CHAPTER - 9

406 164 6
                                    

" යුංගී...මින් යුංගී..."

ලෙක්චර් ඉවර වෙලා යුනිවසිටි එකේ බෙන්ච් එකක් උඩ හාන්සි වෙලා හිටපු යුංගි එක පාරට ඇහැරුනේ ජීයු කන ලගින් කෑ ගහන්න ගත්ත නිසා...

" මොකද කන ලග ලතෝනි දෙන්නේ..."

" ඒහ්...යුංගී...හෝසක් මගෙන් කැමැත්ත අහනවා .."

" මොකේටද..."

යුංගි හැමදේම දැනගෙනත් ජීයු ලග බොරුවට රගපානවා...

" එයා මගෙන් යාලුවෙන්න අහනවා..."

" එයා හොද කොල්ලෙක්..."

යුංගි එහෙම කිව්ව ගමන් ජීයූ එකපාරටම වාඩිවෙලා හිටපු බෙන්ච් එකෙක් නැගිට්ටෙ ඇස් දෙකත් ලොකු කරන් ...

" ඔයාට දුක නැද්ද යුංගී...මාව එයාට දෙන්න දුක නැද්ද ..."

" එයාට පුලුවන් ඔයාව සතුටින් තියන්න..."

ජීයු ඇස් වල කදුලු පුරවන් යුංගි දිහා බලන් ඉදලා එතනින් ගියා..යුංගිට ඒ දුක නොතේරුනා නෙමෙයි...,ජීයුට නොකිව්වට යුංගි දහදහස් වාරෙකින් ඇතුලෙන් පිච්චුනා...ජීයු ගිය පැත්තට යුංගිත් දුවන් ගියේ ජීයු එක්ක ඉන්න අන්තිම දවස් ටිකෙන් එක තත්පරයක්වත් අතාරින්න ලෝබ නිසා ..

-------------------------

" : යුංගි උදව්වක් ඕනේ...

:මොකද්ද හෝසක්...

: .........

: හරි...මම කරලා දෙන්නම්..."

උදේම හෝසක් යුංගිට කෝල් කරලා අහැව්වේ යුංගි හීනෙකින්වත් හිතපු නැති උදව්වක්...යුංගි එහෙම්මම ජීයුට කෝල් එකක් දුන්නෙ එයා එද්දි ලෑස්ති වෙලා ඉන්න කියන්න...

" අපි කොහෙද යන්නේ..."

"ඇවිදින්න...අද මගේ ගානේ කන්න අරන් දෙනවා...හොදයිනේ..මාව ඔඩිශන් එකෙක් තේරිලා .ඉතින් අද ඕනි දෙයක් අරන් කන්න..."

" ඈහ්...ඇත්තමද....ආහ්...මගේ යුංගියා ඒනම් වැඩේ කරා...මරු...නියමයි...යමු...අද මම ඔයාගේ පර්ස් එක බින්දුවටම හින්දනෝ..."

________________________

" යුංගී...ඒ හෙටත් මාව එක්කගෙන යන්නකෝ..."

" ම්ම්..බලමු ...යමු ගේ ඇතුලට..."

" මොකෝ කවදාවත් නැතුව..."

" මට වතුර බොන්න ඕනේ ඇතුලට යන්න දෙන්න පොඩි යක්ශනී.."

" හපෝ එනවා යන්න.."

යුංගිලා දවසෙම ඇවිදලා ගේ ඇතුලට යනකොට ගේ කවදාවත් නැතුව අදුරේ තිබ්බ නිසාම ජීයු ටිකක් යුංගිගේ අත තදින් අල්ලගත්තා...

"යුංගියා..මොකද මේ ..ඇතුලේ ලයිට් දාලා කියලා පේන්නෙ නෑනේ..."

" ම්ම්ම්...ඇතුලට ගිහින් බලමු..ලයිට් දාලා තිබ්බොත්..."

ජීයු යුන්ගිගේ අත තදින් අල්ලන් ඇතුලට ගිය ගමන් එක පාරට ලයිට් ඔන් උනේ ජීයුගෙ ඇස් නිලංකාර කරන ගමන්...

ඒත් ජීයු ඊටත් වඩා පුදුම් උනේ හුගක් අය එයාගේ වටේම හිටිය එකටයි ඒ මැද්දෙ හෝසක් හිටපු එකටයි...

ජීයු යුංගිගේ අත තද කරලා අල්ලගත්තත් යුංගි හිමින් ජීයුගේ අත අතෑරලා පිරිස අතරට ගියා...

හෝසක් ටිකෙන් ටික ඉස්සරහ එද්දි ජීයුගේ හාට්බීට් එක වැඩිඋනේ හිතාගනවත් බැරි විදියට...ජීයුට පුලුවන්නම් ඔතනින් වාශ්ප වෙලා...

" ජීයූ...විල් යූ මැරී මී..."

හෝසක් දනගලා ජීයු දිහා බලන් මුද්දක් ලං කරාම වටේ හැමෝම ' සෙයි යෙස් ...සෙයි යෙස් ' කියලා චියර් කරන්න ගත්තේ ජීයුව තවත් අසරන කරලා....

ජීයු අසරන ඇස් වලින් යුංගිව හැමතැනම හෙව්වත් යුංගිත් දිලිසෙන ඇස් වලින් චියර් කරනවා දැකලා හිස් හැගීමකින් හෝසක් ලගට තමන්ගේ අත ලං කලා...

හැමෝගෙම චියර්ස් මැද්දේ හෝසක් ජීයුගේ අතේ මුද්ද පැලැන්දුවා..

°
°
°
°
°
_VIKII_

 SILENT LOVERS ♡ || MYG ✅Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα