=27=

397 112 43
                                    

" මගේ ඔලුවත් කකියනවා. දැක්කද මගේ කකුලේ හැප්පුනේ සියෝන්ගේ ඔලුව "
යුන්ගි ඔලුවට අතගසාගත්තේය.

" ජිමින්ලා එයාලාගේ ගෙදරට යනවා කිව්වා. අපි එහෙට යමු "
ජින් යුන්ගිගේ පිටට තට්ටුවක් දැමිය.
ඔවුන් නැවත නිවසට පැමිනෙන විට ජිමින් ගොන්ජියම් රෝහල බලා පිටත්වීමට ලැස්ති වෙමින් සිටියි. ජන්කුක් උදෑසන ආහාරය රැගෙන ඒමට පිටතට ගොස් සිටියේය.
ඒඅතරතුර යුන්ගි සියල්ල අකුරක් නෑර ජිමින්ට විස්තර කලේය.

" අම්මෝ "
ජිමින් විශාල බෑගයක් කරට ගනිමින් කියයි.

" බබා අර ගියපූ හෝතම්බුවෝ දෙන්නා ආවද "
ජන්කුක් නිවසට ඇතුල් වුනේ කෑගසමිනි. ජන්කුක් මුලුතැන්ගේ අසල එක්වර නතරවූයේ තමන් දෙස රවමින් සිටින යුන්ගි හා ජින් දෙස බලමිනි.

" ආ හියුන්ග්ලා ඇවිත් නේ "
ජන්කුක් ජිමින් අසලින් සිටගත්තේය.

" ඔව් ඒකතමයි නේ "
ජින් අසල තිබුන පිහියක් අතට ගෙන එහි දෙපැත්ත බැලුවෙය.

" බබා....... මොකටද මේ අලි බෑග් එකක් "
ජන්කුක් ජින්හා යුන්ගිගේ අවධානය වෙනතකට හරවන්නට සිතා ජිමින්ගේ කරේ තිබෙන බෑගය උස්සා බැලිය.

" ඒකතමා මාත් බැලුවේ ඒයි ජිමින් අපි ට්‍රිප් එකක් නෙමේ යන්නේ "
යුන්ගි පුටුවට බරවි කකුල් දෙක  මේසය මත තබාගත්තා.

" හරි හරි , මේකෙ තියෙන්නේ හදිස්සියට ඕන වෙන දෙවල් ටිකක්. "

" මොනාද "
ජන්කුක් වතුර උගුරක් බීවේය.

" ම්ම්........ ටෝච් එකක් , කඹයක් , සුදුළුනු මාලයක් , කුරුසයක් , අමතර ඇදුමක් , පිස්ටල් මැගසින් ටිකක් , පිහියක් , යකඩ උලක් , මලයාලම් ජපකරපු ඇට මාලයක් , කන්නඩියක් , මතුරපු තෙල් කුප්පියක් , බෙඩ්ශීට් එකක් පෙරවන රෙද්දක්  "
ජිමින් එයාගේ පුංචි ඇගිලි එකින් එක දිග අරින ගමන් ලයිස්තුව කියන විට අනිත් තුන් දෙනා කට ඇරන් ජිමින් දිහා බලන් සිටියි.

" සුදුළුනු විතරක් මොකෝ ගෙදර අනිත් රසකාරක ජාතිත් එක්ක එලවලු දෙකතුනකුයි හාල් කෝප්පෙකුයි දාගන්න තිබ්බනේ "
ජින් කිව්වේ කුස්සිය වටේ බලනගමන්

" බෙඩ්ශීට් එකකුයි , පෙරවන රෙද්දකුයි අරන් යන්නේ නිදාගන්නද "
යුන්ගි හිනාවෙනවා.

" මේ බෑග් එකේ ඔවා දාන්න ඉඩ තිබුනද "
ජන්කුක් හිනාවෙන්න ගත්තත් ජිමින් ඔහු දෙස බලා රැවූ නිසා ඔහු කට වසා ගත්තේය.

" ඕන්නෑ කමක් නෑ "
ජිමින් බෑග් එක මේසේ උඩට විසිකොට පුටුවක් මතට පැන එරමිනිය ගොතා වාඩිවී අත බැදගත්තේය.

" බබා "
ජන්කුක් ජිමින්ගේ කම්මුල සිනිදුවට අතගෑවේය.

" යනවා යන්න "
ජිමින් ජන්කුක්ව තල්ලු කලේය.

" ආ ඒක නෙමේ සියොන් මැරෙන්න කලින් මොනා හරි ලිය ලිය ඉදලා තිබුනා. "
ජිකුක් ඩබලගේ කෝලම් දෙස බලා සිටි යුන්ගි එකවර තම සාක්කුව මත වූ අඩක් රුධිරය තැවරුණු කොල කැබැල්ල මෙසට මතින් තැබිය.

" සියෝන් මැරිලා "
ජන්කුක් ඇසුවේ පුදුමයෙනි. යුන්ගි ජිමින්ට විස්තර කරන විට ජන්කුක් නිවසේ සිටියේ නැත.

" මං පස්සෙ කියන්නම් "
ජිමින් ජන්කුක්ගේ අතින් අදින ගමන් කියයි.
ජන්කුක් ජිමින්ව පුටුවෙන් නැගිට්ටවා ඔහු වාඩිවි ජිමින්ව තම ඔඩොක්කුව මතට ගත්තේය.

ජින් කොල කැබැල්ල අතට ගෙන එහි අන්තර් ගත කුමක්ද කියා සොදිසි කරන්න විය.

" පූජාසනය කඩන්න "
ජින් ඇහිබැම හකුලුවා එහි මද්‍යයේ වූ වාක්‍ය කියවිය.

" හයියෝ ඒ මොකද්ද "
යුන්ගි තම කම්මුල මත අත තබාගෙන සිටියි.

" ඔය කියන්නේ මයාකාරයන් මායාකර්ම කරන තැන. එතන ලේ වලින් රටා ඇදලා  තියනවා. තව ඒ රටා උඩින් පැතලි ගල් වර්ග සත්ත්ව පිහාටු ඇටසැකිලි රතු නිවිති වගේ තව ඒවා  තියනවා.  "
ජිමින් කියාගෙන ගියෙය.

" බබි , ඔයා කොහොම ඕව දන්නේ "
ජන්කුක් ඔහුගේ උරහිස වටා අතයවා උකුල වාඩිවී සිටින ජිමින් දෙස පුදුමෙන් බලාසිටියි.

අනෙක් දෙදෙනත් ජිමින් දෙස බලා සිටියේ ඔහු මේවා කෙසේ දැනගන්නවද කියා කල්පනා කරමින්.

" google "
ජිමින් කිව්වේ ආඩම්බරෙන්

( කවුද ඉන්නේ මං වගේ ඇහෙන ඕන මගුලක් ගූගල් සර්ච් කරන 🤭 )

*************************
දහවල් ආහාරයද ගෙන වනවිට ගොන්ග්ගී (gyeonggi ) යාමට පිටත් විය. ගොන්ග්ගී ගමන සදහා  ජන්කුක් , ජිමින් හා යුන්ගි සුදානම් වනවිට ජින් ටේ සමග සෝවුන් සමග රැදෙන්නට සිතුවෙය. රාත්‍රි වන විට නම්ජුන්ද ජින් අසලට එන බව කියා තිබිනි.







(Altar of  Dark Witches  ) - සර්ච් කරලා බලන්න.

මේක කල් ඇද්දා වැඩී .  :-/

Kishu :-)

Black magic ||Jikook || Completed ☑️Where stories live. Discover now