-කවියේ තේරුම-

788 133 33
                                    

කාලදිය පොක්ඛරණයෙක සරතැස විඩා සුවණ වියැකුණ ..

අර්ථය - කළු දිය පොකුණක සරත් සමේ විඩාවෙහි සුවද වියැකිලා ගිය...

* කාලදිය පොකුණ යනු ස්‍රගීව හා ථිත දැනට රැදී සිටින ස්ථානය හා විවාහපත් ස්ථානය ද වේ. සුග්‍රීව ථිත දෙන්නම ඉන්නේ ටිකක් අමාරු කාලෙක.. වෛශව අසපුව දැවිලා.. ඉතින් ඒ විඩාව කාලදිය පොකුණට ආවාම ටිකක් අඩුවෙන්නේ , එයාලා ආරක්ෂාකාරී වෙන නිසා ටිකක් හරි.. ඉතින් එහෙම මද සැහැල්ලුවක් දැනුණ වෙලාවක....

පර්ව - ගිර අදර නිශාවර යවන රුවිචර නග්න වත්‍රයත...

අර්ථය - පර්වත ගිර අද්දර රාත්‍රියේ යෞවින රුවක් දරුන චලිත නග්න සිරුරු....

කාලදිය පොකුණේ සුග්‍රීව බලාගෙන ඉන්නේ පර්වතයක් මුදුනේ ඉදලා.. ඒ දෙන්නා ගොඩක්ම හම්බුවෙලා ඔවුනොවුන් විදින්නේ මේ සිහිල් සුළග ඇස්සේ... ඇසිල්ලක් ලැබුණ තරම් රාජකාරී නිමාකරලා ඔවුන්ගේ සොදුරු සුයාමය හැමදාමත් ලියවෙන්නේ මේ එළිමහන් පරිසරයේ....

නිලාමබරෝදයට තුෂරයෙන සකලයන් පියසරන රග ...

අර්ථය - නිල් අහසට , පිණි වැටෙන , කුරුල්ලන් පියාසර කරන විදිය...

රාත්‍රියේ ඔවුනොවුන්ගේ මොහොත විදපු සුග්‍රීව - ථිතට නැවතත් පසුදින නිල් අහස නැගෙන තුරුත් , උදෑසන පින්නෙන් නැහැවෙන තුරුත් , කුරුල්ලන් පියාඹන තුරුත් ඔවුනොවුන්ගෙන් වෙන්වෙන්න අදහසක් නැති හැඩයි....

මෙහෙසුන් පවසනුය දශක මග කෙළවර අන්තරා ඇරඹූ වග ....

මෙහෙසුන් පැවසුවා , දශකයක් ගතවූ තැන ඔවුන් දෙදෙනා තම දිවියෙහි අන්තරා කොටස ඇරඹීමට තීරණය කර වග...

සහෝදරයන් වශයෙන් උපතේ සිටම එකට හැදී වැඩී ඔවුන් දෙදෙනා තුළ ඇත්තේ නොනිම් ස්නේහය පිරී බැදීමකි.. ඔවුන් පෙම්වතුන් වන්නේ දෙවිසිවසර කාලයන්හිදිය.. ඉනුත් දශකයක්ම ගෙවී යන තුරම පෙමවතුන් ලෙස ඇසුරු කර අනතුරුව අන්තරා කොටස හෙවත් විවාහයකට එළඹුනු වග පවසයි....
.
.
.
.
.

ඉන්ද්‍ර චාපයෙක උද්වහනත හද සීසුන් මත සිදුවමි රාජ සැප නොමැති වුව...

දේදුන්නකින් මෙන් හට ගන්නා , හදවතෙහි සිහසුන මත සිදුවන්නම් ඔබව , එහි රජසැප නැති උනත්...

නාම්‍ර ලාලාටය සොමි සිපුමන්ත තියෙනෙමි
දිව්‍යශාටක නොමැති වුව...

දිව්‍ය සළුපිලි නැති වුනත් , සුමුදු නළල් තලය මත හැමදාම සිපුමන් තබන්නම්....

පරික්ෂිප්ත ස්වප්න නැති වුව ප්‍රමෝචන සුව ඇත ම' දෑත ' තර... ‍

ලස්සන ආස කරන සිහින නැති උනත් , නුඹේ නිදහස හා සැහැල්ලුව තියෙනවා මගේ දෑත් අතර....

ප්‍රත්‍යනීකයන් අතින් රකිමින් බිනර ස්වනසින් රුවිමි ජිත්වර...

සතුරන්ගෙන් බිනර කුසුම ආරක්ෂා කරන්නම් මං , සෑමදිනම ජයග්‍රාහී ලෙස ඔබව තබමින්..

ප්‍රෂ්ප්‍රභතාවෙහි දිවයුරු වෙන්නෙමි,
ධූමිකාව නුඹ වෙතින් පලවා..

මීදුමට හිරු එළිය වෙන්නම් , මං ධූමිකාව ඔබගෙන ඉවතට පලවා හරින...

සොමිසළ චල තරුකරු වෙන්නෙමි ,
නුඹ කෙරේ හුදෙකලා දුරලා...

චන්ද්‍රයා අසළ පාළුව යන චංචල තරුවක් වෙන්නම් ඔබ කේ වෙන හුදකෙළාව දුරලා...

රක්තාධ රෞෂ්ඨ නිමැයුරු වෙන්නෙමි,
ආලෙවන් නුඹ වෙතට ගෙන්වා..

රතු පැහැති දෙතොල්වල නිමයුම් කරු වෙන්නම් , ආලිංගන නුඹ වෙතට ගෙන්වලා...

යුහුව නුම සොහොයුරු ද වෙන්නෙමි.
ගිලන සිත නුඹ සුවය උදෙසා..

එලෙසම ඉක්මනින් ඔබේ සොහොයුරුද වෙන්නම් , සිත් තැවුලකදී නුඹේ සිතට සුවයක් වෙමින්...

🌸 දිවයුරු වෙර 🌸Where stories live. Discover now