Chapter 57🥀

656 182 75
                                    

ජන්ග්කුක්ගෙ කැබින් එකේ ඉදලා තමන්ගෙ කැබින් එකට ආව මිස් යූරා එයාගෙ අතේ තිබ්බ ෆයිල් එක මේසෙ උඩට අතෑරලා දත් මිටි කන ගමන් කල්පනා කරන්න ගත්තා..

"හහ්...අර නම්ජූන්ගෙ හස්බන්ඩ් ජන්ග්කුක්ගෙ කැබින් එක අස්සෙ රිංගගෙන අහවල් එකක් කරනවද...මේ මිනිහට එක මිනිහෙක් මදි වෙලාද මගෙ ජන්ග්කුක්වත් අල්ලගන්න එන්නෙ...?"

යූරා තරහෙන් පුපුරන ගමන් බර කල්පනාවකට වැටුනා..ජිමින් ජන්ග්කුක් දිහා බලාගෙන හිටිය විදිහත් එයාට ඇල්ලුවෙ නෑ..

"මගෙ ජන්ග්කුක්...??"

"ඔව් මගේ....!! ඔයා ගොඩක් ඉක්මනින් මගේ වෙයි ජන්ග්කුක්...මේ යූරාගෙ........"

ඒත් එක්කම යූරා කට කොනින් හිනා වෙන්න ගත්තෙ හිතේ හොඳ සැලසුමක් තියාගෙන..
.
.
.
ජන්ග්කුක්ගෙ උකුලට වෙලා හාදුවක් රසවිදිමින් හිටිය ජිමින්ට එකපාරටම ආව ෆෝන් කෝල් එකක් නිසා එයා හාදුව නවත්තලා කෝල් එකට අවධානෙ දුන්නා..

"ඔම්මා.....!!"

ජිමින් කෝල් එක ආන්ස්වර් කලා..ඒ අතරෙ ජන්ග්කුක් ජිමින්ගෙ බෙල්ල පුරා බටර්ෆ්ලයි කිසස් තියන ගත්තා..

"හෙලෝ ඔම්මා...."

"ඔව්...මම පරිස්සමින් ඉන්නවා.....යූ ඩෝන්ට් වොරි...."

"ඕකේ බායි ඔම්මා...ලව් යූ....."
ජිමින් කෝල් එක කට් කරනවත් එක්කම ජන්ග්කුක් ජිමින්ගෙ තොල් වලට සොෆ්ට් කිස් එකක් දුන්නා..

"බබී....ඔයා ටිකක් මහත් වෙලා වගේ..."

ජන්ග්කුක් කියද්දි ජිමින් මූණ සතපනහ වගේ කරගත්තා..

"ඔව් අනේ..ඔම්මගෙ වැඩේම මට කවන එක...මං දැන් ගොඩක් චබී වෙලා කුකී....."
ජිමින් කියනකොට ජන්ග්කුක් හිනාවෙලා එයාගෙ කම්මුලක් මාපට ඇගිල්ලෙන් පිරිමදින්න ගත්තා..

"මං දැන් කැතයි ද කුකී....."
ජිමින් මූණ බෙරි කරගෙන අහනකොට ජන්ග්කුක් ජිමින්ගෙ අත් දෙක අල්ලගෙන ඒ උඩින් හාදු තිබ්බා..

"ඔයා තවත් ලස්සන වෙලා බබී...."

ජන්ග්කුක් කියද්දි ජිමින් එයාගෙ කම්මුල් දෙකත් රතු කරගෙන ජන්ග්කුක්ගෙ පපුව අස්සෙ මූණ හංගගත්තා..මේ කෝලම් බලාගෙන ඉන්න ජන්ග්කුක්ට නම් හිතන්නේ ජිමින්ව හපන්නෙ නැතිව ගිලලා දාන්න..එයා ඒ තරමටම කියුට් ඇන්ඩ් ස්වීට්...

♡︎ 𝐑 𝐀 𝐍 𝐃 𝐎 𝐌 || ᴊɪᴋᴏᴏᴋ || on hold ♡︎Where stories live. Discover now