රොනවුල්.. [ විශේෂ පරිච්ඡේදය ]

906 174 116
                                    

වෛශව අසපුව දැවී තෙවසරක් ගතව තිබුණි. පහළින් පෙනෙන්නා වූ කදු බෑවුමට දෑස් යොමාගෙන නිම්නය හරහා හමා එන සුළග සෞම්‍ය ලෙස විදගනිමින් සිටියේ තනි ස්වේත පැහැයෙන් සැරසුණු තලතුනා තරුණයෙකි. දෑස්වල බැල්ම තවමත් අවිනිශ්චිත වූ මුත් එහි දැඩි අදිටනක් තිරව තිබුණි. ඔහුගේ වම් අතෙහි තරමක් ඝන පිළිස්සුම් තුවාල කැළලක් දක්නට වූ අතර එය වෛශව අසපුව හා මෙකී තැනැත්තාගේ ගැඹුර බැදීම සංකේතවත් කළේ ය.

'' අය්යණ්ඩි.. '' තමා වෙතට යොමු වූ ගැඹුරු අලාප මුසුවූ ආමන්ත්‍රණය කාගේදැයි හදුනාගැනීමට සුග්‍රීවහට ආටෝප සාටෝප අවැසි නොවී ය. නිසල කදු මුදුනෙහි බවුන් වඩමින් උන් සුග්‍රීවගේ ඉණ වටා ශක්තිමත් දෑතක පහස අල්ලාප සල්ලාපයේ යෙදුණෝ ය.

'' මුග්ධ බඹරා.. '' සුග්‍රීව මිමිණුවේ සිය ගෙල පිටුපස පුරාවට පැතිර ගිය මෘදු දෙතොලෙහි පහස නිවැරදිව හදුනාගනිමිනි. හතරවටින් ගොම්මන ඔවුන් වෙළාගනිමින් තිබුණි. ථිත මේ අයුරින් හැසිරෙන්නේ කුමක් හෝ වැදගත් කරුණක් පැවසීමට ඇතිවිට වග සුග්‍රීව දැන සිටියේ ය.

'' හ්ම් හ්ම්... මුණු මුණු නොගා පවසනු ඉදින්.. '' සුග්‍රීව සෞම්‍යව පැවසුවේ ථිත දෙස හැරෙමිනි.
ථිතගේ දෑස් පෙර පරිදිම තමා දෙසට ඍජුව යොමුවන වග සුග්‍රීව දනියි. සියලු දෙනා ථිතගේ කඩවසම් මුහුණ හා උරණ සෙයකි. ප්‍රථමයෙන් නළලෙහි කැළලක් විය. එය ද පරයා වෛශව අසපුව දැවීමේදී සවන් හරහා කොපුල් ද ගිල ගනිමින් ඇති වූ පිළිස්සුම් කැළැල තවමත් සම්පූර්ණයෙන් සුවවී නොමැත. එකී පිළිස්සුම් තුවාල කැළැල දකින සෑම අවස්ථාවක්ම පාහේ සුග්‍රීවගේ අවිහිංසික දෙනෙත් කදුළින් බර කරවා දැමී ය.

ථිත ගින්නට කොටුවද්දී තමා ඔහුව බේරාගැනීමට දැරූ වෑයම දැන සිටියේ සුග්‍රීව පමණක් විය. තමාගේ දෑසින් ගලා ගිය කදුළින්ම ඇවැසි නම් සුග්‍රීවට ගින්න නිවිය හැකිව තිබිණ. ථිත සිය දෑස් ඉදිරියේ මිය යනු නොදැකීමට සුග්‍රීව ද ගින්න මතින්ම දිවි පරදුවට තැබුවේ ය. . ථීතගේ ජීවිතය වෙනුවෙන් ඔහු ගෙවූ පූර්ණ වන්දිය සිය වම් අත විය. පිළිස්සුම් අනතුරෙන් සිය වම් අතට හානි වී වසර ත්‍රිත්වයක්ම ගතව තිබුණද තවමත් සිය වම් හස්තයේ පූර්ණ සංවේදනයන් සුග්‍රීවට අහිමි විය. ස්වේත පිරුවටයක් සේ වූ නිකැළැල් දේහයේ වම් හස්තයම දරුණු පිළිස්සුම් තුවාලයක් විසින් යට කොට තිබුණි.

🌸 දිවයුරු වෙර 🌸Where stories live. Discover now