දිවයුරු වෙර 9

1.3K 277 198
                                    

'' මා ම්‍යාන මුනිගේ පුත්‍රයෙක් නෙවේ.. '' ථිත මද නිහඩතාවයකින් පැවසුවේ සුග්‍රීව කම්පනය කරමිනි .

'' ආහ් ? '' සුග්‍රීව තවමත් වටහාගත නොහැකිව බලා සිටියේ ය.

'' සැබවින්ම මා ම්‍යාන මුනිගේ පුත්‍රයෙක් නොවේ අය්යණ්ඩි.. සුරාෂ්ම මුනි.. මගේ පියාණන්.. '' ථිත සුග්‍රීවගේ දෑස් මගහරිමින් පැවසුවේ ය.

'' සුරාෂ්ම මුනිතුමන් ??? ඔබ... ඔබ ... එවිට.. '' සුග්‍රීව පහව නොගිය කම්පනයෙන් විමසුවේ ය. ථිත සන්සුන්ව හිස සැලුවේ සුග්‍රීවගේ බද වටා වූ ග්‍රහණය දැඩි කර ඔහුව තවත් තමාගේ අසළට ගනිමිනි.

'' නමුත්.. එසේ නොවූවත් ඔබට හැකි ද මා සහෝදරයෙකු නොවන වග පැවසීමට ? '' ථිත සන්සුන්ව ප්‍රශ්න කළේ ය.

'' නොවේ.. ඔබ.. ඔබ සෑම විටම මගේ සොයුරා... ලෙයින් බැදුන ද නොබැදුන ද ... නමුත්.. නමුත්.. නුඹ කෙදිනක ද මෙය සොයාගත්තේ ? '' සුග්‍රීව විමතියෙන් ප්‍රශ්න කළේ ය. එතරම් විශාල කරුණක් ථිත සැගවීම ඔහු කම්පනයට පත් කළේ ය.

'' දාහත් වියේ දී පමණ අය්යණ්ඩි.. '' ථිත දගකාර සිනහාවකින් පිළිතුරු දුන්නේ ය.

'' සිව් වසරක් !!!! '' සුග්‍රීව විමතියෙන් හඩක් නැගුවේ ය.

'' මා ඔබට පැවසුවේ නැහැ.. රුධිරයෙන් බැදුන ද නොබැදුන ද ඔබ මට සොයුරෙකු ලෙස සලකන වග මා දන්නවා අය්යණ්ඩි.. නමුත් ඔබට මා සොයුරෙකු පමණක් නොවෙයි නොවෙ ද ?  ම්ම් ? ''

සුග්‍රීවට අනුව ථිත මෙතරම් කතා කළ ප්‍රථම අවස්ථාව මෙය විය . සුග්‍රීව හිස සලා ථිතගේ දෑස් දෙස බැලුවේ ය. පෙර දැනුණු අපහසුව වෙනුවට ඔහුට සැහැල්ලුවක් දැනුණි .

'' සොයුරෙක් සේම ම්ම්... '' සුග්‍රීව පැකිළුණේ ය.

'' සොයුරෙක් සේම ??? '' ථිත මෘදුව විමසුවේ ය.

'' බඹරෙක් ? '' සුග්‍රීව අවිශ්වාසී ලෙස විමසුවේ සෞම්‍ය ලෙස සිනාසෙමිනි.

'' අය්යණ්ඩි..!!! '' එවර ථිතගේ කලබලකාරී මුහුණෙහි ද සිනහාවක් ඇදී ගියේ ය. සුග්‍රීවගේ විඩාබර දෑස් සැහැල්ලුවෙන් වරින් වර පියවී ගියේ ය.

'' වෙහෙසයි ද බිනර කුසුම ? '' ථිත ප්‍රශ්න කළේ ය.

'' එය නොවේ මගේ ප්‍රධාන ගැටලුව... නුඹ කෙදිනක සිටම මෙතරම් කියවන්නේ ? '' සුග්‍රීව දෑස් සිහින් කර සෞම්‍ය ලෙස විමසුවේ ය. ථිත අතිශයින් නිහඩ චරිතයක් වූ අතර ඔහු ඉකුත් මිනිත්තු කිහිපයට පමණක්ම දිනකට කතා කරන සම්පූර්ණ වදන් ප්‍රමාණය ඉක්මවා ගොස් තිබුණි .

🌸 දිවයුරු වෙර 🌸Where stories live. Discover now