💚 Chapter 2 💚

1.6K 286 43
                                    

මම මගේ අයෝමය ශක්තිය යොදලා දොරට මගේ රාජකීය කකුලෙන් පාරක් දුන්නා විතරයි මිත්‍රවරුනි දොර ගලවන් බිම. දොර නම් කමක් නෑ කියමු ඒ දොරට එහා පැත්තෙ තිබ්බ දේ දැකලා මමයි අර ඩබලයි කොන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා ගියා.


එතන දෙන්නක් හිටියා. එක්කෙනෙක් ඇඳ උඩට වෙලා නිදාගන්න හදන ගමන්ද කොහෙද හිටියෙ. අනිත් එක්කෙනා........ එයා ගැන කතා නොකර ඉමු.  එක්කො කතා කරමු. එයා හිටියෙ සුදු පාට ටවල් එකක් ඇඳන්. සික්ස් පැක්  නෑ නෑ.... එයිට් පැක්. නාන ගමන්ද කොහෙද ඉඳලා තියෙන්නෙ. ඇඟ දිගේ තාම වතුර බේරෙනවා. වතුර නිසා ඇඟ කිරි ටොයියා වගේ දිලිසෙනවා හරියට වීදුරුවක් වගේ. අපි තුන්කට්ටුවයි අර කොල්ලො දෙන්නයි හොඳටම බය වෙලා. ඊටත් වඩා මගෙ කට යාර බාගයක් තරම් දුරට ඇරිලා කියලා මට ලාවට දැනුණා. අරෝ මගෙ කොණ්ඩෙන් ඇද්ද නිසා තමා ආපහු පියවි සිහියට ආවෙ. අපෙ අලි පැටියා මගෙ ලස්සන කේෂ කලාපෙන් අදිනකම් මන් හිටියෙ අර කොල්ලයි එයාගෙ ටවල් එකයි ඒ එයිට් පැක් ඇඟයි ඇඟ දිගේ බේරෙන වතුර බින්දු අතරෙයි සිහින මවන ගමන් .

" ඒයි තමුසෙට පිස්සුද මෙහෙම එකපාරට මිනිස්සුන්ගෙ කාමර වලට කඩා පනින්නෙ. "

අර සුදු ටවල් කාරයා එහෙම කියාගෙන මගෙ දිහාට ඇඟිල්ලකුත් දික් කරන් බැනගෙන ආවා. කියන්න සතුටුයි මිත්‍රවරුනි ඒ සද්දෙට මගෙ මේ හැකර කට ලත් තැන ලොප් උනා කියහන්කො. ඕක තමයි මට හැම වෙලාවෙම හෙනේට හිටියෙ. කරුමෙ කියන්නෙ මගෙ කටින් කිසිම දවසක මනුස්සයෙක්ට බනින්න බැරි එක. අරෝයි ෂනූයි ඉස්සරහ රවුඩි බේබි වගේ කියෙව්වට පිට මනුස්සයෙක් වචනයක් කිව්වත් ඇති මගෙ කටට අගුල් වැටෙන්න. එහෙම කියලා අපි සැලෙනවද. නෑනෙ නෑනේ. ඒකට තමා මගෙ අලි පැටියා ඉන්නෙ. ෂනූටත් වැඩි වෙනසක් නෑ. මනුස්සයෙක්ට බනින්න තියා හිතන්නවත් බෑ ඒකිට.

" යාාා..... මොකද තමුසෙගෙ කට ඔච්චර සද්දෙ. මේ අපේ රූම් එක. තව එනවා මෙතන කියවන්න. "

" යාාා.... මේක කොහොමද ඔහෙලගෙ වෙන්නෙ. මේක අපෙ රූම් එක. "

" මේ බලනවා මේ රූම් එක ඉස්සරහම ගහලා තියෙන්නෙ අංක නවය කියලා. හිතුවද අපේ ඇස් පොට්ටයි කියලා. "

 - කෑකෝ ගෙදර with අයිතිකාරයා - (✓)Where stories live. Discover now