Chapter 10 🥀

889 207 35
                                    

බිස්නස් පාටි එකට ගිහින් නැම්ජූන් එක්ක ගෙදර ආවත් ජිමින් හිටියෙ හිතේ අමුතු සතුටක් හිර කරන්.. වොෂ් රූම් එකේදි ජන්ග්කුක් එක්ක සිද්ද වෙච්ච දේ මතක් වෙලා ජිමින්ගෙ කට අගින් දගකාර හිනාවක් එලියට පැන්නෙ නිරායාසයෙන්ම යි.

"ජිමින්.....මොකද මේ තනියම හිනා වෙන්නේ....?"

බාත් රූම් එකේ ඉදලා වොෂ් කරන් ටවල් එකත් ඉනේ පටලන් එලියට ආව නම්ජූන්, ඇදේ වාඩි වෙලා කකුලක් පිට කකුලක් දාගෙන බර කල්පනාවකට වැටිලා හිනා වෙවී ඉන්න ජිමින්ගෙන් ඇහුවෙ හිනාවෙවී.

නම්ජූන්ගෙ කට හඩින් හරි සිහියට ආව ජිමින් හිනාවෙන එක නවත්තලා නම්ජූන් දිහා බැලුවා.

"මුකුත් නෑ හියුන්ග්...මං නිකන් හිනා උනේ..මං වොෂ් එකක් දාගෙන එන්නම්..."

එහෙම කියලා ජිමින් නම්ජූන්ව මගෑරලා වොෂ් රූම් එකට ගියා.

ඇදුම් ටික ගලවලා බාත් ටබ් එකට බැස්ස ජිමින් උණුසුම් වතුරෙන් ඇගට දැනෙන සනීපෙ විදගන්න ඇස් දෙකත් පියාගත්තා.ටික වෙලාවක් ඇස් දෙක පියාගෙන පිටපු ජිමින්ට මතක් වුනේ ජන්ග්කුක් තමන්ව කිස් කරන්න මූණට පහත් වෙච්ච විදිය..ඒ එක්කම තමන් ජන්ග්කුක්ගෙ යටිබඩට ගහපු පාර මතක් වෙලා ඇස් දෙක පියාගෙන ම ජිමින්ට හිනා ගියා.

"හහ්.....හහ්...මොනා උනත් මට එච්චර හයියෙන් ගහන්නැතුව ඉන්නයි තිබ්බෙ..පව් ගොඩක් රිදුනද දන්නෑ....."

"එක්කො ඉතින් රිදුනත් නැතත් මට මොකද...මගෙ කවුරුත් නෙමෙයි නෙ..."

පැය කාලක් විතර බාත් ටබ් එකට වෙලා තමන්ගෙ හිතත් එක්කම වාද කර කර ඉදලා ජිමින් බාත් රොබ් එකත් ඇදගෙන එළියට ආවා.

ජිමින් රූම් එකට එද්දී නම්ජූන් හිටියෙ ෆෝන් කෝල් එකක.

"හරි බබා....මං තියන්නම්...ගුඩ් නයිට්.."කියලා නම්ජූන් කෝල් එක කට් කලා.

නම්ජූන් අන්තිමට කියපු දේවල් ජිමින්ට හොදින්ම ඇහුණා.

"බබා......? බබා කියන්නේ කාටද හියුන්ග්..."

නම්ජූන් ෆෝන් එක නයිට් ස්ටෑන්ඩ් එක උඩින් තියලා බැල්කනි එකට ගියා.ජිමින් තමන් දිහා බලාගෙන ඉන්නවා කියලවත් නම්ජූන්ට තේරුනේ නෑ.

♡︎ 𝐑 𝐀 𝐍 𝐃 𝐎 𝐌 || ᴊɪᴋᴏᴏᴋ || on hold ♡︎Where stories live. Discover now