💚 Chapter 1 💚

3.6K 340 50
                                    

මා හිත ළඟම දැවටෙනා
නුරු පෙමක පැටලෙනා
රුව නාරී මනහාරී සුකුමාලී
නුඹ තමා

මැණිකේ මගේ හිතේ
මුදු ඒ නුරා හැඟුම් යාවී
ඇවිලේවී.....
නෙරියේ නුඹේ නගේ
මගෙ නෙත් එහා මෙහා යාවී......

" නවත්තපාාාාන්. ඕක යොහානි අක්කට එහෙම ඇහුනොත් තොට කොරියාවට ඇවිත් ගහන්නෙ බන්. "

" අඩෙහ් ඒක අවුල්ද "

" අවුල්ද.. අවුල් නෙමේ බන් පවුල්. උඹේ ඔය සින්දුව ඇහුනොත් පවුල් වෙච්ච මිනිස්සුත් ඩිවෝස් වෙලා යයි. ඒ තරම් අජූතයි බන් "

" ඔයත් ඔහොම කියද්දි පිට අය ගැන කවර කතාද ඉතිම් හූම් "

" දැන්වත් පොඩ්ඩක් කටවහන් යමුද? කාර් එකට නැග්ග වෙලේ ඉඳන් උඹ මෙතන වන් මෑන් ෂෝ ගහනවා. මමයි අර ෂනූයි පව් කියලා හිතෙන්නැද්ද බන්."

" ඉරිසියාව. පැහැදිලි ඉරිසියාව  "

මම අචී. යොහානි අක්කගෙ මැණිකේ කිව්වෙ මම තමා. අනිත් අයගෙ මතයට අනුව නම් ඒක ඇහුවම පපුවෙ අමාරුව හැදෙනවලු. මන් ඉතින් ඔය ඉරිසියාකාරයොන්ගෙ කතා ගනන් ගන්නෑ හූම්.... එහා පැත්තෙ සීට් එකේ කාර් එක ඩ්‍රයිව් කරන් යන්නෙ මගෙ ලොකුම ඉරිසිරියාකාරයා.  මගෙ පාප මිත්‍රයා. එහෙම නැත්තම් අරෝ නොහොත් මගෙ අලි පැටියා. පිටිපස්සෙ සීට් එකේ ඉන්නෙ ෂනූ. එයා දැන් නම් නිදි. ඒ අපි දෙන්නගෙ අක්කා. අක්කා කිව්වට අපි තුන්දෙනාගෙ කිසිම ලේ බැඳීමක් නෑ. ඒත් එයා අපි දෙන්නගෙ අක්කා. අපි එයාගෙ මොංගල් සහෝදරියො දෙන්නා. නංගිලා දෙන්නට වගේම එයාටත් ලාවට මොංගල්. මගේ අලි පැටියගෙන් තමා එයා ටිකක් ඔය මොංගල් ගති ඉගෙන ගත්තෙ. අලි පැටියට මොංගල් ගති පුරුදු කරේ මන්. එතකොට මේ හැමෝම මොංගල් ඩයල් කිරීමේ පූර්ණ ගෞරවය මගේ.

දැන් හවස හයට විතර ඇති. උදේ දහයට විතර ගමන පිටත් වුනු අපි තාමත් යන ගමන්. අපි තුන්කට්ටුව මේ යන්නෙ අපේ අලුත් යුනිවර්සිටි එකට. ෂනූ අපි දෙන්නට වඩා අවුරුද්දක් වැඩිමල්. එයා කලින් හිටියෙ සෝල් වල යුනිවර්සිටි එකක. ඒත් එයා ඒකෙන් අයින් වෙලා මින්සෙන් වල යුනිවර්සිටි එකට එන්න තීරණය කළා. ෂනූට ලස්සනට කවි ලියන්න පුළුවන්. එයා සාහිත්‍යයට ගොඩක් ආස කෙනෙක්. ඒ නිසාම තමයි කලබලකාරී සෝල් නගරෙන් ඈත් වෙලා එයා මේ වගේ මිනිස්සු හුඟක් අඩු පැත්තක තියන යුනිවර්සිටි එකකට එන්න තීරණය කළේ. අපි දෙන්නත් හයි ස්කූල් එකෙන් අවුට් උනේ මේ ළඟදි. ෂනූත් මෙහෙ එන නිසා අපි දෙන්නත් මින්සෙන් වල යුනිවර්සිටි එක ඇප්ලයි කරා. ෂනූ සෝල්  ඝෝෂාකාරී තැනක් කියලා ඒකෙන් මිදෙන්න මෙහෙ ආවට මටයි මගෙ අලි පැටියටයි පුළුවන් මුළු කොරියාවම හොල්ලන තරමට කෑ ගහන්න.

 - කෑකෝ ගෙදර with අයිතිකාරයා - (✓)Onde histórias criam vida. Descubra agora