Chapter 2

459 124 6
                                    


පොත පැත්තකින් තියලා සාලේ ලයිට් එකත් දාන ගමන් මම කඩාගෙන බිදගෙන දිව්වේ බෙල් එක ගහන සද්දේ ඇහිලා.....ඔව් එයා ඇවිල්ලා.....හැබැයි අද නම් ටිකක් පරක්කුයි.....

දුවගෙන ගිහිල්ලා දොර ඇරපු පාර මම පැන්නේ එයාගේ ඇගට.....කොච්චර මහන්සි වෙලා ආවත් මම හැමදාම එයාගේ ඇගට පනිනවා......

.

.

එයා මාව බ්‍රයිඩල් ස්ටයිල් එකට වඩා ගෙන එහෙම්මම ගෙනිහිල්ලා තිබ්බේ කුස්සියෙන්......
.

.

"තේ එක චිමී......."

කියලා මගේ නළලට කිස් එකක් දුන්නා.....හ්ම් ඊටපස්සෙ හැමදාම කරන්නෙත් ඒක තමා.....මොනා නැතත් එයාට එයාගේ තේ එක ඕනේ.....

"හ්ම්ම් අද විනාඩි දහයයි තත්පර තුනක් පරක්කුයි......."

මම කුස්සියේ පඩිය උඩ ඉදිද්දිම අත් දෙක බැදගෙන තරහෙන් වගේ ඇහුවේ එයා හිනාවෙනෝ කියලා දකින ගමන්....
.
.

"මොකද හිනාවෙන්නේ කිව්වේ නැත්තන් තේ නෑ........"
.

.

.

"අයියෝ විනාඩි දහයත් වෙලාවක් ද අනේ ඔච්චරටම නිදි මතයි නම් නිදා ගන්න තිබ්බනේ......."

.

.

"මන් කිව්වේ නෑනේ නිදිමත නිසා කියලා...."
.

.

"මම දැන් company එකක අයිතිකාරයෙක් නෙවෙයිනේ......අපිට වඩා ඉහළ අය කියන විදිහට වැඩ කරන්න ඕනේ........තේරෙනවනේ චිමී...."
.

.

ඇත්තටම ඒකට මට වචන පිටවෙන්නේ නෑ.....කොහොමත් ඒකට මට වචනත් නෑ......මගෙ ඇස්වල කදුලු......ඉස්සෙල්ලා ලොකු කම්පැනි එකක හිටපු අයිතිකාරයා වුනත් එයා මාත් එක්ක ආවේ ඒ සේරම දාලා විතරක් නෙවෙයි.....එයා පණ වගේ ආදරේ කරපු එයාගේ ඔම්මවත් දාලා.........

එයාගේ තිබුන සුදුසුකම් එක්ක හොද රස්සාවක් හොයාගන්න අමාරුවුනේ නැතත් එයා දැන් වෙන කම්පැනි එකක වැඩට යන්නේ තමන්ගේ තිබුන නම්බුව බල්ලට දාලා......

එයා කිව්වේ මගේ හිත රිදෙන්නේ නැතිවෙන්න.....ඒත් මගේ හිත ගොඩක් රිදෙනවා යුන්ගි......

.

.

"ඔන්න ආයි අඩන්න හදනවා....ආයිෂ් අඩන්න දෙයක් කිව්වේ නෑනේ චිමී.....මට නිදිමතයි අනේ....ඉක්මනට තේ එක දෙන්නකෝ......."
.

.

මම මගේ ඇස්වලින් ගලාගෙන ආපු කදුලු අතකින් පිහදාගෙන හිනාවෙන්න ගත්තේ පොඩි එකෙක් වගේ හැසිරෙන යුන්ගිව දැකලා........

.

.

"හ්ම්.....ඔයා වොශ්‍ එකක් දාගෙන එන්න.....මම තේ හදලා තියන්නම්...."

එයා ආපහු මගේ නළලට කිස් එකක් දීලා කාමරේට ගියා...මාත් ඉක්මනටම එයාගේ තේ එක හදන්න ගත්තා........

මම මගේ ජීවිතය වෙනුවෙන් ගත්තේ හොදම තීරණය වුනත් එයාගේ පැත්තෙන් බලද්දි ඒ ගත්ත තීරණේ හරිද..............

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

Next chapter 👇

~Is The Decision Correct???~(Short Story)Where stories live. Discover now