=16=

515 151 41
                                    

ජන්කුක් සෙමෙන් ජිමින්ගේ තොල් වලට නැවී ජිමින්ගේ සිනිදු තොල් සිපගත්තේය.

ජිමින් තවමත් ජන්කුක්ගේ පපුව මත අත තබාගෙන සිටියි. ජන්කුක් තම පපුව මතවූ ඒ ජිමින්ගේ අත තම අතින් අල්ලාගෙනසිටියි.

විනාඩි දෙකක පමන කාලයක් තුල සෙමෙන් ගලාගිය හාදුව ජන්කුක් නතර කලේ ජිමින්ගේ කම්මුලට කුඩා හාදුවක් තියාය.

" මොකද මේ "
ජන්කුක් ඇසුවේ කන්පෙති හා කම්මුල් රතුවී තම පපුව මත මුහුණ සගවන් සිටින ජිමින් දෙස බලමිනි.

ජිමින් සිනාසුනා විනා පිලිතුරු දුන්නෙ නැත. ඔහු සිටියේ සතුටින්‍ ය. සිතාගැනිමටත් බැරි තරන් සතුටින් ය.

සුලුමොහොතක් දෙදෙනාම තුරුලු වී සිටියේය.

" ජන්කුක් ................"
එක්වර ජිමින් හිස ඔසවා ජිමින් දෙස බැලීය.

" ම්ම් "

" ඇයි ජන්කුක් පිස්සෙක් වගේ පාර පැන්නේ "
ජන්කුක් එක්වර කෙලින් විය.

" ආහ්............ ජිමින් මට අමතක වුනා. ඒක මහ විකාරයක්. මගේ ඔලුව රිදෙන්න ගත්තා. ඇස් බොදවුනා.
ඔයා මහ පාර මැද්දෙ හිටන් හිටියා .........."

" මම ?"
ජිමින්ට ප්‍රශ්නයක් .

" ඔව් , ඒ විතරක් නෙමේ ඈතින් ලොරියක් එනවා. මං ඔයාව බේරගන්න පාර මැද්දට ගියේ , එතකොට ඔයා මට කතා කරනවා ඇහුනා. එතකොට ඔයා හිටියේ පාරේ පේමන්ට් එකේ.
ආහ් ඔයාගේ පිටිපස්සෙන් කෙනෙක් හිටියා. එයා මට කෑගහලා කිව්වා.........."

" මොකද්ද? "
ජිමින් කල්පනා කලේ ජන්කුක් මේ පවසන්නේ කුමක්ද කියා ඒ අවස්තාවේ පදිකවේදිකාව මත කවුරුත්ම සිටියේ නැති බව ජිමින්ට විශ්වාසයි.

" මොකක්ද අහන්නේ , මං කියන්නේ ඇත්ත කෙනෙක් හිටියා ඔයාට පිටිපස්සෙන් එයා නවත්තපන් ඕක කියලා කෑගැහුවා. "

" දෙයියනේ කුකී තව කවුරුත් එතන හිටියේ නෑ "
ජිමින් ජන්කුක්ගේ අත අල්ලාගත්තේය.

" නෑ , නෑ ජිමින් හිටියා. පෙනුමෙන් එයා ගෑනු කෙනෙක් , ඇස් ඇතුලට ගිලිලා මලානික වෙලා තරහින් බලන් හිටියා.මං කියන්නේ ඇත්ත ජිමින්........ "

Black magic ||Jikook || Completed ☑️Where stories live. Discover now