🌼සඳමිතුරි 🌼දොලොස්වන කොටස🌼

38 9 5
                                    

හිරුණි සාලයට යනවිට දුටුවේ සෝෆාවේ හිදගෙන කවිඳු ගේ පපුවට තුරුල්වී නිදා සිටින විනුදි ව තදින් තුරුල් කරගෙන විනුදි ගේ හිසට හිස තබාගෙන රූපවාහිනීය නරඹන කවිඳු වය .

එකෙනෙහිම ආපසු හැරී නිහඬව උඩුමහලට ගොස් දුරකතනය ගෙන ආ ඇය ඔවුන් දෙදෙනාට නොදැනෙන ලෙස ඔවුන්ගේ චායාරූප කිහිපයක් ගත්තාය . පසුව නැවත සාලයට ගොස් නිදා සිටි විනුදි ගේ පාදයට පහරක් එල්ල කරමින් අසලින් හිදගත්තාය ..

මේං වැඩක් .. ඔය අපේ අම්මා මට හොයපු මනමාලයා ..උඹ මේ තනි අයිතිවාසිකම් කියන්න වගේ දෑත බදලා බදාගෙන හිටියට ..

ඈ.. මොනාද මේ මෙයා කියවන්නේ.. හිරුණිගේ කෑගැසිල්ලට දෑස් විවරකල විනුදි කවිඳු ගෙන් මෑත් වෙමින් ඇසුවාය ..

නෑ මේ හිරූට පිස්සු බබා.. ඒවා මේ වෙන දේවල් නෙවේ ..ඔය දෙන්නා බය නැතුව ඉන්නකෝ... ආයේ ඔය කතාව ඕනේ නෑ.. කවිඳු පැවසීමත් සමඟ ඔවුන් ඒ කතාව නැවැත්විය .

අයියෝ.. බඩගිනී ඕයි .. හිරුණි මූණ ඇඹුල් කරගෙන පැවසීය..

ඉතිං කනවා ගිහින් .. අපි උයලා තියෙන්නේ.. විනුදි කොන්ඩය අතින් සකසමින් සෝෆා වේ සුවපහසුව නැවත හිදගනිමින් කීවාය ..

අපි ..👀

ඔව් අපි තමා නේද අයියා.. අපි සහයෝගයෙන් ඉව්වේ..

ආවුස් .. මේ කපල් එක යකූ.. හ්ම්ම් ..හ්ම්ම් .. ඕම යං .. ඕම යං ..

ඇය එසේ කියමින් කුස්සිය වෙතට යන්නට සූදානම් වෙද්දීම රයන්ගෙන් දුරකතන ඇමතුමක් ලැබිණි ..

ඇය කවිඳු දෙස බලනු දුටු කවිඳු ,

මොකද තමුසේ මං දිහා බලන්නේ .. ගනිම් ඕක ඉතිං .. නොදන්න මඟුලක් යෑ..

හී 😁... හෙලෝ කවී අයියා.. ඔයා දවල්ට කාලද ඉන්නේ..

............................

අද ?? මාත් එන්නම් ..

................................

අම්මලා නෑ අපි තුන්දෙනා විතරයි ඉන්නේ..

.................................

එලෙස කියමින් හිරුණි සාලයේ සිට කුස්සියට ගියාය .

නඩුවක් වගේ නේ.. විනුදි නැවත කවිඳු වෙත හැරෙමින් ඇසුවාය .. ඇයට එවෙලෙහිම සිහිවූයේ මීට සතියකට පෙර සිදුවූ සිදුවීමයි ...

🌼සඳමිතුරි 🌼 (On hold )Where stories live. Discover now