Chapter 27🥀

769 182 32
                                    

ජන්ග්කුක් ජිමින්ව ගෙදරින් ඩ්‍රොප් කරලා ආයෙත් එයාගෙ ඔෆිස් එකට යන්න පිටත් වුනා..ජිමින් නම් හිටියෙ හරිම සතුටින්..එයාට ආදරේ කරන්න කෙනෙක් ඉන්න නිසා..ජිමින් එයාගෙ රූම් එකට ඇවිත් බැක් පැක් එකත් ගලවලා දාලා ඇද උඩට පැන්නා.. ඇඳේ පෙරළි පෙරළි ජන්ග්කුක් එයාට ආදරෙයි කියපු විදිය මතක් කරන ගමන් තවත් රතු වුනා..

ජන්ග්කුක් එක්ක පාක් එකේ ටිකක් වෙලා නිදහසේ ඇවිදලා, ජන්ග්කුක් ජිමින්ව ගෙදර ළගින් ඩ්‍රොප් කරලා ගියේ කනට රහසක් කොදුරලයි..

"ඇයි එයා මට එහෙම කිව්වේ....?"

ජිමින් ඇදේ වාඩි වෙලා කල්පනා කරන්න ගත්තා..

Flashback...

ජන්ග්කුක් ජිමින් එක්ක ඇවිත් ගෙදර ඉස්සරහ කා එක නවත්තලා ජිමින්ගෙ පැත්තට හැරුනා..ජිමින්ගෙ අතකින් අල්ලගෙන ඒ අතට හාදුවක් තියලා ජිමින්ගෙ ඇස් දිහා බලලා ලස්සනට හිනා වුනා..දැන් ජිමින්ගෙ හදවත නම් අසූ හාරදාහට ගැහෙනවා.. ජන්ග්කුක් හිමින් හිමින් ජිමින්ගෙ මූණ ළගට පාත් වෙලා හුස්ම තොල් වල වදින විදියට ළං වුණා..

ජන්ග්කුක් ජිමින්ගෙ මූණ හිමීට තමන්ට ලං කරගෙන ඒ තොල් වලට පාත් වෙලා මෘදු විදියට සිපගත්තා..ජිමිනුත් ජන්ග්කුක්ගෙ බෙල්ල දෙපැත්තෙන් අත් යවලා ජන්ග්කුක්ගෙ හාදුවට ප්‍රතිචාර දක්වන ගමන් ඒ සිනිදු කෙස් අතර ඇගිලි යැව්වා..

ජන්ග්කුක් ජිමින්ගෙ ඇස් දිහා බලලා ඒ රෝස පාට තොල් දත් වලින් චුට්ටක් හපලා ඈත් වුණා..

ජිමින් තවමත් ජන්ග්කුක්ගෙ බෙල්ල වටේ අත්දෙක පටලන් බලාගෙන ඉන්නවා.. ජන්ග්කුක් ජිමින්ගෙ කන ළගට හිමීට පාත් වුණා..

"නම්ජූන් එනකොට හවස් වෙනවා නේද....?"

ජන්ග්කුක් අහලා ජිමින්ගෙන් පිළිතුරක් ගන්න එයාගෙ මූන දිහා බලාගෙන හිටියා..

"ආ....ඔව්..."

"හ්ම්...."

"ඇයි එහෙම ඇහුවෙ...?"
ජිමින් ප්‍රශ්නාර්ථ බැල්මකින් ඇහුවා..

"වේට් ඇන්ඩ් වොච්..."
ජන්ග්කුක් ජිමින්ගෙ නහය උඩින් චූටි තට්ටුවක් දාලා කපටි හිනාවකින් කිව්වා..

♡︎ 𝐑 𝐀 𝐍 𝐃 𝐎 𝐌 || ᴊɪᴋᴏᴏᴋ || on hold ♡︎Tempat cerita menjadi hidup. Temukan sekarang