CHAPTER - 10

709 195 106
                                    

After one month

හෝසක් ජීයුට ප්‍රපෝස් කරපු දවසෙන් පස්සෙ යුංගි පුලුවන් තරම් ජීයුගෙන් ඈත් උනා....

යුංගිට ඈත් වෙන්න උනා....ලොකූ හේතුවක් නිසා යුංගිට ඈත් වෙන්න උනා...

යුංගී එයාගේ ගිටාර් එකත් තුරුල් කරන් ඇදේ ඉන්න අතරේ ෆෝන් එකට මැසේජ් එකක් ආව නිසා ඒක අරන් බැලුවේ මොකක් හරි හදිස්සියක්ද කියල හිතලා...

මැසේජ් එක තිබ්බේ ජීයුගෙන්..

' මම එලියෙ ඉන්නේ යුංගී..පොඩ්ඩක් එලියට එන්න...'

වෙලාව රෑ එකොලහට කිට්ටු වෙලා ජීයු එලියෙ ඉන්නවා කිව්වම යුංගි බඩුත් පෙරලන් එලියට දිව්වා...

යුංගි යනකොට ජීයු එලියෙ බංකුවකට වෙලා වාඩිවෙලා හිටියේ...යුංගි වෙනසක් නොපෙන්වා ගිහින් ජීයු ලගින් වාඩිඋනා...

" යුංගී...හෙට මගේ වෙඩින් එක නිසා බයයි..."

" මොකටද බය වෙන්නෙ හෝසක්වනේ මැරි කරන්නේ..."

" යුංගී..."

" ම්ම්.."

" ඔයා මට අද වෙනකන් ආදරේ කලේම නැද්ද..."

" මම හැමදාම ආදරෙයි..ඔයා ඒක දන්නවා "

" එහෙම එකෙක් නෙමෙයි යුංගී...මම අහන එක ඔයාට තෙරිලත් නොතේරුනා වගේ ඉන්නෙ ඇයි..මට ආදරේ කලේම නැද්ද...මාව දැනුනෙම නැද්ද.."

" මම හෙට ඇමරිකා යනවා...හෙට තමයි අන්තිම දවස ..වෙඩින් එකෙන් පස්සෙ එහෙම්මම යනවා...ආයෙ හුග කාලෙකට එන්න වෙන එකක් නෑ.."

ජීයුගෙ සද්දයක් නැති නිසා යුංගි මෙච්චට වෙලා ජීයුගෙන් හංගන් හිටපු ඇස් වලින් ජියු දිහා බැලුවා..ජීයු කදුලු බේරෙන ඇස් වලින් යුංගි දිහා බලන් හිටියේ හැමදේම ඉවරද අහන බැක්මකින්...

"මොකද මගෙන් ඈතටම දුවන්නේ මින් යුංගී..මම ඔයාට හුගක් කාලෙක ඉදන් ආදරේ කරන්නේ...ඇයි මගෙන් හැංගෙන්නේ...මම ඔයාට ආදරෙයි කියලා දුන්න හැම ඉගියක්ම ඇයි දැක්කෙ නෑ වගේ හිටියේ...මාව වටින්නෙ නැද්ද...ඇයි මාව ඈතට තල්ලු කරන්නේ මිං යුංගී...මට එක වචනයක් ඇති...එකම එක වචනයක් ඇති...මම ඔයා ලගට එනවා...ඔයා මට ආදරෙයිද..."

 SILENT LOVERS ♡ || MYG ✅Onde as histórias ganham vida. Descobre agora