1|Lost Humanity

564 96 5
                                    

පාර්ක් අධිරාජ්‍යයා,පාර්ක් රාජධානියේ එකම කුමරුවන් වන ජිමින් කුමරුව රනින් නිම කරන ලද රතු පැහැති මල් වලින් සරසා තිබුණු මණ්ඩපය තුළට ගෙන ගොස් මණ්ඩපයේ මැද සදා තිබු තරමක් උස් වූ පුටුවක ඉන්දවනු ලැබුවා..

අද දවස පාර්ක් රාජධානියට ඉතාම සුවිශේෂී දවසක්..

ජිමින් කුමරු උපත ලබන විටම ඔහුගේ මව මිය යාම නිසා කෝපයටපත් වූ පාර්ක් අධිරාජිනියගේ එකම සහෝදරිය වූ ශුද්ධ ලේ සහිත මින් රේට් විසින් සිදු කල ශාපය හේතුකොට ගෙන රාජ්‍යයේ ඔටුන්න හිමි කුමරු වන ජිමින් කුමරුගේ විසිඑක් වෙනි ජන්ම දිනය වන අද දිනයේදී සියළුම ගෞරව සහිතව ජිමින් කුමරු සහ ඔහුගේ සමලිංගික පෙම්වතා වන මින් රේට්ගේ එකම පුතු මින් යුන්ගි ඝාතනය කරනු ලබයි...

පාර්ක් රාජ්‍ය සමයේ සමලිංගිකයන් බිලි දීම බහුලව සිදු වූයේ එමගින් රාජ්‍යට සෞභාග්‍ය ලැබෙන බවට තිබූ මතයක් හේතුවෙනි...එම නිසා ඔවුන් සමලිංගික සබදතා වරදක් ලෙස නම් කොට නොමැති වුවත් සමලිංගික සියලු දෙනා ඝාතනය කරනු ලබයි..එමගින් ඔවුන් රාජ්‍යට යහපත අපේක්ෂා කරනු ලබයි..

මින් රේට්ගේ ශාපයද එය විය.. ඇය පැතුවේ ජිමින් කුමරු සමලිංගිකයෙක්  විය යුතු බවයි... නමුත් ඇය කිසිදාක ඇයගේම පුතනුවන් ඇය ශාප කළ දරුවා සමඟ ආලයෙන් බැදෙවි යැයි කිසිදා නොසිතන්න ඇති..

රැස්ව සිටි සියල්ලම මරණිය වාදනයට සහය වෙද්දී ඒ හඩ රාජ්‍ය පුරා පැතිරුනි..
නමුත් ඔවුන් කිසිවෙකුට ආලයෙන් බැදී සිටි දෙනෙනෙකුගේ හදවත් වල වැළපීම ඇසුනේ නැත.. ඔවුන් සවන් යොමු කරන තෙක් කිසිදා එය නොඇසේවී..

කිසිදා දැක නැති දෙවියන් වෙනුවෙන් මිහිමත මනුෂ්‍ය ජිවිත දෙකක් බිලි දීම සාධාරණද..?

ඔව් පාර්ක් රාජධානියේ නෛමිත්තකට අනුව අද දිනයේ ජිමින් කුමරු ජන්මය ලබපු වෙලාවෙදීම මිය යා යුතුමයි.. එනම් හිරු බැස ගොස් අඩ හෝරාවකට පසුවය...

එමෙන්ම ඔහුගේ පෙම්වතා ලය පැලී මිය යා යුතුමයි.. එසේ සිදු නොවුණහොත් පාර්ක් රාජ්‍ය සැමදා අදුරේ ගිලී පවතින බව නොඅනුමානය...

එම නිසාම ජිමින් කුමරුට ශාරීරික වද හිංසා වලට ලක්‌ වීමට සිදු වෙයි.. එයින් බලාපොරොත්තු වෙන්නේ ඔහුගේ පෙම්වතාට දරා ගත නොහැකි තරම් වේදනාවක් ලබා දී ලය පැලී මිය යාම ය..

එසේ සිදු වුවහොත් රාජ්‍ය සැමදා පෙරමෙන් දිදුලාවී...

එම නිසා රාජ්‍යයේ යහපත උදෙසා පාර්ක් අධිරාජයා ඔහුගේ එකම කුලුදුල් පුත්‍රයාව බිලි දෙයි..

මේ සියල්ල සිදු වීමට මූලික හේතුව වූ මින් රේට් ද මේ බිලි පූජා උත්සවයට සහභාගී වී සිටියි...ඇයට කිසිවක් තම පුතු වෙනුවෙන් කිරීමට නොහැකි වුයේ පාර්ක් අධිරාජ්‍යයාට තරම් බලයක් මින් රාජධානියට නොතිබුණු නිසාවෙනි...

ඒ අනුව අද දිනයේ මින් රේට්ගේ සහ මින් සුන් ගේ එකම පුත්‍රයා වූ මින් යුන්ගි ද ඝාතනය කරනු ලබයි..

මින් රේට්ගේ ශාපය ඇය කරා ම නැවත යොමු වුයේ ස්වාභාව ධර්මයේ හාස්කමකට ය...නමුත් ශුද්ධ ලේ සහිත අයෙක් කළ ශාපයක් නැවත වෙනස් කරන්නට එය සිදු කළ තැනැත්තාටවත් නොහැකිය ...ක්ෂණික කෝපය වරදක් නොකරපු දෙදෙනෙකුගේ ජිවිත අද දිනයේ මෙලෙස බිලි ගනීවී....

_________________________________________
21:55
12.9.21

_Whalian_

𝐑𝐄𝐅𝐋𝐄𝐂𝐓𝐈𝐎𝐍 | 𝙼𝚈𝙶 ; 𝙿𝙹𝙼 [Short Story √ ]Where stories live. Discover now