CHAPTER - 3

435 168 10
                                    

"යුංගියා මොකද මනුස්සයෝ මෙච්චර පරක්කු උනේ..දැක්කද අර කෙල්ලො ..ඒ ඔක්කොම ඇවිත් තියෙන්නෙ තමුන්ව බලන්න..."

" මොනාද ජින් හ්‍යුන් කියන්නේ..මාව බලන්න කෙල්ලො මොකටද..."

" මොකටද...මොකටද තමයි...මතක් කරනවා..මතක් කරනවා..ඊයේ පන්ඩිතයෙක් පාරේ ගිටර් ප්ලේ කලානේ වැඩ්ඩා වගේ...දැන් ඉතින් කෙල්ලන්ව කුලප්පු කලානම් හැඩල් කරගන්න...ඉක්මනට චේන්ජ් කරන් ඕඩර් ටික ගන්න..."

යුංගිව බිත්තියට තද කරන් හිටපු ජින් රැප් එකක් කියනෝ වගේ කියන් ගිහින් කිචන් එකට ගියා..යුංගිත් ඉක්මනට චේන්ජ් කරන් කස්ටමර්ස්ලගේ ඕඩර් ටික ගන්න ගියා...

" ම්ම්..ඔයා නේද ඊයේ ගිටාර් ප්ලේ කලේ.."

" ඔප්පා ඔයා ලස්සනට ඊයෙ ගිටාර් එක ප්ලේ කලා..."

" ඔප්පා හැන්ඩ්සම්.."

සැරින් සැරේ ඕඩර්ස් දෙන කෙල්ලොන්ගේ කටේ තිබුනේ ඔය වචන ටික විතරයි...යුංගිත් ඉතින් ඒකෙන් ප්‍රයෝජන අරන් තියෙන ගනන්නම කෑම වර්ග කෙල්ලන්ට විකිනුවා...

.
.
.
.
.

"එක්කෝ යුංගියා අදත් ගිටාර් එක ප්ලේ කරන්න..ඔහොම සතියක් කලත් මට කැෆේ එක තට්ටු දෙකට හදාගන්න පුලුවන්..."

ජින් හිනාවෙවීම යුංගිගේ පිටට ගැහැව්වම යුංගිත් හිනාවෙලාම ජින් එක්ක කතා කර කර කැෆේ එක වැහැව්වා...

" ජින් හ්‍යුන්..මම යනවා එහෙනම්.."

" හරි යුංගියා.."

ජින්ට සමුදුන්නම යුංගි ඉක්මන් කරලා ගෙදර ආවේ ආව හුලග සීතල නිසා වගේම වහින් වගේ තිබ්බ නිසා...

යුංගි එයා නැවතිලා ඉන්න රූම් එක ලගට ඇවිත් දොරේ හැඩල් එක අල්ලනකොට තමයි තේරුනේ දොර ඇරලා කියලා...යුංගි ඉක්මනට ඇතුලට ගියේ හොරෙක්වත් පැනලා කියලා හිතන්....

" හායි යුංගියෝ...ඇයි එන්න පරක්කු උනේ..."

" ජීයු මොකද මෙහේ කරන්නෙ ..දැන් රැ වෙලා..."

" ගෙදර යන්න බෑ..ඔම්මලා මාව කවුද කොල්ලෙක්ට දෙන්න යන්නේ...මාව බේරගන්න..."

 SILENT LOVERS ♡ || MYG ✅Where stories live. Discover now