ථිත අපහසුවෙන් සිය දෑස් විවර කළේ ය . සිරුරෙන් දැනුණු අධික විඩාව ඔහුට දෑස් විවර කිරීමට බාධාවක් වූ අතර ඔහුට දැනුණු එකම සංවේදනය සිය අත්ලෙන් දැනුණු සුමුදු තෙත ගතිය පමණක් විය . ඔහු අපහසුවෙන් ශ්වසනය කරමින් හිස මදක් එසවූ අතර සිය සිය හස්තය මත හිස තබාගෙන , එය දෑතින්ම මෘදුව අල්ලාගෙන සුවසේ සැතපී සිටි සුග්‍රීව අය්යණ්ඩි ඔහුගේ නෙත ගැටුණි .
ථිත තවමත් පියවි සිහියෙන් නොවූ අතර ඔහු සුග්‍රීවගේ හස්තයෙන් දැඩිව අල්ලාගෙනම නැවතත් දෑස් වසා ගත්තේ ය. කුමක් හෝ කරුණක් වෙනස් වී ඇති වග ථිතට වැටහී ගිය ද ඔහු පැනයක් නොනැගුවේ ය. හේෂරාභ හා අනෙක් සොහොයුරන් පැවසූ අකාරයට සුග්‍රීව ස්වප්නාදී සමගින් විය යුතු මුත් ඔහු තමාගේ කුටියෙහි කුමක් සිදු කරන්නේ ද යනවග ථිත නොදැන සිටියේ ය.
සුග්‍රීවගේ හස්තයෙහි වූ සිනිදු බව ථිතට සැහැල්ලුවක් ගෙන ආ අතර ඔහු එක්වරම යමක් සිහිපත් වූවෙකු සේ සිය හස්තය ඉවතට ඇද ගත්තේ ය. තමා හස්තය ඉවතට ඇදි විට ඔහු අවදි කරවීමට ථිත අපේක්ෂා නොකළ මුත් සුග්‍රීව තිගැස්සී දෑස් විවර කරනු ථිත දුටුවේ ය.
ඔහුට තවත් සුග්‍රීව අය්යණ්ඩි දෙස දෙස බැලීමට ධෛර්යයක් ඉතිරි නොවූ අතර ඔහු සිය හිස අනෙක් පස හැරවූයේ ය.
'' ථිත.. '' සුග්‍රීව කලබලයෙන් නැගී සිටිනු ථිත ද සෙමින් ඍජුව අසුන් ගත්තේ සුග්‍රීවගේ කරුණාවන්ත කාල වර්ණ දෑස් මගහරිමිනි.
'' ථිත... ඔබට කෙසේ ද ? සුවෙන් නොවේ ද ? ම්ම් ? '' සුග්‍රීව සිය කම්මුල මත මෘදුව හස්තය තබමින් විමසනු ථිත අසා සිටියේ ය. ඔහු සුග්‍රීවගේ දෑස් මහහැරි අතර සිය කොපුල මත ස්පර්ශ වී ඇති සුග්‍රීවගේ මෘදු හස්තයෙහි දිගු ඇගිලි දෙස පමණක් බැලුවේ ය. මඩින් හා ඉගිනි තීන්තෙන් පෙගී තිබූ දෑගිලි ඔහු දුටුව ද ඔහු පිළිතුරු දීමෙන් වැළකී සිටියේ ය.
'' ථිත.. මුග්ධයා. හිද්දලයා.. සුවෙන් ද කියායි විමසුවේ ?? '' එවර සුග්රිවගේ හඩ බිදී ගිය වග ථිතට දැනුණු අතර ඔහු එවර සුග්‍රීවගේ දෑස් දෙස ඍජුව බැලුවේ ය.
සුග්‍රීවගේ දෑස් හැඩීමෙන්ම රත් පැහැ ගැන්වී ඇති වග දැකීම ථිත බලාපොරොත්තු නොවූවක් විය . ඔහුගේ විඩාබර ගතිය ඉස්මතු කර පෙන්වමින් දෑස් යට අදුරුව තිබූ අතර මුහුණෙහි සෞම්‍ය පෙනුම සම්පූර්ණයෙන්ම අතුරුදන්ව සුදුමැලි පැහැයක් ගෙන තිබුණේ ය. දෙතොල් වර්ෂාවට හසුව වර්ණය වියැකී ගිය ජම්බු ගෙඩිමෙන් පැහැයක් ගෙන තිබූ අතර බාහුවෙහි සිට මුහුණෙදී ඉගිනි තීන්ත ඉසී තිබෙනු ථිත නිරීක්ෂණය කළේ ය. ඔහු කලබලයෙන් සුග්‍රීවගේ හස්තයෙන් අල්ලාගැනීමට තැත් කළ ද නැවතත් තමාගේ උමතු ක්‍රියාවන් ඔහුට රිදවූ ආකාරය සිහිපත් වීමෙන් සිය වෙව්ලන හස්තය පසෙකට ගත්තේ ය.

YOU ARE READING
🌸 දිවයුරු වෙර 🌸
Historical Fiction𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - Historical BL - Short Story බිනර කුසුමතර ඔහුගේ රුව දුටිමි... දිවයුරු වෙර , පරදවා දැමුණි... - අග්නි පසුබිම් කතාංගයකි . - [ ✒️ එය නොකියවීම මෙය කියවීමට කිසිදු බාධාවක් නොවන වග කරුණාවෙන් සලකන්න ] 🌸 - ම්‍යාන මුනිගේ වැඩිමහල්ම ප...