🌼සඳමිතුරි 🌼 පළමු කොටස🌼

99 22 2
                                    

මේ අන්න උබේ මිනිහා උබව හොයනවා?

Is hiru?

යකෝ මේ බාලිකා පාසලක මොන කුණුහරුපයක්ද මේකි මේ දොඩන්නේ.. මං කොරිඩෝ එකේ ඉදලම පන්තිය ඇතුලට බෑග් එක දාන ගමං ඇහුවා..

හ්ම්ම් යෙප් යෙප් .. උබ ආවොත් gym එක පැත්තට එන්න කිව්වා

හා හරි හරි බං උබත් එනෝද ..

අනේ මේ තොපි දෙන්නාගේ ලව් බලද්දී අපේ චූටි සිත් දූෂණය වෙනවා යන රෙද්දක ගිහින් ඒකිවත් එක්ක ගෙන පන්තියට වර ..

අඩෝ මේ අපි දෙන්නා කරන ලව් එකක් නෑ උබලගේ කැත හිත සෙද්ද ..

මං පුප්පගෙන gym එකට යද්දී  මගේ ප්‍රාණ සම මිත්තරයා ඉන්නවා හිනාවෙවී..

අඩෝ බොම්ක ..

ඕ මැණික කියාම් මොකෝ උදේ පාන්දර මේ ලබ්බ අස්සේ කට්ටියම ..

ගෑනිගෙ වැඩනේ ඕයි ..

ටහුඩු .. මං මාරු වෙන්නම් ඒනම් නේ

එපා එපා දැන් යමං චේන්ජින් රූම් .. හතයි පහයි නේ .. 

...............................................................................

අපේ ඉස්කෝලේ ඇරොබික් ජිම්නාස්ටික් සෙට් එක මේ ඉන්නේ.
මට පොඩි කාලේ ඉදන් ස්පෝට්ස් ඇලජික් .. සෙට් නෑ ඕවා .. ඒත් ඉතිං මුන් ටික එක්ක මාර ෆිට් මං.. මගේ යාලුවා හිරුණි ඇරොබික් ජිම්නාස්ටික් කරන නිසා ස්පෝට්මීට් කාලවලදි කන්නේ බොන්නේ ඔක්කොම මේ සෙට් එකත් එක්ක නිසා දැන් මටත් ඒක හුරු වෙලා ..

...............................................................................

අක්කේ මේහ් අපි next week පොළොන්නරු යනවා.. competition ...

මං චේන්ජින් රූම් එකේ සින්ක් එක උඩ වාඩිවෙලා තරු නංගිගේ කොන්ඩේ ගොතද්දී ඒකී කිව්වා ..

අඩෝ බොරූ .. උබලා දිස්ත්‍රික් කම්පෙටිෂන් සිලෙක් වෙලාද .... වාව් ආ.. නියමයි

මේහ් හිරුවෝ ..

ඕ කියාම් .. හිරූ වොශ් රූම් එකේ දොර වහන ගමන්  කෑගැහුවා..

මේ ගියපාර අර අතින් අල්ලපු එකා කවුද කියලා හොයම් වරෙන් ඈ ..

කටවහපිය ගෑනියේ මේ පොඩි එවුනුත් ඉන්නවා ... ටවල් එකෙන් මට දමලා ගහන ගමන් කිව්වා..

ආ... හිරූ අක්කා අපිට කිව්වෙත් නෑ ..

බොරු බොරු බං මං විහිලුවක් කලේ.. මං ඒම කියලා  ෂේප් කලා..
...............................................................................

මේ හලෝ එයා එයිද බං මේ පාර .. ඉන්ටවල් එකේ කැන්ටිම පැත්තට පිය නගද්දි හිරුවා මගෙන්  දහතුන් වෙනි පාරටත් ඒ ප්‍රශ්නේ ඇහුවා..

දන්නේ නෑ බං ඉතිං මං .. මාත් දහතුන් වෙනි පාරට ඒ උත්තරේම දුන්නා..

මට මූන මතක නෑ ඕයි ..

ඒනම් ටෝ මොකක් බලලද  යකෝ අදුරගන්න ඉන්නේ

ටැටූ එක ඩලා ටැටූ එක .. ඒ අතේ ටැටූවක් තිබ්බා..

ඒනම් පුතී දහාට පැනපු එකෙක් විය යුතුයි නේ .. ඒත් බ්‍රෝ .. ටැටුවක් ගහලානම් ඌ පාසල් සිස්සයෙක් වෙන්න බෑ නේ .. දැවෙන ප්‍රශ්න යකෝ මේවා..

අපිටත් දාහාටයි නේ බං දැන් .. ඒකියන්නේ පොර අවුරුදු දෙක තුනක්වත් වැඩිමල් ඇති නේ..

ඕයි ඕයි බැහැපන් හීනෙන් බිමට ..

උබට මේවා තේරෙන්නේ නෑ බං..

ඔව් ඔව් නංගි මේ මට ඕවා තේරෙන්නේ නෑ ... යකෝ මං කාපු තියපු තරම් බූට් DSI එකෙත් නෑ 😂 එහෙව් මටනේ මේ කියන්නේ..

ඒක යකෝ 😂වෙලාවට මට අයියෙක් හිටියෙ නැත්තේ නැත්නම් ඌත් උබේ එක්දාස් එකක් අන්තඃප්පුරයේ  සාමාජිකයෙක් ..

පල පල ඕයි ..
...............................................................................

#හිරුණි සිතාරා අබේසිංහ . ප්‍රධාන පෙලේ බාලිකා පාසලක උසස්පෙල කලා විෂය ධාරාව හදාරන, දැක්ක ගමන් දෙපාරක් බලන්න හිතෙන තරම් ලස්සනක් නැතත් අමුතුම ලස්සනක් තියෙන දගකාර කෙල්ලෙක් ..

#විනුදි හිමාෂා රාජපක්ෂ . හිරුණි ගේ හැම දේම දන්න කෙනා කිව්වොත් හරි .. එකම පන්තියේ ඉන්නේ... කටක් නෙවේ වක්කඩක් තියෙන්නේ.. මූනට නම් පොඩ්ඩක්වත් කට ගැලපෙන්නේ නෑ 😂 හැම කොල්ලම ලස්සන නිසා දෙපාරක් හැරුනට කට ගැන දැනගත්තු අය විනු ඉන්න පැත්ත බලලාවත් බත් කන්නේ නෑ ..

💕💕💕💕💕💕💕💕💕

🌼සඳමිතුරි 🌼 (On hold )Where stories live. Discover now