💚 Chapter 16 💚

1.6K 265 260
                                    

" අනා මගෙ ආචියා..... මේ කුරිරු ලෝකෙ මාව තනියම දාලා ගියා නේද 😭 නැගිටපන් මයෙ දෙයියෝ නැගිටපන් මයෙ අම්මා .... "

ෂනූ අරෝව බදන් හොස්පිට්ල් එක දෙවනත් වෙන්න කෑ ගහනවා. හැමෝම බලන් ඉන්නෙ මැෂින් ගොඩක් අස්සෙ තමන්ගෙ ජීවිතෙත් එක්ක සටන් කරන අචී දිහා. ඊට එහා පැත්තෙ රූම් එකේ ඉන්න ටේටත් තාම සිහිය නෑ.

" හොබී ඔප්පා කියන්නකො එයාලට මොකද වුනේ කියලා...."

ෂනූ අඬ අඬම ප්‍රොෆෙසර් හෝසොක්ගෙන් එහෙම ඇහුවෙ අචීවයි ටේවයි මීට පැය දෙකකට විතර කලින් හොස්පිට්ල් එකට එක්කන් ආවෙ එයයි කුකීයි නිසා.

" මොකක්ද කිව්වෙ. ඔප්පා කියලා කිව්වද මට. අනික හොබී කිව්වෙ ඇයි. යාාාා මම යුනි එකේ ප්‍රොෆෙසර් කෙනෙක්. මම ප්‍රොෆෙසර් හෝසොක්😐"

" අනේ ඉර මාමෙ ඔයා කවුරු වුනත් මට මොකද කියනවකො හුවෑ 😭... "

" ඒ පාර මට ඉර මාමලු මේ කෙල්ල. "

ෂනූ අරෝගෙ ඇඟේ එල්ලිලා ඉද්දිම එහෙම ඇහුවත් හෝසොක් නෙමේ උත්තර දුන්නෙ. හෝසොක් ෂනූව නෑහුණු ගානට හෙමීට එතනින් ලිස්සලා ගියා. ටේගෙ අම්මා එතන තිබ්බ පුටුවකට වාරු වෙලා කඳුළු පිරිච්ච ඇස් වලින් එයාගෙ පුතාගෙයි අචීගෙයි දිහා මාරුවෙන් මාරුවට බලන ගමන් හිටියෙ. හොස්පිටල් එකේ මේ වෙලාවෙ හිටියෙ අරෝයි ෂනූයි කුකීයි හේසොක්තුයි ටේගෙ අම්මයි විතරයි. දැන් රෑ දොළහට විතර කිට්ටු වෙලා තිබ්බ නිසා අනිත් කට්ටියව කුකී ගෙදර යැව්වෙ බොහොම අමාරුවෙන්. අරෝයි ෂනූයි අචී නැතුව ගෙදර යන්නෑ කියලා මෙතන බිම වැටිලා පෙරලුණේ නැති ටික විතරයි. කුකී එයාලා දෙන්නට ඉන්න ඉඩ දුන්නෙ අචීගෙ හොඳම යාළුවො දෙන්නා ඒ දෙන්නා නිසා.







Tae pov.

මම බොහොම අමාරුවෙන් ඇස් අරිද්දි දැක්කෙ සුදුම සුදු පාට කාමරයක්. වට පිට බලද්දි දැක්කෙ මට සේලයින් දීලා තියනවා. මන් ⁣හිටියෙ ඇඳක දිගෑරිලා. ඒ කාමරේ තිබ්බ දේවල් අනුව මට තේරුණා මන් ඉන්නෙ හොස්පිට්ල් එකක කියලා. එතකොටම මට මතක් වුණේ අචීව. මන් එයා කොහෙද කියලා බලන්න නැගිටලා යන්න හැදුවත් මට හෙලවෙන්නවත් බැරි වුනේ මගෙ මුළු ඇඟම ඇදුම් කෑව නිසා. එවෙලේ තමා දැක්කෙ මගෙ ඔළුව අත පය හැම තැනකම වගේ බැන්ඩේජ් දාලා තියනවා.  මම අතට ගහලා තිබුණු සේලයින් එකත් ගලවලා වේදනාව අමතක කරලා දාලා අචීව හොයන්න නැගිටිනකොටම කාමරේට ආවෙ අම්මයි කුකීයි.

 - කෑකෝ ගෙදර with අයිතිකාරයා - (✓)Where stories live. Discover now