Chapter 3

373 118 2
                                    


මේ දවස් ටිකේම එයා ගොඩක් පරක්කුයි.....මට එයාගේ අමුතු වෙනසක් තේරුනත් එයා ඒක නොපෙන්නා ඉන්න ගොඩක් ට්‍රයි කරනවා කියලත් මට හොදට පෙනුනා........

එයා වගේ ලොකු පෝසත් පවුල් පරිසරයක හැදුන කෙනෙක් මෙහෙම ජීවත් වෙන්න ඕන ද.....මං වගේ කෙනෙක් වෙනුවෙන් සේරම දමලා ගහලා ආවේ එයාගේ අප්පාගේ දැඩි විරෝධය මැද.........

මට ඔම්මාගෙයි අප්පාගෙයි ආදරේ ලැබුනේ නැති එක ඇත්ත......ඒත් ඒක විදින කෙනෙක්ගෙන් මන් ඒ ආදරේ උදුර ගත්තද......

.

.

මම අදත් පියවි සිහියට ආවේ ගෙදර බෙල් එක ගහන සද්දෙ ඇහිලා....මම එතනට ගියා.....ඒත් වෙනදා තිබුන හැගීම් අද තිබුනේ නෑ.......මම එයාගේ ඇගට පැන්නෙත් නෑ........

.

.

"මොකෝ චිමී මේ......."
.

.

"නෑ මුකුත් නෑ......මන් තේ එක හදන්නම්...."

එයාට සැකයක් නොහිතෙන්න මම හිනාවෙලා ගියේ කුස්සියට....ඒත් මම දැක්කා එයා මන් දිහා බැලුවේ ඇහිබැමක් උස්සලා......

.

.

එයා වොශ් දාගන්න ගියහම එයාගේ ෆෝන් එකට කෝල් එකක් ආවා..... සේව් කරලා නැති නම්බර් එකක්.....ගන්නවද නැද්ද කියලා හිතලා ආන්සර් කරන්න යද්දිම..................

.

"චි.....චිමී.......තේ එක හැදුවද....."
.

.

"ආ....මේ ඔයාට කෝල් එකක්......"

.

.

"ආ..හ් කෝ දෙන්න......."

.

.

මන් එයාට ෆෝන් එක දීලා ආපහු කුස්සියට ගියා.....එයා ෆෝන් එකත් අරගෙන එළියට ගියා......අනේ මන්දා එයාට මොකක් හරි කරදරයක්වත් ද.....

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

Next chapter 👇

~Is The Decision Correct???~(Short Story)Where stories live. Discover now