𝚌𝚑𝚊𝚙𝚝𝚎𝚛 5

4.6K 530 83
                                    

ටේ ජිමින්ට කියලා ඔෆිස් එකෙන් එලියට ආව.

ටික වෙලාවකින් ටේගේ කාර් එක නැවැත්තුවේ විශාල ශොපින් සෙන්ටර් එකක් ගාව

........................................................................

Jungkook pov

" ජන්කුක් පුතා "

jungkook " ඔහ් අජුම්මා "

" කෑම කන්න එන්න ලමයෝ "

jungkook "හ්ම් මන් එන්නන්"

උදේ මාස්ටර් ගියාම මම කලේ කාමරේට වෙලා කල්පනා කරපු එක.. හිටපු අපායෙන් බේරිලා ආවත් මම ආයෙම අපායකට වැටුනා. ඒත් මන් කියලා මොනා කරන්නද.. මාස්ටර් කිව්ව විදිහට මාව සල්ලි දීලා අරන් තියෙන්නේ..මට දැනුයි තේරෙන්නේ මාව ආයෙමත් ඒ අපායටම වැටිලා.. ආයෙමත් කෙනෙක්ව සතුටු කරන තත්වෙට මාව වැටිලා... ඇයි මම කැත වෙලා ඉපදුනේ නැත්තේ... මේ සේරම මේ ඇග නිසාද ... ඇයි මිනිස්සු මේ තරම් පහත් වෙන්නේ... තමන්ගේ ආසාවන් වලට මිනිස්සුන්ව පාවිච්චි කරන්නේ 😔..දැන් එතකොට මම එයාගේ සෙල්ලම් බඩුවක්ද.. හැමදාටම මට මාස්ටර් ගාව ඉන්න වෙනවද..න්.නැ එයත් මාව පාවිච්චි කරලා විසික් කරලා දායි...

අජුම්මා කතා කරපු නිසා මම කාමරෙන් එලියට ආවා.. කෑම කන්නවත් මට උවමනාවක් නැ. ඒත් ඔම්මා ලග වැඩකාරෙක් වගේ හිටියට මෙහෙදි එහෙම ඉන්න ඕනි නැ. ඒත් මන් මොකක්ද කරන්නෙ. මෙහෙ ඉන්න පුලුවන් කාලයක් ඉන්නවද. පැනලා යනවද . මෙහෙන් පැනලා ගියොත් මට ඉන්න තැනක් නැති වෙනවා. මෙහෙ හිටියොත් කෑම ටිකයි ඉන්න තැනයි ලැබෙනවා . ඒත් මට මෙහෙ ඉන්න කාලේ පුරාවටම මාස්ටර් ගෙ ඇගට යට වෙන්න වෙනවා. මන් මහ පවුකාරෙන්.. මට කියලා කවුරුත් නැ. මේ විනාශ වෙච්ච ශරීරය නිසා මට ආදරය කරන්න අයිතියකුත් නැ. මන් කොහොම ආදරේ කරන්නද...ආදරේ කියන දේ අප්පගෙන් විතරයි මට ලැබුනේ.. ඒත් අප්පත් මාව දාලා ගියා. මන් ආදරේ කරන්න ආසයි.. ඒත් මට ආදරේ අයිති නැ..

"ජන්කුක් පුතා.. කෑම සීතල වෙයි.කන්න එන්න"

අජුම්මා ඒ පාර නම් කෑ ගැහුවා..
ඊයේ දවස ඇතුලට මායි අජුම්මයි ගොඩක් ලං වුනා.අජුම්මා හරියට අම්මා කෙනෙක් වගේ.
මන් දන්නැ ඇයි මට මෙහෙම සලකන්නේ කියලා ඒත් අජුම්මාගෙන් ඇහුවම කිව්වේ ජිමින් හියුන් මාව බලාගන්න කියලා අජුම්මට කිව්වලු.ජිමින් හියුන් ගොඩක් හොද කෙනෙක්.

𝐃𝐀𝐃𝐃𝐘'𝐒 𝐁𝐀𝐁𝐘 𝐁𝐎𝐘 ᵗᵏWhere stories live. Discover now