🌼සඳමිතුරි 🌼 එකලොස්වැනි කොටස🌼

31 8 1
                                    

විනුදිගේ පියා සුවවීමත් සමඟ විනුදි ගේ හා කවිඳුගේ සම්බන්ධයට ඇගේ නිවසින් යහපත් ප්‍රතිචාර ලැබුනත් නොසිතූ ලෙසට හිරුණිගේ නිවසේ ඇතිවන්නේ හාත්පසින්ම වෙනස්වූ වාතාවරණයකි..

හිරුණි.. පුතේ පොඩ්ඩක් පහළට එන්න ..

හිරුණිගේ මව ඇයට ඇමතූ ආකාරය නිසාම ක්ෂණිකව ඇය එදෙසට ගියාය..

ඕ.. කියන්නකෝ බලන්න මිසිස් අබේසිංහට එකපාර මාව මතක් වුනේ ඇයි කියලා..  කෑම මේසය මත හිදගනිමින් ඇය කීවාය ..

ලොකු අයියාව අප්පච්චි ඇමරිකා යවන්න ඉන්නේ.. අවුරුදු පහකට .. අපේ කම්පැනි එකට ඇමරිකන් කම්පැනි එකක් එක්ක ඩීල් එකකට චාන්ස් එකක් හම්බෙලා.

වාව් ..  අපේ ලොක්කයියාටත්  ලොකු ලොකු අතු සෙට් වෙනවානේ...

ඔයා දන්නවා නේ දුව ලොකු අයියා ඇත්තටම ලොකු අප්පච්චි ගේ දරුවෙක් නෙවේ කියලා .. ඒ නිසා අපි ඔය දෙන්නාගේ එන්ගේජ්මන්ට් එක ලෑස්ති කරනවා.. ඔයත් ඒයා එක්කම ඇමරිකා යන්න ලැස්තිවෙන්න .. කොහොමත් කැම්පස් ගිහින් අවුරුදු ගානක් ඔයා බොරුවට දුක්විදිනවට වඩා ඒක හොදයිනේ.. නේද .. ?

  හිරුණි නොසිතූ මොහොතක අසන්නට ලැබුණු දේ නිසා බෙහෙවින් කලබල වීමට හේතු රැසකි  .. එක් අතකින් ඇගේ සොයුරා පිළිබඳව ඇයට එවැනි හැගීමක් කෙසේවත් නොමැති වීමය .. අනෙක නම් තම හොඳම මිතුරිය ඔහුගේ පෙම්වතිය බව සක්සුදක් සේ දැන සිටීමයි.. සියල්ලටම වඩා රයන් සමඟ ඇති වසරක් පමණ සම්බන්ධය කෙසේවත් නැවැත්විය නොහැකි වීම නිසායි 

බැහැ බැහැ .. ඒකනම් කොහොමත් වෙන්නේ නෑ.. වෙන්න ඉඩ තියන්නෙත් නෑ ..  ඇය වියරුවෙන් මෙන් කෑගැසුවාය..

හේතුව මොකද්ද දුව ඔය තරම් අකැමති වෙන්න .. අපි මෙහෙම දෙයක් ඔයාගෙන් බලාපොරොත්තු වුනේ නෑ..

එතැනට පැමිණි ඇගේ පියා විමසන විට ඇය තිගැස්සුනි..

ඇයි කන් ඇහෙන්නේ නැද්ද මං අහන්නේ මොකද්ද බෑ කියන හේතුව ?

ඇයට මේ අවස්තාවේ කෙසේවත් කවිඳු හා විනුදි පිළිබඳ හෙලි කර ඇවිලෙන්න ගින්නට පිදුරු දැමිය නොහැක ..මන්ද යත් හිරුණිගේ පියා දැඩි තීරණ ගන්නෙකු වීම නිසා ඔවුන්ගේ ජීවිත වලට කුමක් වේදැයි නිශ්චිතවම කිව නොහැකි නිසායි.. 

🌼සඳමිතුරි 🌼 (On hold )Where stories live. Discover now