Chapter 2

1K 204 1
                                    


මම එලියට එනකොට අම්මයි තාත්තායි අයියයි මම එනකම් බලාගෙන හිටියා..

" මගේ හොද පුතා...."

ඒ මගේ අම්මා....අපි දෙන්නා හැමදාම මූණට මූණ බලන්නේ ලොකු හිනාවකින්...අම්මා හැමවෙලේම කියන්නේ සිනහව ප්‍රේමයේ ආරම්භය කියල....හිනාවත් එක්කම අම්මා මට මාලයක් දුන්නා...

මම ඒක අරගෙන පැත්තකට වුණේ මවාගත්තු හිනාවක් එක්ක...මොකද මට මේ කවදාවත්ම දැකල නැති කෙනෙක් ලගට යන එකේ කිසිම සතුටක් තිබ්බේ නෑ..

අයියා දොර ගාව ඉදල මගේ පිටට තට්ටු කරල කිව්වේ එක දෙයයි...

"එහේ කිසිම කෙනෙක්ට තුවාල කරන්න උත්සාහ කරන්න එපා..."

" කියන්න බෑ..."


මම එහෙම කියල ගෙදරින් එලියට බැස්සා..

අපේ සමුගැනීමෙන් පස්සේ මම වාහනේ පිටිපස්සේ ෂීට් එකෙන් ඉදගෙන ගෙදර අතුරුදහන් වෙනකම්ම බලාගෙන හිටියේ මට හැමෝවම මගහැරුණු දුක නිසාමයි...

වාහනය ගියේ ගම්බද පැත්තකින්.. මම ජනේලයෙන් පිටත බලාගෙන ගියා... ඉර ලස්සනට බැබලුවත් මගේ හදවත නම් කුණාටුවක් වෙලා තිබුණේ...

මගේ මේට් ව තව ටිකකින් හම්බවෙනව කියල මතක් වෙද්දිත් මට දැනෙන්නෙම මහ අමුතු හැගීමක්..

වැඩිවෙලා යන්න කලින් අපි ලොකු ගෙයක් ගාවින් නැවැත්තුවා... මනුස්සයෙක් අපි එනකම් සාලේ ඉදගෙන බලාගෙන හිටියා...
.

ඒ මනුස්සයයි අපේ තාත්තා යි ඈත ඉදන්ම අත වනලා සතුට බෙදාගත්ත....

ඒ අතරේ එතන තිබුණ පොඩි ඇද උඩ මැදිවියේ ගැහැණු කෙනෙකුයි තරුණ ගෑනු ලමයෙකුයි තවත් ඒ වයසෙම පිරිමි කෙනෙකුයි හිටියා...ඒ පිරිමි කෙනා තමන්ගේ කකුල් හූර හූර හිටියේ...

මට හිතුනේ නම් ඒ ඉන්නේ ජීසෝ කියල... .ඒත් එයා මං තරන් මේ ගැන කලබල වෙලා නෑ වගේ තමයි පේන්න තිබ්බේ...

ඒක හරියට භූත මන්දිරයක් වගේ කිසිම සද්ද බද්දයක් නෑ...ඒත් ජීසෝ එක මොහොතින් ඒ පාලු ගතිය බින්දා....

" ඔයා මම හිතුවට වඩා ලස්සනයි.."

ඒ වචනවල මහ වංක බවක් වගේම බලාපොරොත්තු නැතිවිමේ ගතියක් තිබ්බේ...ඇත්තටම ඒකට එයාට දොස් කියන්නත් බෑ..මොකද මේක අපේ කැමැත්තෙන් වෙන දෙයක් නෙවෙයි..

BaD MaTe 💋 ( Completed Taekook ) Where stories live. Discover now