💚 Chapter 11 💚

1.1K 207 59
                                    

මගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්න වගේ එයා ඔළුව වැනුවා. මම ටේහ්යුන්ට ගුඩ් නයිට් කියලා අපේ රූම් එකට ගියේ මේක හීනයක්ද කියලා හිතන ගමන්. මන් ගෙදර යද්දි අර ඩබල සාලෙ මැද නිදි. එකෙක් සෝෆා එක උඩ ඉඳන් නිදි. අනෙකා සාලෙ මැද පොළව බදන් නිදි. ඒ දෙන්නට ෂීට් දෙකකුත් පොරවලා මන් මගේ කාමරේට ගියේ නිදාගන්න කියලා හිතන්. ඊට කලින් මන් වෙන ඇඳුමක් ඇන්දේ අර කුකියගෙ ඇඳුම් මට ලොකු වැඩි නිසා. මම බාත්රූම් එකෙන් එළියට එනකොට මගේ ඇඳ උඩ වාඩි වෙලා හිටිය ටේහ්යුන් දැකලා මට කෑ ගැස්සුනෙ ඉබේටමයි.

" ඒයි කෑගහන්න එපා. "

මගේ ළඟට ඇවිත් මගේ කට එයාගෙ අතින් තද කරලා වහන ගමන් ටේහ්යුන් උත්තර දුන්නා.

" අද නම් මගෙ පන යනවා ඔහේ නිසා. මෝඩ නරියා 😠 මොන එහෙකටද දැන් ආවෙ. ඔහෙගෙ ඔය ටෙලිපෝට්ද මොකක්ද එක නිසා දැන් නම් හෙන වදේ. "

" ආ ඔන්න නැති කර ගන්න එපා ආයෙ. "

ටේහ්යුන් මට මගේ පෝන් එක දෙන ගමන් කිව්වා. මන් මගෙ දත් තිස් තුනම විරිත්තුවෙ එයාට තෑන්ක් කරන්න. ( Author - මන් දවසක් කිව්වෙ අචීට නල දතක් තියනවා කියලා. ඒ නිසා දත් තිස් තුනයි 😁😁😁 )

" හේ හේ තැන්කූ ඉතින්. අනා මගෙ සූටියා ඔයා නැතුව මන් කොහොම කියලා ඉන්නද සප්තලනේ. මගෙ උම්මා කැටේ. "

මන් පෝන් එකට උම්මා වැස්සක් දීගෙන ගියේ එයා ලැබුණු සතුටට.

" යා මේක පිස්සු කෝලමක්නෙ "

" එහෙම තමා අපි 😎 දැන් යන්න ඉතින්. "

" යාාාා ආචියා මොකක්ද ඔය සද්දෙ. "

" කිරිඅප්පට හිවල්ලු බුරපි. දැන් මොකද කරන්නෙ. 🤐 ආ ෂනූ මන් මේ අප්පට කෝල් එකක් ගත්තා. ඔයා ගිහින් නිදියන්න. "

" ආ හරි බන්. ගුඩ් මෝනිම්. "

" මේකිට පයිත්තියම්ද ගුඩ් මෝනිම් ගාන්නෙ 😂 හවස බිපුවයෙ සැර තාම තියනවා මයෙ හිතේ. "

මම ෂනූට බොරුවක් කියලා හැරුනෙ ටේහ්යුන් දිහාවට. මේන් මේකා යන්න ගිහින්. එකපාරටම මම ගැස්සුනේ මගේ ඉන වටා එතුනු ටේහ්යුන්ගෙ අත් දෙක නිසා. එයාගෙ බෙල්ල මගෙ උරහිසේ තියන් ඉද්දි ඒ හුස්ම මගෙ බෙල්ලෙ වදිද්දි මට දැනුණෙ අමුතුම කිතියක්. ඒ උණුසුමට මන් හුඟක් ආස කලා. හැමදාම මේ විදියට ඉන්න තියනවනම් කියලා ප්‍රාර්ථනා කළා.

 - කෑකෝ ගෙදර with අයිතිකාරයා - (✓)Where stories live. Discover now