Thousand Autumns

321 28 13
                                    

මම දැනට කියවලා තියෙන ලස්සන danmei novel ඒකක්.

මම දැනට කියවලා තියෙන ලස්සන danmei novel ඒකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Shen Qiao කියන්නෙ daoist priest කෙනෙක්. එයා Mount xuandu sect එකේ leader. එක දවසක් එයා සටනක් අතරතුර කන්දකින් පහළට වැටෙනවා. එහෙම වැටිලා ඉන්නකොට තමයි Yan wushi කියන Cleansing Moon sect එකේ leader ට හම්බෙන්නෙ.

මේ දෙන්නා සම්පූර්ණයෙන්ම වෙනස් දෙන්නෙක්. Yan wushi ලෝකෙ කිසිම හොඳක් දකින්නෙ නෑ. ඒත් Shen Qiao හැමදේම දකින්නෙ හොඳ විදිහට.

දැනට මං කියවල තියෙන හොඳම danmei novel එකක්.

Shen Qiao කියන්නෙ මගෙ කැමතිම character එක මේකෙ. (ගොඩක් අයගෙ එහෙම වෙන්නැති😁)

මේකෙ එක chapter එකක් තියෙනවා මට එපාම වුණ. තමන් විශ්වාස කරන, යාලුවෙක් කියලා හිතන කෙනෙක් ගෙන් රැවටීමකට ලක් වෙනවා කියන්නේ හරි වේදනාත්මක දෙයක්. පෞද්ගලිකව මටත් එහෙම අත්දැකීමක් තියෙනවා.

Shen Qiao පිටතින් හරිම සෞම්‍ය කෙනෙක් විදිහට පේන්න පුළුවන්. ඒත් එයා ඇතුළතින් දැඩි කෙනෙක්. එයා එයාගෙ ප්‍රතිපත්ති වලට අනුව වැඩ කරන්නේ. ඒ නිසාම තමයි එයා පස්සෙ Yan wushi ව බේරගත්තෙ. අනික එයා ඇතුළතින් කොච්චර දැඩිද කියලා එක chapter එකකදි තේරෙයි. Shen Qiao තමන්ගෙ සම්පූර්ණ සටන් කලාවන් වල පදනම එහෙම්ම විනාශ කරලා දැම්මා. ඒකටත් හේතුවක් තිබුනා. ඒත් කිසිම කෙනෙක් තමන් මොන නරක තත්ත්වෙක හිටියත් ඒක විනාශ කරගන්නෙ නෑ. ඒත් Shen Qiao ඒක කලා.

අනික එයාගෙ ඇස් පේන්නැතුව ගියාට එයා මානසිකව වැටුනෙ නෑ. එයා ඒ හැමදේම දරාගෙන ජීවිතේට මූණ දුන්නා.

කෝමහරි අන්තිමට Yan wushi & Shen Qiao ආදරෙන් බැදෙනවා. කෙනෙක් හිතන්න පුළුවන් Yan wushi, Shen Qiao ට ආදරේ නෑ කියලා. එහෙනම් ඔයා බාගෙට කියවන්න ඇත්තෙ😅හරියට කියවන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් Yan wushi ගෙ පුංචි පුංචි වෙනස්වීම්. ඒ වගේම එයා හිතන දේවල්. එයා හිතන් හිටියෙ කාටවත් එයාගෙ හිත වෙනස් කරන්න බෑ කියලා. ඒත් එයාට නොදැනීම Shen Qiao නිසා එයාගෙ හිත වෙනස් වුනා.

කියවලා නැත්නම් කියවන්න.

Author - Meng xishi
Chapters - 128 + 13 extras
Chinese name - Qian Qiu
Ship name - Yanshen / Wuqiao

කියවන්න කැමති අය මගෙ "Danemi/translations/novels" reading list එක බලන්න. ඒකෙ තියෙනවා chapters ඔක්කොම තියෙන book එකක්.

මේකෙ Anime එකකුත් තියෙනවා.

මේ තියෙන්නෙ ඒක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ තියෙන්නෙ ඒක.❤️

Episodes - 16

ඔයාලට මේක youtube එකෙන් බලන්න පුලුවන්.

😊❤️

BL Recommendations [Dramas/Movies/Novels]Where stories live. Discover now