Chapter 15

702 180 0
                                    


" ටේහියුන්ග් මම ඔයාට තව කීපාරක් කියන්න ඕනේද..ඔයා විතරයි මාව විශ්වාස කලේ..දැන් ඔයත් මාව සැක කරනවද "

මම වේගෙන් කැලේ ගස් අතරින් දුවගෙන ගියා..මගේ වෘකයත් මං වගේම ගොඩක් කලබල වෙලා හිටියේ..ජෙනී අතුරුදහන් වෙලා නිසා මම එයාව හොයන්න ඕනේ වුනත් මට දැනුණ දුක නිසාම මම වේගෙන් කැලේ පුරා දිව්වා

"මම ආයෙත් ගෙදරට යන්න ඕනේ...ලීසා ට පරාදවෙන්න වුනත් මට කමක් නෑ..මාව සැක කරන පැක් එකක මට එක විනාඩියක්වත් ඉන්න ඕනේ නෑ..කමක් නෑ මම මගේ ජීවිත කාලේම තනියම ඉන්නවා.."

එහෙම හිතාගත්ත මම Blood Moon pack එකයී අපේ Kristal Pack එකයි අතර මායිමට ගියා..මම මායිම පයින්න හිතාගෙන අඩිය තියද්දිම හයිය අතක් මාව අල්ලගත්තා

"ඔයාට ඕනේ මේ ප්‍රශ්නෙන් පැනල යන්නද.."

" ජිමින්...ඔයා...ඔයා මගේ පස්සෙන් ආවද..."

"ඉස්සෙල්ලම කියන්න ඕනේ මට ඔයාව විශ්වාසයි..ඒ වගේම තමයි අපේ අයියටත් ඔයාව හොදටම විශ්වාසයි..ඒත් එයාට Pack එකට විරුද්ධව යන්න බෑ..මොකද හැම සාක්ෂියක් ම තියෙන්නේ ඔයාට විරුද්ධව ...ඒ වගේම තමයි දැන් අතුරුදහන් වෙලා තියෙන්නේ ටේහියුන්ග් ගෙයි මගෙයි දෙන්නගෙම නංගි...ජෙනි නැතිවුණ නිසා එයා ඉන්නේ තරහෙන්..ඔයු එයා කියන දේවල් හිතට ගන්න එපා..අපිට ජෙනී හොයාගන්න උදව් කරන්න "

" ජිමින්..මම කොහොම උදව් කරන්න ද..මම
එහෙම කරන්න හැදුවත් පැක් එකම මං දිහා බලන්නේ සැකෙන්..ජෙනි නැතිවුණ නිසා සුගා පවා මාව මරන්න බලාගෙන ඉන්නේ "

" සුගා ගේ දුක සාධාරණයි...එයාට නැතිවුණේ එයා ගේ මේට් නේ...මම ඔයාට උදව් කරන්නම්..ඔයා අපි හරි කියල ඔප්පු කරමු.."

මගේ වෘකයාට ආයේ ටේහියුන්ග් ලගට යන්න ඕනේ වුනත් මගේ හිත නම් තාම එකතැනක නෑ...ඒත් ජිමින් ගේ ඉල්ලීම හින්දම මම ආයේ Blood Moon pack එකට යන්න තීරණය කලා..

මම යන අතරමග දී මට කලන්ත ගතියක් දැනුනත් මං ජිමින් එක්ක වේගෙන් දුවගෙන ගියා..මම කාමරේට යනකොට ටේ මගේ දිහා බලාගෙන හිටියේ කේන්තියෙන්

" ඔයා කොහෙද ගියේ...එලිය අනතුරුදායකයි..මම කිව්වා නේද යන්න එපා කියල.."

BaD MaTe 💋 ( Completed Taekook ) Where stories live. Discover now