🌼සඳමිතුරි 🌼තුන්වන කොටස🌼

36 11 1
                                    

🌼සඳමිතුරි🌼 තෙවන කොටස 🌼

පසුදින සියලුම පාසල් වල කණ්ඩායම් ඉදිරිපත් කිරීම් පැවැත්වුනු හෙයින් ක්‍රීඩාගාරය පුරාම පැවතුනේ අතිශය ජනාකීර්ණ ස්වරූපයකි. බාලක ඉදිරිපත් කිරීම් වලින් අනුතුරුව බාලිකා අංශයේ ඉදිරිපත් කිරීම් පැවැත්වුනි..

හිරුණි හා අනෙක් අයගේ ඉදිරිපත් කිරීම් දහවල් වන විට අවසන් විය.නමුත් කිසිවෙකු නොසිතූ අයුරින් මේ අතරේදී  හිරුණිගේ පාදයේ ආබාධයක් ඇතිවන්නේ ඉදිරිපත් කිරීම් අතරේදීමයි.. ඇය එය ගනන් නොගෙන තම ඉදිරිපත් කිරීම් පුලුවන් උපරිමයෙන් සිදුකලේ ක්‍රීඩාවට ඇති ආසව හා ආදරය නිසාවෙනි .

සියල්ල අවසානයේ ඔවුන් පස් දෙනා ක්‍රීඩාගාරයේ පඩිපෙළ මත හිදගැනීමට ඉඩක් සෙව්වත් එහි උඩම පඩි කීපය පමණක් හිස්ව තිබුනි ..

මැඩම් අපි අර උඩින් වාඩිවෙලා ඉන්නද මේ හරියේ ළමයි ගොඩයි නේ..

හරි දරුවෝ එහෙනම් තරුෂියි තවදරුවෙකුයි එළියේ කැන්ටින් එකෙන් කන්න මොනාහරි දෙයක් අරං එන්නකෝ කට්ටියටම..

තනියම යන්න බෑ මැඩම් ..

ඒකනේ දරුවෝ ඔයාලව තනියම යවන්න බෑ නේ .. හිරුණි ඔයාට පුලුවන් ද බැන්ඩේජ් කරගන්න මං මෙයාලා දෙන්නා එක්ක යන්න ..

පුලුවන් මැඩම් අපි තුන් දෙනා අතන උඩට වෙලා ඉන්නම්..

හරි එහෙනම් අපි ඉක්මනට එන්නම්

ඔවුන් පඩිපෙළෙහි වාඩිවී පහල ඉදිරිපත් කිරීම් නරඹමින් සිටින අතර නෙතූ හිරුණි ගේ කකුලට ජෙල් එකක් ගා පිරිමදිමින් සිටිහ .

අක්කේ කෝ බං බැන්ඩේජ් රෝල් ටික නැනේ මේකේ ..

පිස්සු කෙලින්න එපා බං මං උදේ අස්කලා ඕක ..බලන්න අතුලේ ඇති..

නෑ හලෝ ඇත්තට කියන්නේ..

අයියෝ සාන්ත ඒ ටික ඕකේ නෑ තමා බං ..මං කණ්ණාඩි මේසේ උඩ දාලා ඇවිත් ඇති ෂුවර් එකට ..

අයියෝ නෙතූ උබත් කරන වැඩ ..

මැඩම්ට  කෝල් එකක් දෙමුද ?

එපා නෙතූ නංගෝ බැනුම් අහන්න වෙයි.. කමක් නෑ ජෙල් එක ගෑවානේ ඒ ඇති ..

ඒ ඒ හලෝ අර මේ පැත්තට අරයා එනවා..

අනෙක් දෙදෙනාද පහල බලද්දී ඔවුන් දුටුවේ ඔවුන් දෙසට එන රයන්ව.... 

මේවා මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් අෆ්ෆා .. දැන් කොහොමද අපි මෙතන ඉන්නේ කියන්නකෝ .. අනේහ් .. 

කෙල්ලන්ගේ සිහින කුමරු වූ  රයන් එනු දුටු නෙතූ මිමුනුවේ රතු වෙමින් .. ඒත් සමගම ඔහු පැමින  දුරකතනය දෙසට දෑස් යොමු කරගෙන ඔහුගේ පාඩුවේ වාඩි වූයේ හිරුණි හා සමීපයෙනි ..

හිරුණි ද ඔහුව තැකීමට ලක් නොකර පහල වූ ඉදිරිපත් කිරීම් දෙස බලා සිටින්නට විය .. මද වේලාවකින් ඔවුන්ට ආහාර රැගෙන එතෙනට ලඟාවූයේ තරුෂි හා ඇගේ මිතුරියයි .. ඔවුන්ද දැස් විසල් කරමින් හිරුණි ඇතුලු පිරිස දෙස බැලුවේ මෙහි සිටි රයන්ව දුටු බැවිනි ..

අපෙන් අහන්න එපා එයයි ආවේ.. රහසින් තරුෂිට මිමිනූ නෙතූ මදක් ඈතට වී හිරුණි අසල හිද ගැනීමට ඔවුන් දෙදෙනාට ඉඩ ලබා දුනි ..

ආහාර ගෙන අවසානයේ මදක් උණුසුම් තත්ත්වය පහව යත්ම උදානි වාතාවරණය සමනය කිරීමේ අටියෙන් එහි වූ නිහඬතාවය බිදිමින් කතා කලාය.

බලහං තරුවෝ මේ නෙතුවා බැන්ඩේජ් රෝල් ටික දාලා ඇවිත් නේ.. හිරූ  අක්කාගේ කකුල බැන්ඩේජ් කරන්න වෙන්නේ නෑ ...

මේකි කලොත් ඕම වැඩක් මයි .. බලපං ඒ ටිකට මේකි නිදිනේ..  කියමින් තරුෂි නෙතූ ගේ ඔලුවට ගැසීය

ඔය ළමයට ඉන්න දීපල්ලා බං .. මං ගිහිල්ලා බැන්ඩේජ් කරගන්නම් ..

ආ මේක ගන්න .හොඳ නෑ බැන්ඩේජ් නොකර ඉන්න .. නැත්නම් අනිත් දවස් ටිකේ ඇවිද ගන්නවත් බැරිවෙයි ..

එක් ක්ෂණයකින් ඇසුනු ගැඹුරු කටහඩින් සියලු දෙනාම ගැස්සී ගියේය .. ඔව් ඒ එතෙක් වෙලා ඔවුන් අසල සිටි රයන්ගේ හඬයි ...

🌼සඳමිතුරි 🌼 (On hold )Where stories live. Discover now