🌼 සඳමිතුරි 🌼 සයවැනි කොටස 🌼

26 10 1
                                    

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

හිරුණි කොහෙද ගිහින් හිටියේ ..

ආ මැඩම් මං මේ විනූ එක්ක කෝල් එකක හිටියේ අර මගේ යාලුවා.. මැඩම්ට මතකද දන්නේ නෑ..

මතකයි මතකයි අර කටර් එක වගේ කියෝන කෙල්ල නේ ..

ඔව් ඔව් මැඩම් ..

ඒ එක්කම එහි සිටි තරුණ පිරිමි ලමයෙක්  ගිටාරයක් වාදනය කරමින් සිංදුවක් කියා නිම කරත්ම තවත් අයෙක් රයන්ට සිංදුවක් කියන ලෙස ඉල්ලා සිටින්නට විය .. ඔහු බැහැයි කියමින් සිටින විට අනෙක් අයගේ නොනවතින ඉල්ලීම නිසා ඔහු ගිටාරය අතට ගනිත්ම නෙතූ හිරුණි ගේ කනට කර රහසක් පැවසීය .  හිරුණි ඇය දෙස විස්මයෙන් මෙන් බැලීය

අනේ ප්ලීස් අක්කේ අනේ ..

අපෝ හා හා.. මට නම් බෑ ඔයාලා කරගන්න ..කියා සිනාසෙමින් හිරුණි තම දුරකතනය නෙතූට ලබා දුන්නාය .

ඉගිලෙන්න ඔබ එක්ක ආකසේ
විදගන්න ඒ සිසිල මා සිත්සේ
මට දෙන්න ඒ වරම
කවදාද ඔබ එන්නෙ
පිනි බින්දු මල් වැහි අරන්
සඳ මිතුරි ..
සිත මිහිරි ..
කල මැනවි..
බිදු කදුලු..
පිනි පොකුරු ..
කල මැනවි...

මට මම ම වී ඉන්න
ලොකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා අපි අපිම වී ඉතින්
නව ලොවට...
මුල් අනු දෙන්න..
මිල නොවන පෙම් කවිය පබදන්න...
පිනි වැස්ස වස්සන්න
මද්දහන තෙත් වෙන්න
ආදරය දලු ලන්න මිහිකත මතින්
සිහිනෙ සරනා..
සිහිනෙන් දැවෙනා..

ඉගිලෙන්න ඔබ එක්ක...

ජීවිතය විදගන්න
ලොකෙන් ඉඩක් නොදෙන
ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදින්
ප්‍රේමයට....
ප්‍රේමය වෙන්න
නිල නොවන ජිවිතය පුබුදන්න
පිනි වැස්ස වස්සන්න
මද්දහන තෙත් වෙන්න
ආදරය දලුලන්න
මිහිකත මතින්
සිහිනේ සරනා
කිරණින් දැවෙනා...

කසුන් කල්හාර නම්  ගායකයාගේ ලස්සනම ලස්සන සිංදුවක් වුනු සඳමිතුරි සිංදුව රයන් ගිටාරය වාදනය කරමින් ගායනා කර අවසානයේ සියලු දෙනාම මහත් හඩින් අත්පොලසන් දුන්නේ සැබැවින්ම එය ඉතාමත් ලස්සන වූ නිසායි..

මේ අතර නෙතූ මෙන්ම තවත් ගැහැණු ළමුන් බොහෝ දෙනක් මේ අවස්තාව වීඩියෝ කර ගැනුණි .. නෙතූ විසින් සිංදුව අවසානයේ දුරකතනය හිරුණිට ලබා දෙන බව රයන්ගේ  දෑසට හසුවුනි.. ඔහුට එය දැකීමෙන් නම් සිතට මහත්වූ සතුටක් ඇති විය ..

🌼සඳමිතුරි 🌼 (On hold )Where stories live. Discover now