Chapter 5

366 116 5
                                    


"ඔයා දන්නවා ඇති නේද ජන්කුක් ටේ එක්ක ගිහිල්ලා කියලා........"

.

.

වැඩට යන්න ඉන්න යුන්ගිගෙන් මන් ඇහුවේ එයාගේ බෑග් එක අතට දෙන ගමන්..........

"ආ.......ඔව්......මට ඔයාට කියන්න අමතක වුනා....."

.

.

"ඇයි ඒක එච්චර ගානක් නෑ වගේ හැසිරෙන්නේ..... ඔයාලා දෙන්නම මෙහෙම ගියොත් business බලාගන්නේ කවුද......."

.

.

"මොනා කරන්නද චිමී......දන්නවනේ අප්පා ගැන.....එයා ලේසියෙන් එයාගේ තීරණ වෙනස් කරන කෙනෙක් නෙවෙයි.....එයාටම දවසක තේරෙයිනේ.......එතකන් අපි ඉවසමු....."

.

.

මේ දවස්වල යුන්ගිගේ කිසිම හැගීමක් නෑ......ඒත් එයා ඒක මට කිව්වේ මගේ හිත රිදෙන්නේ නැතිවෙන්න මගේ තොල්වලට සියුම් හාදුවක් දෙන ගමන්...

.

.

"යුන්ගි......ඔයා මාත් එක්ක ආපු එක ගැන පසු තැවෙනවද......"

.

.

මම හිතලා හිතලා බැරිම තැන ඇහුවේ හදිස්සියේ ඒක නිසාවත් ද යුන්ගි මෙහෙම වෙනස් වුනේ කියලා......

.

.

"ඇයි එහෙම අහන්නේ........"

.

.

"අහ් නෑනේ...එහෙනම් හරි...කෝ යන්න දැන් පරක්කු වෙලා......"
.

.

මම එහෙම කියලා එයාගේ පිටිපස්සෙන් තල්ලු කර කර දොර ගාවටම ගෙනිහිල්ලා එළියට ගියපු ගමන් දොර වැහුවේ යුන්ගි මේ මොකෝ මේ වුනේ වගේ ලුක් එකකින් බලනකොට.........

.

.

දොර වහපු ගමන් මම දොර දිගේ රූටලා ඇවිල්ලා බිම ඉදගත්තේ ඉබේටමයි..... යුන්ගි යනකන් හිරකරගෙන ඉදපු කදුලු ඒ වෙලාවේ හෝ ගාලා මගේ ඇස්වලින් කඩාගෙන වැටුනා..........

.

.

"එහෙනම් චිමී මම ගිහින් එන්නම්..... පරිස්සමින් ඉන්න......."

.

.

දොරේ එහාපැත්තෙන් ආපහු යුන්ගි කතා කරේ මම අඩනවා කියලා නොතේරෙන විදිහට "හා පරිස්සමින් ගිහින් එන්න" කියලා කියද්දි.....

.

.

මට ඇඩුනේ මම අහපු ප්‍රශ්නෙට මට ඒ වෙද්දි හරියටම උත්තරේ ලැබිලා ඉවරයි......මොකද මම හිතුවේ මම එහෙම ඇහුවහම එයා මගේ කම්මුලට ගහයි කියලා.......ඊට පස්සේ මම අඩනකොට මම කවදාවත් ඔයත් එක්ක ආපු එක ගැන පසුතැවෙන්නෙ නෑ කියලා මාව තුරුල් කරගනී කියලා........

.

.

එහෙනම් ඒකද යුන්ගි මේ විදිහට හැසිරුනේ.........

ඔව්......එයා පසුතැවෙනවා.......එයා ගත්තු තීරණේ ගැන පසුතැවෙනවා......

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

Next chapter 👇

~Is The Decision Correct???~(Short Story)Where stories live. Discover now