අපේ කතාවෙ අටවන කොටස​...💕

99 17 205
                                    


ඉතින් මං කිව්ව වගේ මිනු යි හීඔ යි මේ ලස්සන දවසෙත් උදෙන්ම ෂොප් එකට යනවා. ගොඩාක් වැඩ කරන්න හිතාගෙන​. ඔන්න දැං දෙන්න ඉන්නෙ ෂොප් එකේ දොර ලග දොර අරින්න යන්නෙ .උදේ පාන්දර නිසා පාරෙත් කවුරුත්ම නෑ.

හීඔ හිටියෙ ලොක් එක අරින ගමන්. මිනු ගෙ හැටි ඉතින් දන්නවනෙ වීදුරුවක් කන්නඩියක් පේන්න බෑ හැඩ බලනව . හීඔ දොර අරින කම් මිනූ ශොප් එකේ වීදුරුවෙන් බලල කොන්ඩෙත් හදල​,මහත් වෙලාදත් කියල බැලුව විතරයි,එකපාරට ම පිටිපස්ස හැරුනෙ වීදුරුවෙන් කගෙ හරි ඡායාවක් දැකල​.

"හීඕ...හ්"මිනුට කියාගන්න පුලුවන් උනේ එච්චරයි.

අයියෝ....එකපාරටම මූනු වහගත්ත මිනිස්සු තුන් දෙනෙක් එයාල ඉස්සරහ. මිනූට හිතන්න වත් වෙලාවක් නොතියා එයාගෙ මූනට ලේන්සුවක් තියල සිහිය නැති කලා . මිනුව ටිකක් එහාට වෙන්න තිබුනු වාහනේකට දාගන්නකම් හීඔ ට මොකුත් කරගන්න බැරි උනා. මොකද එයාව හයියෙන් අල්ලන් හිටියෙ තව කිඩ්නැප​(ර්) කෙනෙක්.හීඔ ව තල්ලු කරල දාල අර කිඩ්නැපස් ල වාහනේට නැග්ගා.හීඔ වැටුනු තැනින් නැගිටල කෑගහගෙන වාහනේ ලගට දිව්වා

"අනේ ප්ලීස් කවුරු හරි හෙල්ප් කරන්නකෝ..."


ඒත් මොනාකරන්නද පේන තෙක්මානෙක කවුරුත් නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒත් මොනාකරන්නද පේන තෙක්මානෙක කවුරුත් නෑ.සිහිය නැති මිනු එයාට මොනව උනාද කියල දන්නෙ වත් නෑ.අසරන හීඔත් මොනව කරම්නද කෑගහනව මිසක්.

වාහනේ ඇවිත් හීඔ ළග නවත්තල තර්ජනය කරල යන්න ගියා.

"ඒයි කෙල්ල​, අපිට ඔහේලත් එක්ක පෞද්ගලික තරහක් නෑ. ඒ නිසා මේ කෙල්ලව ඕනෙ නම් අපි කියන දේවල් කරනව .පොලිසියට හරි වෙන කෙනෙක්ට හරි කියල තිබ්බොත් මෙයාගෙ ෆොටෝ එකක් දිහා බලාගෙන තමයි ඉන්න වෙන්නෙ තමුන්ට​​.අපි කෝල් එකක් දුන්නම ඒ විදිහට කරනව​.හරී..?"

LOVE FOR LIFE💕💕Where stories live. Discover now