💚 Chapter 5 💚

1.2K 214 128
                                    

අපි මින්සෙන් වලට ඇවිත් දැනට හරියටම සතියයි. මේ දවස් ටිකට මන් මගෙ ෂර්ලොක් හෝම්ස් බුද්ධිය පාවිච්චි කරලා නව සොයා ගැනීම් කිහිපයක් සිදු කරා.

1. ටේහ්යුන් කියන්නෙ අපි යන යුනිවර්සිටි එකේම කෙනෙක්. හොඳම දේ එයත් ඉන්ජිනියරින්. ඊටවත් ⁣වඩා හොඳම දේ මේ යකා ඉන්නෙ මගේ පේළියට ඉස්සරහා පේළියේ. මට දැන් ටේහ්යුන්ව දකිනකොට නිකන්ම ඉබේට සූ බරත් හැදෙනවා. 🤧🤧🤧 ඔය මනුස්සයගෙ වැඩේ දකින දකින වාරයක් පාසා මට ඔරවන එක.

2. එදා සඳටයි මටයි සින්දු කියන්න කියපු කෝල බෙයාර් අයියයි සුදු උස අයියයි ඉන්නෙත් අපි නැවතිලා ඉන්න තැනමයි. ඒ දෙන්නගෙ නම් කිව්වොත් කෝල බෙයාගෙ නම කිම් නම්ජූන්. සුදු උස අයියා කිම් සොක්ජින්. දෙන්නම කිම් වුනාට සහෝදරයො නෙමේලු.

3. අපිට දැන ගන්න ලැබුණා අපි නැවතිලා ඉන්න තැනට පිටිපස්සෙ තියන විල ළඟින් තියන අතුරුපාරෙන් යුනිවර්සිටි එකට යන ෂෝට් කට් එකක් ගැන. දැන් අපි හැමෝම යුනි යන්නෙ පයින්. විනාඩි විස්සකින් විතර අපිට යාගන්න පුළුවන්.

4. අපි පලවෙනි දවසෙම කඩාගෙන ගිය කාමරේ හිටිය සුදු ටවල් කොට ඩෑල් එකේ නම පාක් ජිමින්ලු. හොඳම දේ මගෙ අලි පැටියගෙ අලුත්ම ක්‍රස් එක එයා. මට හිතෙන්නෙ මේ එයාගෙ 1756 වෙනි ක්‍රස් එකද කොහෙද. ඇයි ඉතින් ඩ්‍රාමා වල ඉන්න හැම නළුවෙක්ම මොයගෙ ක්‍රස් එකනෙ.

5. එදා සුදු ටවල් කොට ඩෑල් එකගෙ කාමරෙ ඇඳට වෙලා බාගෙට නිදාගෙන හිටපු කොනගෙ නම මින් යුන්ගි. ඔය මනුස්සයා බැලුවොත් ඇත්තම් කොහෙ හරි වැටිලා නිදි. වෙලාවකට හිතෙනවා මගෙ නෑයෙක්වත්ද කියලා.

දැනට ඔච්චරයි හොයා ගත්තෙ. දැන් එන්න එන්න යුනි එකේ වැඩ නිසා අපි හැමෝම බිසී වෙලා. අද අපිට අලුත් ප්‍රොෆෙසර් කෙනෙක් එනවා කිව්වා. සඳයි මමයි දැන් මේ පෙරමග බලන් ඉන්නෙ අපේ අලුත් ප්‍රොෆෙසර් කවුද කියලා බලාගන්න. අපි දෙන්නා ඈනුම් ඇර ඇර ඉන්නකොට අපේ අලුත් ප්‍රොෆෙසර් ආවා.

" යාාාා සඳේ...... මාව කොනිත්තපන් 😮 "

" අඩෝ...... මාවත් කොනිත්තපන්කො😮"

අපේ අලුත් ප්‍රොෆෙසර් දැකලා කෙල්ලො සේරටම සූස් ගෑවුනා. එයා ප්‍රොෆෙසර් කෙනෙක්ට වඩා නළුවෙක් වගේ.

 - කෑකෝ ගෙදර with අයිතිකාරයා - (✓)Where stories live. Discover now