💚 Chapter 4 💚

1.2K 242 83
                                    


" අපි දෙන්නා ඉතින් ටේබල් එකක වාඩි වෙලා කෑම කෑවා. එතනට එක පාරටම කොල්ලෙක් ආවා. ආපු එකා දැකලා කාපු ටිකත් පිට උගුරෙ ගියා බන්. "

" ඒ කවුත ඒ. "

" අර සුදු ටවල් කාරයා. "

" අම්මෝ සාම්ත... "

" ඒයි අචී හිනා වෙන්න එපා... මන් එතන විලිලැජ්ජ වුණ තරම් උඹ දන්නෑනේ. "

" මොනවද එයා කිව්වෙ.  "

" ඒ යකාත් අපේ ෆැකල්ටියේ. අර ඇඳේ නිදා ගෙන හිටිය එකත් අපේ එකේමයි. අර කොට ඩෑල් එක කිව්වෙ නැතෑ එතන හිටිය සේරමලට ඇහෙන්න මෙන්න මේ කෙල්ලගෙන් පරිස්සම් වෙන්න මෙයා කොල්ලො ඉන්න කාමර වලට බලෙන් රිංගනවා කියලා. "

" 😂😂😂😂 "

" ඒයි ආචියා අරෝට හිනා වෙන්න එපා හූම් 😂😂😂 "

" ඌට හිනා වෙන්න එපා කිය කිය තෝ මෙතන මහ කනදරා වැව ඇරියා වගේ හිනා වෙනවනේ ෂනූ. "

" ආ ඒක නෙමේ මටත් අලුත් යාලුවෙක් හම්බුනා. අර අරෝ දැන් කිව්වෙ රෂ් කියලා කෙනෙක් ගැන. එයාගෙ අනිත් යාලුවො දෙන්නක්ගෙන් එක්කෙනෙක්. එයාගෙ නම සඳ. "

" ඒක නෙමේ ෂනූ කියන්නකො ඔයාලගෙ ෆැකල්ටි එක ගැන "

" එයාගෙ නම ජිමින්ලු 😋 "

මම ප්‍රශ්නෙ ඇහුවෙ ෂනූගෙන්. ඒකට උත්තර දුන්නෙ අපේ අලි පැටියා. ඒකත් ජිමින්ද ශිමින්ද මොකක්ද කියලා.

" යාාාා..... අරෝ කවුද ජිමින්."

" මේ ෂනුවෝ...... අර සුදු ටවල් කොට ඩෑල් එක..... එයා ජිමින්. "

අරෝ ඒක කියපු විදියට අපි දෙන්නටම හිනා ගියා. අච්චර ලැජ්ජාවක් වෙලත් මේකි අර සුදු ටවල් කොට ඩෑල් එක ගැන කියවනවා. ඊටපස්සෙ අපි තුන් දෙනා රෑ කෑම හැදුවා. කෑම හදන අතරතුරේදි මට එකපාරටම මතක් වුනේ මෙහෙ අයිතිකාරයා. එයා ටිකක් අමුතුයි. මන් එයාව එකම එක පාරයි දැක්කෙත්. ඒකත් අර මුල්ම දවසෙ රූම් මාරු වෙච්ච වෙලාවෙ. ඒ ආවත් එයා කිසිම කෙනෙක් එක්ක කතා කරේ නෑ. මූණෙ හිනා පොදක් ගෑවිලාවත් නෑ.

" මේ අචී අපි රෑ වෙලා එහා පැත්තෙ ඉන්න සඳයි රෂ්වයි බලන්න යමුද. "

" හා "

මමයි අරෝයි නම් උඩින්ම කැමතියි. ෂනුවට නම් යන්න බෑ කිව්වා. එයා යනවා කිව්වා අපි නැවතිලා ඉන්න ගෙදර පිටිපස්සෙ තියන ලොකු විල ගාව. එතන පොඩි පාක් එකක් තියනවා. ෂනූ දැන් එතන අල්ලන් දවසෙම එතනට වෙලා කවි ලියනවා. සාහිත්‍ය ගැන මෙලෝ අට මගලයක් දන්නැති මමයි අලි පැටියයි කකා බිබී සුවසේ ජීවත් වෙනවා.

 - කෑකෝ ගෙදර with අයිතිකාරයා - (✓)Where stories live. Discover now