🥀10

561 194 10
                                    

ඔහු වෙතට තවත් පියවරක් ඉදිරියට තබන විට මට ඔහුගේ කටහඬ ඇහුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔහු වෙතට තවත් පියවරක් ඉදිරියට තබන විට මට ඔහුගේ කටහඬ ඇහුනා.

"ඔයා කැමතිද මාත් එක්ක ඩේට් එකකට යන්න?"

කටහඬ ඔහුගේයි.
යුවතිය හිස සලන විට දිලිසෙන දෑස ඔහුගේයි.

පැතිරුන ඔල්වරසන් හඬ ඔහුගේ මිතුරන්ගෙයි.

එහෙත් ඒ ආදරණීය ආරාධනය
මා වෙත නම් නොවෙයි.

සියල්ලන්ගෙම අවධානය ඒ වෙත යොමු වන මොහොතේ දෑතෙහි ලියුම ගුලි කරගත් මම
ආපසු යන්නට හැරුනේ
කැස්සක් සමඟ ආ ලේ තැවරුන රෝස පෙත්තක් මගේ දෑත් අතරේ රැඳෙද්දීයි..

එහෙත්,
පිටුපස හැරුන මගේ
මඟ අවුරමින් හිටියේ
මගෙ වයසේම වූ තවත් තරුණයෙක්..

Petals | JJK | Short Chapters | ✔Where stories live. Discover now