7|End

365 91 26
                                    

ජිමින් කුමරුගේ විසි එක් වෙනි ජන්ම දිනයට තව ඇත්තේ අඩ හෝරාවක් පමණි.. එම නිසා ශාරීරික හිංසනය ආරම්භ කරන නිසාවෙන් යුන්ගි කුමරුව ද ජිමින් කුමරුට මුහුණලා සාදා තිබූ අනෙක් මණ්ඩපයේ අසුන් ගැනීමට සැලැස්විය..

එසේ අසුන් ගත් පසු ආරම්භ වූයේ ජිමින් කුමරුගේ දිවියේ දුක්ඛිතම මොහොතයි.. වධකයන් විසින් ජිමින් කුමරු හ‍ට බරපතල ලෙස හිංසා පමුණුවද්දි ජිමින් කුමරුගේ විලාපයෙන් මුළු මාලිගයම දෙදරා ගියේ ය..

ජිමින් කුමරුගේ විලාපය මෙන්ම රක්ත වර්ණයෙන් දිස් වූ ඔහුගේ ශරීරය යුන්ගිගේ හද කම්පා කිරීමට සමත් විය.. ඒ අනුව ජිමින්ටත් වඩා යුන්ගි කුමරුන් විලාප දී හඩන්නට වූයේ වේදනාව දරා ගත නොහැකි නිසාය...

ශුද්ධ ලේ ඇති අයෙකු ආලයෙන් බැදෙන්නේ එක් වතාවක් පමණයි.. ඒ නිසාම ඔවුන්ගේ සහකරුවා විදින ඕනෑම වේදනාවක් ඔවුන්ටත් ඒ විදිහටම දැනෙනවා.. ඔවුන් ආදරය වැනි පවිත්‍ර බදිමකදී අධි සංවේදී වූ නිසා ජිමින් කුමරුගේ වේදනාවට වඩා දහස් ගුණයක වේදනාවක් යුන්ගිට දැනෙනවා..

ඒ නිසාමයි නෛමිත්තක ජිමින් කුමරුට වද හිංසා පමුණුවා එමගින් ලය පැලී මිය යන යුන්ගි කුමරුගේ හදවතේ ඇති ලේ බිදුවක් ගෙන එය ජිමින් කුමරුගේ නළලේ සලකුණු කොට ඉන් පසු ගෙල සිද දැමීමට සියල්ල සුදානම් කර තිබුණේ...

අඩ හෝරාව ගෙවී යාමට මත්තෙන් යුන්ගි කුමරු ලය පැලී මිය ගියේ ජිමින්ගේ දෑස් දෙස  බලාගෙනම ය..ඒ මොහෙත්දී යුන්ගිගේ එකම ප්‍රාර්ථනය වූයේ මේ භවයේ එක් නොවුනත් මතු ලබන හැම ආත්ම භවයකම ජිමින් කුමරු හා එක් වන්න හැකි වේවා කියා ය..

ඔහුගේ හදවතේ ලේ බිදුවකින් ජිමින් කුමරුගේ නළල සලකුණු කළ නෛමිත්තක කාලය එලබී ඇති බව පාර්ක් අධිරාජ්‍යයාට සන් කල විගස ඔහු ඔහුගේ ම පුත්‍රයා වන පාර්ක් ජිමින් කුමරුගේ හිස කදින් වෙන් කළ දැමුවා....

යුන්ගි කුමරුගේ මරණය දරා ගත නොහැකිව සහ තමන්ගේ ක්ෂණික කෝපය නිසා කළ ප්‍රබල ශාපය ගැන පසු තැවුල් වූ මින් රේට් ද ලය පැලී මිය ගියේ තම පුතනුවන් මරාගත් මෑණියක්‌ ලෙස ජිවත් විය නොහැකි නිසාවෙනි...

සියල්ල හොදින් සිදු වන්නට තිබුණා... එක් අයෙකුගේ ක්ෂණික කෝපය නිසා සියල්ල අහිමි වුණා...

_නමුත් මතු ඉපදෙන හැම ආත්ම භවයකදී ම ජිමින් කුමරු සහ යුන්ගි කුමරු ඔවුන්නොවුන්ගේ වෙන්න පතනවා_

________________නිමි.._________________

23:52
12.9.21

_Whalian_

🎉 You've finished reading 𝐑𝐄𝐅𝐋𝐄𝐂𝐓𝐈𝐎𝐍 | 𝙼𝚈𝙶 ; 𝙿𝙹𝙼 [Short Story √ ] 🎉
𝐑𝐄𝐅𝐋𝐄𝐂𝐓𝐈𝐎𝐍 | 𝙼𝚈𝙶 ; 𝙿𝙹𝙼 [Short Story √ ]Where stories live. Discover now