ඒත් සමඟම හිරුණිගේ මව හා පියා රාත්‍රියේ පැවති සාදයකට සහභාගි වීමට නිවසින් පිටව යෑමට පැමිනියේය ..
අම්මේ ආන්ටිගේ ලස්සන .. විනුදි හිරුණිගේ වදන් මග අරිමින් පැවසීය ..
තෑන්ක්ස් දුව.. කොහෙද ඉතින් හිරුණිට එන්න කිව්වාම බෑලුනේ..
අනේ අම්මෝ මට ඕවා දිරවන්නේ නෑ.. ඔය දෙන්නා ගිහින් එන්න කුරුලු ජෝඩුව වගේ ඉන්නේ ඔය ..
ඔවුන් පිටව ගිය නිසා තිදෙනාම එක්ව මිදුලට වී තේ බොමින් කතා බස් කර ඉන්නා අතර විනුදි ට නොසිතූ ලෙස ඇගේ මවගෙන් ඇමතුමක් ලැබෙයි.
අම්මා කියන්න .. තාම හිරූලගේ ගෙදර ..
............................................
මොකද්ද ? කෝ දැන් අප්පච්චි ?
..................................................
දැන් කොහෙද ඉන්නේ ඔයාලා ...
....................................................
ඉන්න ඉන්න මං ටක් ගාලා එන්නම් ..
විනුදි ගේ කලබලය දුටු හිරුණි ඇගේ උරහිසින් අත තැබුවාය ..
මොකද්ද වෙලා තියෙන්නේ ..
අප්පච්චව ඇක්සිඩන්ට් වෙල බං .. ඔෆිස් එකේ ඉදන් එද්දි ..එවලෙම හොස්පිටල් ඇඩ්මිට් කරලා .. අම්මයි නංගියි ගෙදර .. ඒ දෙන්නාට යන්න විදිහක් නෑලු ..මං දැන් යන්න ඕනේ.. ඇය කලබලෙන් නැගිටිමින් කීවාය .
යමු ඉන්න මං කාර් එක අරගෙන එන්නම් .. පොඩී ඔයත් ගිහින් ඇදුමක් දාගන්න ඔයාව මට දාලා යන්න බෑනේ ගෙදර..
අයියේ මං පික් මී එකක් දාගන්නම් .. ඔයා ඔෆිස් ගිහින් ආපු ගමන්ම නේ .. මහන්සියෙන් නේද ඉන්නෙත් ..
පිස්සු නැතුව ඉන්න විනූ .. මේ වගේ වෙලාවකටත් ඕවද ඔයාට මතක් වෙන්නේ .. බය නැතුව ඉන්න අප්පච්චිට මුකුත් වෙන්න දෙන්නේ නෑ මං .. විනුදිගේ හිස අතගා නලලට කෙටි හාදුවක් තැබූ කවිඳු සැනෙකින් ගරාජය වෙතට ගියේය .
ඉක්මනින් විනුදිගේ මව හා නැගනියද රැගෙන රෝහල වෙත ගිය කවිඳු ඇතුලු පිරිස නැවතුනේ දැඩි සත්කාර ඒකකය අසලයි .. විනාඩි තිහකට වඩා නිහැඩියාවකින් පසුව එහි දොර හැර ගෙන ආවේ කවිඳුගේ මිතුරෙකි ..
YOU ARE READING
🌼සඳමිතුරි 🌼 (On hold )
Teen Fiction🌼මෙහි සදහන් චරිත හුදෙක් ප්රබන්ධයක්ම පමණී. කිසිදු ප්රසිද්ධ පුද්ගලයකු හෝ කණ්ඩායමක් පාදක කර නොගෙන ලියන ලදි. 🌼