𝚌𝚑𝚊𝚙𝚝𝚎𝚛 11

3.5K 577 259
                                    

ඔයාලා හරි දස්සයි 🤧

පැය 24 ක් යන්නත් කලින් vote , read goals දෙකම completed කලා නේත 🤧

.......................................................................................

Morning :-)

ටේහියුන් උදේම නැගිටිනකොට දැක්කේ මේ ලොකේ එයා ආසම කරන දර්ශනේ...

මොකක්ද ඒ...වෙන මොකුත් නෙවෙ..එයාගේ පපුව උඩ සනිපෙට නිදන් ඉන්න කුකිව.

කුකි ලගින් ඒ එන සුවද ඒ උනුහුමට ටේ ගොඩක් ආස කලා

හැම තත්පරයකම කුකිව තමන් ගාවින් තියාගන්න ටේට ඕනි වුනා..

කාලයක් තමන් මේ අහිංසකයා ට නොසෑහෙන්න වද දුන්නා නේද කියලා මතක් වෙද්දි ටේට දැනුනේ තමන් ගැනම ලොකු පසු තැවිමක්..

ටේහියුන් ගොඩක් දුක්වුනා.. තමන් නිසා කුකිගෙ හිත හැම වෙලේන පෑරෙන එක නිසා..

ටේගේ වචනයක් වුනත් ජන්කුක්ගෙ හිත රිදෙන්න ප්‍රමාණවත් කියලා ටේ දැනගත්තේ ගොඩ කාලෙකට කලින්..

ඒත් ඒ දේ දැනගෙනත් ටේ කලේ කුකිගේ හිත පාරන එක නෙවෙයිද..

" කියුට් "

තමන්ගේ පපුවේ උඩ සනිපෙට නිදන් ඉන්න හා පැටියව දැක්කම නොදැනුවත්වම ටේගේ කටින් ඒ වචනේ පිට වුනා.

කුකිව ඇහැරෙන්නැති වෙන්න හිමිට ඒ සිනිදු තොල් වලින් පුංචි හාදුවක් දුන්න ටේ කුකිගේ ඇස් වලට වැටිලා තිබ්බ කොන්ඩේ හිමිට අයිනකට කලා...

කුකිගේ කොන්ඩේ හදනකොට ටේහියුන් ඒ එක්කම දැක්කේ ජන්කුක්ගේ කම්මුල් දිගේ බේරිලා තියෙන වේලුනු කදුලු පාරවල්..

තමන් ඊයේ ඒ කිව්ව වචනෙ නිසා කුකිට මොන තරම් ‍රිදිලද කියලා ටේහියුන් ට තේරුනා..

ජන්කුක්ගේ එ වේදනවම ටේහියුන් ටත් දැනෙන්න ගත්තේ ඇස් දෙකට කදුලු එනකොටයි..

ජන්කුක්ව මේ විදිහට තමන්ට දැනෙන හේතුව ටේහියුන් මේ වෙනකොටත් අවබෝධ කරගෙන ඉන්නේ....

ඔව් ටේහියුන් ට දැන් තේරෙනවා තමන් ජන්කුක්ට නොසෑහෙන්න ආදරෙ කරනවා කියලා..

ඒත් ටේහියුන් බය වුනා.. ජන්කුක්ට ඒ ගැන කියන්න ටේහියුන් බය වුනා..

𝐃𝐀𝐃𝐃𝐘'𝐒 𝐁𝐀𝐁𝐘 𝐁𝐎𝐘 ᵗᵏWhere stories live. Discover now