CHAPTER 11

542 83 15
                                    

"අම්මොහ් ඒ මේ උබමද? ඩෝ"

මං පුදුමෙන් වගේ හිනා වෙවී ඇහුවා.

"ඇයි උබට පේන්නෙ නැද්ද?මේ මං තමා"

"හෙසන්ග් උබ එතකොට මෙහෙද වැඩ "

"ඔව් බං කලින් තැනින් මාරුවීමක් හම්බුනා.........ඒක නෙමෙයි උබ මේ සීතලේ ඔය වගේ ඇදන් මොන ලෝකෙද යන්නෙ"

"ආහ් මේ මං පස්සෙ කියන්නම්...මට උබ ඉන්න තැන මේ....ඉන්න දෙනවද?"

"අයියො ඕක අහන්නත් දෙයක්ද?වරෙන් මේ සීතලේ උබට ඔහොම බස් එකක් එනකම් ඉන්න බෑ.ටැක්සි එකක යං."

හේසන්ග් එහෙම කියලා මාව ඇදන් ගියා.

"දෙයියනේ.......උබට මේ මොකක්ද උනේ......මොන එකාද උබට මෙහෙම කරේ..බලපං උබේ දිහා......අම්බානට කාලා.....උබ උන් ගහනකම් පොල්.ගෑවද?මැට්ටියෙ"

හේසන්ග් ගෙදර ඇවිල්ලා ලයිට් එක දැම්මම මගේ ඇගෙ තිබ්බ තුවාල දැකලා ඇහුවා.

"ආ.......එක්කො පස්සෙ කියපං උබට මහන්සියි...ගිහිල්ලා wash එකක් දාං වරෙං මං මොනා හරි හදන්නම්.හැබැයි කන ගමන් වෙච්ච ඔක්කොම ඒවා මුල ඉදං මට කියන්න ඕනෙ හරිද?"

මං කට අරින්නත් කලින්ම ආයෙ කියවන් ගියා

"හරි හරි බං මං කියන්නම්.උබත් වෙලාවකට ඇණයක්නෙ"

මං bathroom එකට ගිහින් ටිකක් අමාරුවෙන් wash එකක් දාං ආවා.එතකොට හේසන්ග් කෑම ලෑස්ති කරලා තිබ්බෙ.අපි දෙන්න එකතු වෙලා කෑම කන්න ගත්තා.

"හරි දැංවත් කියපං කව්ද.....උබට.......මෙහෙම ......කරේ.."

ම මොකවත් නොකියා බිම බලා ගත්තා.ඒකෙ තේරුම ⁣හේසන්ග්ට තේරුම් ගියා.

"අර වල් හාවාද?  මට හිතුනා..."

මං ඔලුව හෙල්ලුවා.

"ඇයි උබ ඒ හාවාට මොනා කරාටද??"

"උබට මතකද එදා මං උබට කිව්වා unknown number එකකින් මට එව්ව පොටෝස් ගැන"

"ඔව් ඉතිං"

"ඒවා jungkookටත් එවලා"

"ආහ් මොකාද බං මේ බලුවැඩ කරන්නෙ"

"අනේ මංදා බං"

"කාලා ඉවරද දීපං මං හෝදන්නම්"

SHE CHANGED ME|JJK|✔|Where stories live. Discover now