Chapter 13

684 173 1
                                    


මම ටේ හියුන්ග් ගේ ඇද උඩ ඉදගෙන මගේ රෙදි ටික නැමුවා...මගේ ඇදුම් අතරේ තිබිල මට හම්බවුනේ මායි අයියයි ඉන්න පින්තූරයක්


ඇත්තටම ටේහියුන්ග් ට ලීසා දීපු කිස් එක නිසා අයියයි ලීසයි අතරේ මොනව වුනාද දන්නේ නෑ...එයාල රණ්ඩු වුනාද...වෙන් වුනාද...ප්‍රශ්නේ විසදගත්තද....මම ඒ කිසි දෙයක් දන්නෑ නෑ...අයියට නරකක් වෙනවට මොන මල්ලි ද කැමති...

මම මේ දේවල් ගැන හිත හිත ඉද්දි ටේහියුන්ග් කාමරේට ආවා...


" ටේ ඇත්තටම ඔයාට කෙල්ලෝ කීදෙනෙක් හිටියද..."

"මට ඒ අතීතේ ගැන කතා කරන්න ඕනේ නෑ ජන්ග්කුකී..ඇත්තටම ඒ කාලේ මට කෙල්ලෙක් කියන්නේ වටිනාකමක් නැති දෙයක්....මට ඕනේ වුනාම පාවිච්චි කරල අතහැරල දාන දෙයක් විතරයි...ඒ හින්දා ඒවා ගැන අහන්න එපා.."


හරි එහෙනම් ඔයා මට මේක කියන්නකෝ....ඔයා මේ වෙන දේවල් වලට රෙඩී ව සැක කරන්නේ නැද්ද...මම එන්න කලින් අන්තිමට ඔයාට සම්බන්දේ තිබ්බේ එයත් එක්ක...මෙහේ එයා ඇරෙන්න මට වෙන තරහකාරයෝ නෑ..."


" මෙහෙමයි ජන්ග්කුකී...රෙඩී ඔයාට ඊරිසියයි කියන එකට මම එකගයි...ඒත් එයාට හිමෝෆෝබියා තියනවා....එයට ලේ දිහා බලන්න බෑ...ඒකෙන් එයා මැරෙන්න වුනත් පුලුවන්...ඉතිං එහෙම කෙනෙක් කොහොමද මිනිස්සු මරන්නේ..මට නම් හිතෙන්නේ නෑ.."


මම එකපාරටම ටේ ගේ පපුවට තුරුලු වුණා....ඇත්තටම ලොකු වෛරෙකින් හිටපු අපි දෙන්නා මෙච්චර ලං වුනේ කොහොමද...එයාගේ රස්නේ මට ලොකු සැපපහසුවක් ගෙනාවා...අපි දෙන්නාම ඇස් දෙක පියාගෙන නිදාගත්තා...ඒත් එක තත්පරයෙන් ටේහියුන්ග් ගේ හදවත වේගෙන් ගැහෙන්න අරන් එයා එකපාරටම ඇහැරුණා...


" තව කෙනෙක් මරල දාල.."


එකපාරටම නැගිටපූ ටේ එයාගේ ඇදුම් ඇදගත්තා..මමත් එයා පස්සෙන් දුවගෙන ගීයා...ඒ වෙනකොටත් එතන මිනිස්සු පිරිල හිටියා..


"මොකද වුණේ මෙතන.."

" මමයි මගේ මේටුයි නිදාගන්න හදනකොටම අපිට කෑගහන සද්දයක් ඇහුනා...ඒ නිසයි අපි මෙතනට දුවගෙන ආවේ...එතකොටම මිනීමරුවා පැනල ගියා..මම දැක්කේ එයාගේ දුඹුරු කෙස් කලඹ විතරයි..."

BaD MaTe 💋 ( Completed Taekook ) Where stories live. Discover now