Final Chapter

567 124 125
                                    


After 5 years

"ඕයී බනී අන්තල්....තෙල්ලම් කලන්න එනවද නැත්ද........."

.

.

"අයියෝ ටේ බේරගනියෝ මෙන්න මේ යකා මගේ බෙල්ල කනවා......."

.

.

"කුකී ඔහොමද ළමයින්ට කතා කරන්නේ.....කෝ එන්න බබා ටේටේ අන්කල් එක්ක සෙල්ලම් කරමු......."

.

.

"බැහ් බැහ් මත බනී අන්තල්ගේ දත් දෙක ගලෝලා ඕනි......."

ජන්කුක් බය වෙලා එකපාරටම එයාගේ කට අතින් වහගත්තේ ඒකත් කරන්න බැරි නෑ වගේ කොල්ලා දිහා බලද්දි.....

.

.

.

මම හිනාවෙවී බලාගෙන හිටියේ මේ නාඩගම් මඩුව දිහා...... කුරුලු කූඩුවෙන් එහා ලෝකේ දකින්න පියාඹන්න බැරුව හිටිය ලස්සන පොඩි කුරුලු පැටව් ටිකකට පියාඹන්න කියලා දෙන පුංචි කැදැල්ලක්........තමන්ගේ දෙමව්පියෝ කවුද කියලවත් දන්නේ නැති හය හතර නොතේරෙන මල් වගේ පුංචි පැටව් ටිකක් ඉන්න ලස්සන ලෝකයක් මේක......ඔම්මා කෙනෙක්ගේ ආදරය කියන්නේ ජීවිතේ කෙනෙක්ට ලැබෙන්නම ඕන දෙයක්.........මේ පැටව් ටිකට තමන්ට කිසිම දෙයක් නොතේරෙන කාලෙමයි එයාලගේ ඔම්මාගේ ආදරේ අහිමි වුනේ.....ඒ අහිමි වීම ගැන කාටත් වඩා හොදට මම දන්නේ මගේ ජීවිතයේ දෙපාරක්ම මම ඒ සෙනෙහස අහිමි කරගත්ත නිසා.......මෙලොවට බිහි කරපු මව කවුද කියලවත් දන්නේ නැතුව ජීවත් වුනත් පස්සෙ කාලෙක මට මගේම ඔම්මා කෙනෙක් වගේ ගැහැනියක් හමුවුනා........ඒත් මම පසුතැවෙනවා මගේ ජීවිතේ හිටපු එකම ඔම්මටත් මට හොද පුතෙක් වෙන්න බැරිවුනා.....එයාගේ තිබුන ලොකු හීනයක් අද අපි මේ සැබෑ කරලා ළමා නිවාසයක් හදලා තියෙන්නේ............

ඒත් ඉන්න තැනක ඉදන් මේ දිහා බලලා එයා ගොඩක් සතුටු වෙනෝ ඇති..........

.

.

"හුවෑ..............හුවෑ.............හුවෑ..........."

මම ගැස්සිලා පියවි සිහියට ආවේ ළමයෙක්ගේ විලාපෙකට......එකපාරටම මරහඩ දීලා අඩන සද්දයක් ආවේ සෝෆා එකේ නිදාගෙන හිටපු යුන්ගි උඩ ගිහිල්ලා ඇහැරෙද්දි...........මම ඒ පොඩි බබා ළගට ගියේ හිනාවෙන ගමන්....ඒ හුරතල් මූණු දකිද්දි දුක සේරම අතුරුදහන් වෙන්නේ ඉබේටමයි.........

~Is The Decision Correct???~(Short Story)Where stories live. Discover now