන් ගැනම ලැජ්ජාවක් දැනුනේ ජීයුව ආරක්ශා කරගන්න බැරි උන නිසා...යුංගිට ජීවිතේ වැදගත්ම දේ තමයි ජීයු...ඒත් එයාවවත් හරියට ආරක්ශා කරගන්න බැරි උන නිසා යුංගිට තමන් ගැනම කේන්තියක් ආවා...

" යුංගී...ප්‍රශ්නයක් නෑ නේද.."

ජීයුගෙ ඔම්මා යුංගිගේ ඔලුව අතගානකොට යුංගි එයාගේ අත තදින්ම මිට මොලවන් කදුලු හංගගෙන ජීයුගේ ඔම්මා දිහා බැලුවා...

" මියානේ ආන්ටි...මම ආයෙ මෙහෙම දෙයක් වෙන්න දෙන්නෙ නෑ..."

" ජීයුට මුකුත් කරදරයක් උනේ නෑනේ යුංගී..එයා ටිකක් බය වෙලා විතරයි...කොහෙද මේ කෙල්ල පන්ඩිතයිනේ...මම මෙයාව ඇතුලට එක්කගෙන යන්නම්...පුතාලා දෙන්නත් පරිස්සමින් යන්න.."

යුංගි තාමත් පුදුමෙන් ඇස් ලොකුකරන් හිටියේ ජීයුගෙ ඔම්මා ක්ලබ් එකේ උන සිද්දිය ගැන දන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරුව...

"මමයි ඔම්මට සිද්දිය ගැන කිව්වෙ යුංගී..අපි දෙන්නා ටිකක් කතා කරමුද.."

හෝසක් දිහා නොබලම යුංගි ගිහින් හෝසක්ගේ කාර් එකට නැග්ගා...

" ම්ම්..යුංගී ..ඔයා තරහින්ද..."

" නැහැ...මට මේ නූල්බෝලේ ලිහලා දෙන්න..."

" හොදයි මේකයි...."
°
°
°
°
°

_ViKII_

 SILENT LOVERS ♡ || MYG ✅Where stories live. Discover now